උ තුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වෙහෙර විහාරස්ථාන සදහා කිසිදු සැලකිල්ලක් නොදක්වන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අග්‍රාමාත්‍ය ර...
උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වෙහෙර විහාරස්ථාන සදහා කිසිදු සැලකිල්ලක් නොදක්වන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව පොරොන්දු වී තිබෙන බව හෙළ ජන බලය සංවිධානයේ කැදවුම්කරු නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සදහන් කළේය.
නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම නොකරන ලෙසට පොලිසිය මගින් බලපෑම් එල්ල කිරීම පිළිබදව අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් බැල්ලන්තුඩාව මහතා මෙම අදහස් පළකළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා..
කොළඹ ඉදල රටේ එ්කීය භාවය ගැන බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතුබවට කෑගසන කිසිදු පුද්ගලයෙක් නයාරු විහාරස්ථනය පිළිබදව පැත්තවත් හැරිලා බලලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය බුද්ධ ශාසනය කියන කාරණයට සංඝරත්නය /බෞද්ධ වෙහෙර විහාර /වත් පිලිවෙත් සියල්ල අයිතියි. වස් ආරාධනාව කියන්නේ බෞද්ධ සම්ප්‍රදායේ වැදගත් අංගයක්. ඒ සම්ප්‍රධායන් වගේම බෞද්ධ උරුමයන්ට හානිවන ලෙසට නීති පනවන්න සීමා පනවන්න පොලිසියට බැහැ.
මාධ්‍ය මගින් වාර්තා වනවා මුලතිව් පොලිස් අධිකාරීවරයා මේ වස් පිංකම් මාලාව කරන්න දෙන්නෙ නැහැ කියල . ඔහු කියා තිබෙනවා එහෙම උනොත් මහාධිකරණයේ තීන්දුව දරුණු වෙයි කියල. අධිකරණයේ තීන්දුව ගැන අනාවැකි කියන්න උන්නැහෙට තියෙන බලය මොකක්ද . ඒවාගේම ඔහු මේ සිද්ධිය වාර්තා කරල තියෙන මාධ්‍යවේදියාට උසාවි ගෙනියනව කියල තර්ජනය කරල තියෙනවා.
උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය රකින්න බුද්ධ ශාසන අමාතයාංශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසිය කටයුතු කරන්නේ නැත්නම් අපි ඒ වෙනුවෙන් සිංහල බෞද්ධයන් පෙලගස්වන බව සදහන් කලේය.
එමෙන්ම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදියු යුතු බවට ලියවිලා තිබුණ පමණට බෞද්ධ උරුමය රැකෙන්නේ නැහැ. ඒ සදහා මහ පොලවේ අපේ උරුමට ආරක්ෂා කරගත යුතුයි.
බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වියයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යාංශය අද නිහඩයි. පුරාවිද්‍යා කොමසාරිස්තුමා උතුරු නැගෙනහිර පුරාවිද්‍යා නඩුවක් සදහා උසාවිට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නෙ මරන්න ගෙනියන හරකෙක් වගේ.
අපි ජනාධිපතිතුමාට කියනවා මේ එතුමාගේ අවසාන කාලය යන තැනකට වැඩක් කරගන්න හරි මෙම ගැටලුවට මැදිහත් වෙලා අපේ උරුමය රැකගන්න ඉදිරිපත් වෙන්න කියල. ඒ වගේම විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයටත් කියනවා හැංගිහොරා ගේම් ගහන්නේ නැතිව මේ අපේ උරුමය රැකගැනීමට වැඩපිළිවෙලක් ප්‍රකාශ කරන ලෙසට. යනුවෙන්ද බැල්ලන්තුඩාව මහතා තවදුරටත් අදහස් දක්වන ලදී
මෙම මාධ්‍ය හමුව සදහා නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරධිපති කොළඹ සද්ධර්මකිත්ති ස්වාමීන්වහන්සේ ගුරුකන්ද රජමහා විහාරයේ දායක සභාවේ ලේකම් බන්දුල ලියනගේ / නීතීඥ රෝහණ තල්පාවිල හෙළ ජන බලය සංවිධානයේ මධ්‍යමණ්ඩල සභික මතුගම සෙනෙවිරුවන් යන මහත්වරු අදහස් දැක්වූහ.
– HJB MEDIA

COMMENTS