භි ක්ෂු ශාසනය අපකීර්තියට පත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිය...
භික්ෂු ශාසනය අපකීර්තියට පත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
භික්ෂූන් වහන්සේලාට අගෞරවයක් වන ආකාරයට රන්ජන් රාමනායක අමාත්‍යවරයා සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ ප්‍රකාශ කළේ පාක්‍යසෝති සරවණමුත්තු අස්ගිරි නාහිමියන්ට දොස් නගමින් සිදුකළ ජවනිකාවේ දෙවන කොටස් රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් සිදුකරමින් පවතින බවයි.
එසේම ‘‘අපි මේක ලේසියෙන් අත අරින්නෙ නෑ, මේ ගැන ඇමති අකිලගෙන් ඇහුවම එයා කිව්වා පිස්සෙක් කියලා. පිස්සෙක්ව ඇයි සිරිකොතේ තියන් ඉන්නේ. මේකට සිරිකොත වග කිව යුතුයි.’’ යනුවෙන්ද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළා.

COMMENTS