දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තෙල් අර්බුදය හැදුවේ ගන්වර්?
Homeප්‍රවෘත්ති

තෙල් අර්බුදය හැදුවේ ගන්වර්?

PropellerAds

පෙට්‍රල් අර්බුදයට හේතුවී ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පෙට්‍රල් සැපයුම ලබාදෙන රුසියානු සමාගමක් වන ගන්වර් (Gunvor) සමාගමට අයත් නෙවෙස්කා ලේඩ...

අන්තරේ - මහින්ද පිලේ දිනේෂ් සමග විශේෂ සාකච්ඡාවක 
බැඳුම්කරයෙන් මිලදී ගත් දේපළ රජයට පවරා ගැනීමට යයි
බැඳුම්කර විවාදයට මහින්ද ඇවිත් නෑ

පෙට්‍රල් අර්බුදයට හේතුවී ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පෙට්‍රල් සැපයුම ලබාදෙන රුසියානු සමාගමක් වන ගන්වර් (Gunvor) සමාගමට අයත් නෙවෙස්කා ලේඩි (Neverska Lady) නෞකාව පැමිණීමට ප්‍රමාදවීම බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

අදාළ සමාගම සිය සැපයුම් ප්‍රමාද කළ පළමු අවස්ථාව මෙය නොවන බවද වාර්තා වේ.

ගන්වර් (Gunvor) සමාගම නෙවෙස්කා ලේඩි (Neverska Lady) හට ඉන්ධන පැටවීම සිදු කළ යුතුව තිබී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 26 වැනිදා වන අතර ඒ අනුව එය ලංකාවට නොවැම්බර් 02 වැනිදා සේන්දුවීමට නියමිතව තිබිණි.

ගන්වර් (Gunvor) නෙවෙස්කා ලේඩි (Neverska Lady) හට ඉන්ධන පටවා ඇත්තෙ පසුගිය නොවැම්බර් 01 වැනිදාය ඒ අනුව අදාළ නැව ලංකාවට සේන්දුවී ඇත්තේ දින 6ක් ප්‍රමාද වීමෙන් පසුවය.

කෙසේවුවද, ලංකා ඛනිජ තෙල් සංස්ථාට ඉන්ධන රැගෙන පැමිණෙන නෞකා සම්බන්ධයෙන් වන කාල සටහන් හා අදාළ කටයුතු සිදුකරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වානිජ අංශය විසින් වන අතර මේ පමාවේ වගකීම ඔවුන් මතද පැටවෙන බව පැවසේ.

තෙල් තොග නැතිවුණේ ඇයි ?

ලංකා ඛනිජ තෙල් සංස්ථාව දින 30කට ප්‍රමාණවත් තෙල් තොග තබා ගතයුතුවුවත්, මේවර එවැනි තෙල් තොගයක් නොමැතිවීමද මේ අර්බුදයට තවත් හේතුවකි.

තෙල් තොග තබා ගැනීමට නොහැකිවූයේ විදෙස් මුදල් සංචිත නොමැතිවීමෙන් බවට මාධ්‍ය වාර්තා පලවුවද අප කළ සොයා බැලීමකදී හෙළිවූයේ ඉන්ධන නැවක් වෙනුවෙන් ගෙවීම් කිරීමට දින 180ක කාලයක් ලැබෙන බවයි.

කෙසේවුවද, විදුලි අර්බුදයක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින කිහිපයක් අක්‍රියව පැවතීමද තෙල් අර්බුදය උග්‍ර කිරීමට හේතුවූ බව පැවසේ.

LIOC බාල තෙල් නැව තවමත් ත්‍රී’මලේ

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ගෙන්වන ලද බාල පෙට්‍රල් සහිත නැව තවමත් ත්‍රී’මලේ නැංගුරම් ලා තිබෙන බවද මේ අතර වාර්තා වේ.

එම සමාගම අදාළ නැව ගෙන්වා ඇත්තේ Total නැමැති සමාගමින් බවද පැවසේ.

ඉන්දියන් ඔයිල් කියන ෆිල්ටර් කතාවේ සත්‍ය

ඉන්දියන් ඔයිල් සමාගම අදාළ බාල තෙල් ෆිල්ටර් කළේ නම් බෙදා හැරීමට තිබූ බවත්, එය සිදු නොකළේ ඛනිජ තෙල් සංස්ථාව විසින් බවටත් කරන චෝදනාවේ තවත් පැත්තක් ඇති බවද වාර්තා වේ.

මෙසේ ඉන්ධන ෆිල්ටර් කිරීම සිදු කළ යුතු වන්නේ නැවකින් නැවකට බව (Ship to Ship) ක්‍රමවේදයට බව පැවසේ.

අදාළ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ලංකාවේ පහසුක්ම් නොවන බවද වාර්තා වේ. ලංකාවේ වරායක එවැන්නක් සිදු කිරීම විශාල විනාශයකට අතවැනීමක් බවද වාර්තා වේ.

එවැන්නක් කිරීමට හැකි ලංකාවට ආසන්නම රට වන්නේ මාලදිවයින බවද මේ අතර වාර්තා වේ.


අද ඉන්දියාවත් තෙල් නැවක් දෙයි

ශ්‍රී ලංකාවේ පෙට්‍රල් බෙදාහැරීමේ තිබෙන ගැටලුකාරී තත්ත්වය සමනය කිරීම සඳහා ඉන්දියාව සිය උපරිම සහාය දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇතිවූ දුරකතන සංවාදයකදී ඔහු මේ බව සඳහන් කර ඇත.

එයට විසඳුම් වශයෙන් පෙට්‍රල් කිලෝ ලීටර් 21000ක් රැගත් නෞකාවක් අද (09දා) ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය රජය කටයුතු කර තිබේ.


එසේම ඉන්දීය තෙල් සමාගම සතුව තිබූ පෙට්‍රල් කිලෝ ලීටර් 3500ක්ද වහාම නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තෙල් අර්බුදය හැදුවේ ගන්වර්?
තෙල් අර්බුදය හැදුවේ ගන්වර්?
http://ift.tt/2hUU5MA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_228.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_228.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy