ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. අද දින (5) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ ප...
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
අද දින (5) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ පරිගණක පද්ධතිය බිදවැටීම හේතුවෙන් එක්දින ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සේවාව තාවකාලිකව අක්‍රිය වී ඇති බව එහි කොමසාරින් විසින් ප්‍රකාශයට පත්කොට ඇත.
මෙලෙස පරිගණක පද්ධති බිදවැටි සේවා අක්‍රියවීම රටේ සමස්ත ආර්ථිකයටම බරපතල ආකාරයේ බලපෑමක් ඇතිකළ හැකි බැවින් ඉදිරියේදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ පමණක් නොව අනෙකුත් සියලුම සේවා සපයන රාජ්‍ය ආයතන වල සේවා කිසිදු බාධාවකින් තොරව ජනතාවට ලබාදීමට ඒ ඒ රාජ්‍ය දෙපාර්තුමේන්තු හා ආයතන වල උපස්ථ පරිගණක පද්ධතියක් (Backup System) පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අදාළ දෙපාර්තුමෙන්තුවල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
තවද අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් සිදුකල සොයාබැලීමකදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවිය (drp.gov.lk) යල්පැනගිය වෙබ් අඩවියක් බවට හදුනාගැනීමට හැකිවුන අතර මෙම වෙබ් අඩවිය සතුව SSL Encryption ආරක්ෂණ සහතිකය නොහොත් HTTPS නොමැති නිසා මෙම වෙබ් අඩවියට පිවිසෙන පුද්ගලයන්ගේ දත්ත හැකර් ග්‍රහණයට නතුකර ගැනීමට ලෙහෙසියෙන්ම හැකිය.
තවද මෙම වෙබ් අඩවිය නිර්මාණය කල පුද්ගලයා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ යොමුවක් (Link) එම වෙබ් අඩවියේ පහල සදහන් කිරීම පිලිබදව ගැටලුවක් පැනනැගෙන අතර රාජ්‍ය දෙපාර්තුමේන්තුවකට අයත් වෙබ් අඩවියක් තම පෞද්ගලික ව්‍යාපාර කටයුතු සදහා යොදාගැනීම රාජ්‍ය දේපල අවභාවිතය යටතේ දඩුවම් ලැබියහැකි වරදක.
මේ පිලිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවිය නිසි ආකාරයෙන් මනාව සකස්කොට යාවත්කාලීන කරන ලෙසත් අප පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

COMMENTS