දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මරණ දඩුවම අහෝසි කිරීමට පක්‍ෂ වන සියල්ලන් දරුවන්, කාන්තාවන් දූෂණය කර ඝාතනයට පක්‍ෂ පිරිසක් !
Homeප්‍රවෘත්ති

මරණ දඩුවම අහෝසි කිරීමට පක්‍ෂ වන සියල්ලන් දරුවන්, කාන්තාවන් දූෂණය කර ඝාතනයට පක්‍ෂ පිරිසක් !

PropellerAds

ම ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් වලට යට වෙමින් මරණ දණ්ඩනය ලබාදීම අහෝසි කිරීමට යහපාලන රජය පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන බවත් අද රටට ජාතික අභ...

සෞඛ්‍ය ප්‍රධානියා තව සති 2ක් රට වහන්න ඉල්ලයි! ජනපතිගේ තීන්දුව අද!
පහන්තුඩාව යුවලගේ අසභ්‍ය වීඩියො වැලක් හෙලිවෙයි… ආසන්නයේම මීමුරේ වීඩියෝවක්..
පාරිභෝගික අධිකාරිය දැන දැනම බලන් හිටියා. මේක ලොකු ෂෝ එකක්ද ? මොකක්ද මේකෙ ඩීල් එක ? - හර්ෂ
ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් වලට යට වෙමින් මරණ දණ්ඩනය ලබාදීම අහෝසි කිරීමට යහපාලන රජය පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන බවත් අද රටට ජාතික අභියෝගයක් වී තිබෙන මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රටේ අනාගත පරපුර වැනසෙන බවත් එනිසා වහාම මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවත් මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානයේ සාමාජිකයින් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතා ව්‍යාපාරයකට එක්වෙමින් මේ බව අවධාරණය කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ අන්තවාදී ත්‍රස්ත්‍රවාදීන්ට, එම ක්‍රියාවට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කර මරණ දඩුවම ලබා දිය යුතු බවත් යහපාලන රජය ගෙන එන මරණ දඩුවම අහෝසි කිරීමේ පනත මගින් රට වැනසූ අහිංසක ජීවිත බිලිගත් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී ත්‍රස්තවාදීන් නිදහස් කිරීමේ සැලසුමක් තිබෙන බවත් එනිසා අන්තවාදී ත්‍රස්තවාදීන්ට මරණ දඩුවම ලබා දියු යුතු බවට විරෝධය පළ කිරීමේ අරමුණින් සිය විරෝධතාවය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල පැවැත්වූ බවත් එම සංවිධානය ප්‍රකාශ කරයි.

නැවතත් අන්තවාදී ත්‍රස්තවාදීන්ට යළි හිස එසවීමට ඉඩ නොදෙන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට මරණ දඩුවම ලබා දිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

පුංචි දරුවන් කාන්තාවන් දූෂණය කර ඝාතනය කරන නරුමයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ජාවාරම්කරුවන්ට අනිවාර්යෙයන් මරණ දඩුවම ලබා දිය යුතු බවත් යහපාලන රජය ගෙනඑන මරණ දඩුවම අහෝසි කරන පනත මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම ස්ත්‍රී දූෂකයින් ඇතුළු අපරාධ කරුවන්ට සුජාත භාවය ලබා දී නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත් ඊට එරෙහිව රටේ මව්වරුන් කාන්තාවක් මෙන්ම රටට හිතැති පුරවැසියෙන් එක්ව රටපුරා විරෝධයට සූදානම් බවත් එම සංවිධානය පවසයි.

ඈත දුෂ්කර ගම්මානයේ දරුවන්ගේ සිට නාගරික දරුවන් දක්වා මේවන විට කුඩු ඇතුළු භයානක මත්ද්‍රව්‍ය වලට බිලිවෙමින් පවතින බවත් එනිසා නීති විරෝධි මත්ද්‍රව්‍ය මාෆියාවෙන් දරුවන් මෙන්ම රටේ අනාගතය බේරා ගැනීමට මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කළ යුතු බවත් එය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට රටේ ජනතාව ලෙස එකාවන්ව සිට ගන්නා බවත් එම සංවිධානය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට දිගින් දිගටම රටේ අනාගත පරපුර යට වුවහොත් රටක් ඉතුරු නොවන බවත් එනිසා දේශපාලන භේද නොතකා සියලු දෙනා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට පෙලගැසිය යුතු බවත් ඊට ඡන්දය දෙන කිසිදු මන්ත්‍රීවරයෙකුට ගමට ඒමට ජනතාව ඉඩ නොදෙන බවත් ඔවුන් සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය මාෆියාවෙන් රට බේරා ගනිමින් මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට අගමැතිවරයාට මෙන්ම රජයට බල කරන බවද එම සංවිධානය වැඩිදුරටත් පැවසී ය.

– මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ව්‍යාපාරය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරණ දඩුවම අහෝසි කිරීමට පක්‍ෂ වන සියල්ලන් දරුවන්, කාන්තාවන් දූෂණය කර ඝාතනයට පක්‍ෂ පිරිසක් !
මරණ දඩුවම අහෝසි කිරීමට පක්‍ෂ වන සියල්ලන් දරුවන්, කාන්තාවන් දූෂණය කර ඝාතනයට පක්‍ෂ පිරිසක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZxVJ3b9raFDPqcPKFwJ-c80p1FR9hgjnrEVZ1MKVfeTTaltdEebqy_cvFvxc9sMPdRILK5bEdtM9x5GnIz1rcssf9TEgi_0AuGcImREqIUIvLPABbkCnGcILq7_wlNyAzM7aYs1feSV6O/s320/4548787888.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZxVJ3b9raFDPqcPKFwJ-c80p1FR9hgjnrEVZ1MKVfeTTaltdEebqy_cvFvxc9sMPdRILK5bEdtM9x5GnIz1rcssf9TEgi_0AuGcImREqIUIvLPABbkCnGcILq7_wlNyAzM7aYs1feSV6O/s72-c/4548787888.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_109.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_109.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy