‘රටේ ජනතාවගේ ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය දිය යුතුයි. යුද්ධය අවසන් කර වසර 10 ක් පිරීමට මාසයකට පෙර මුළු ලංකාවම භීතියට පත්කළා. ...
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මිනුවන්ගැටේ වේරහැරයාගම ශිවකාලීශ්වරම් දේවස්ථාන භූමියේ ඉදිකළ සර්වඥධාතු මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා,
‘අපි වැඩකළේ ඉදිරි අනාගතය ගැන බලලා. අපෙන් පළිගන්න ගිහින් අන්තිමට මෙම ආණ්ඩුව ජනතාවගෙන් පළිගන්නවා. ජනාධිපති අගමැති කඹ අදිනකොට රටකට ඉදිරියට යන්න බැහැ.
අද විවිධ ගිවිසුම් අත්සන් කරනවා. රටක ස්වාධීනත්වය නැතිකරන්න බැහැ. අපි නිදහස ලබපු රටක්, මෙම ඉඩම් ඔබෙන් පස්සේ ඔබේ දරුවන්ට හිමිවිය යුතුයි. බටහිර ජාතීන්ට අයිති වෙන්න දෙන්න බැහැ. එම අවස්ථා වෙනස්කර විකුනන්න ඉඩම් බැංකු සෑදීමට රජය කටයුතු කරගෙන යනවා. අපි මේවාට විරුද්ධයි. අනාගත පරපුරේ අයිතියයි මේ නැතිකරන්න යන්නේ’
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාලින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශණ යාපා, ටී. බී. ඒකනායක, එස්. බී. නාවින්න හිටපු අමාත්‍ය ජයරත්න හේරත් හා දේවස්ථානයේ ප්‍රධාන පූජක ප්‍රියලාල් විජිත කුමාර යන මහත්වරුන්ද එක්විය.
– MR midea

COMMENTS