ඇ මති ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නායකයින් නියෝජනය කරන පක්ෂ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධානත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම මුස්ල...
ඇමති ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නායකයින් නියෝජනය කරන පක්ෂ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධානත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම මුස්ලිම් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සාකච්ඡාවක් ඇතැයි වාර්තා වේ. අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට රිෂාඩ් බදියුදීන් මහතාට බලපෑම් එල්ල වෙද්දී මුස්ලිම් ජනතාව නියෝජනය කරන සියලු අමාත්‍යවරුන් පක්ෂ භේදයෙන් තොරව ඇමතිකම්වලින් ඉල්ලා අස්වූයේ මෙහි මූලාරම්භයක් ලෙස බව මුස්ලිම් කොංග්‍රසයේ නායකයා සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.
තමන්ට එවැනි සාකච්ඡා වලට එක්විය නොහැකි නිසා ජාපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා පසුව යළි අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් බව ද මේ අතර වාර්තාවේ.
වෙනම මුස්ලිම් අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජයග්‍රහණය කළ නොහැකි බව පැහැදිලිවුවත්, ජයග්‍රහණය කරන අපේක්ෂකයා මුස්ලිම් ජනතාවක් ඇති බව සඳහන් වේ.
ජනාධිපතිවරණය ආසන්න වෙද්දී සිය අපේක්ෂකයා ඉවත් කරගෙන ජයග්‍රහණය කරන අපේක්ෂකයාට සහාය දීම හෝ සිය අපේක්ෂකයාට ඡන්දය දෙන ජනතාවගේ දෙවැනි මනාපය එම අපේක්ෂකයාට ලබාදීම යන විකල්ප සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කරමින් සිටින බවද පැවසේ.
මේ අතර, පසුගිය කාලයේදී ජනපති හා අගමැති සමග මුස්ලිම් රටවල තානාපතිවරු කළ සාකච්ඡාවලදී ඔවුන්ගේ වැඩි අවධානය යොමුව ඇත්තේ මෙරට මුස්ලිම් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බවද පැවසේ.
මූලාශ්‍රය රාවය

COMMENTS