වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ අවිධිමත් අපද්‍රව්‍ය බැහැරකිරීම හේතුවෙන් රතුපස්වල ප්‍රදේශයේ පානීය ජලය අපවිත්‍ර වී ඇතැයි කියමින් උද්ඝෝෂණය කළ...
වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ අවිධිමත් අපද්‍රව්‍ය බැහැරකිරීම හේතුවෙන් රතුපස්වල ප්‍රදේශයේ පානීය ජලය අපවිත්‍ර වී ඇතැයි කියමින් උද්ඝෝෂණය කළ ප්‍රදේශවාසීන්ට 2013 අගෝස්තු 01 දින හමුදාව යොදවා වෙඩි තබා පහරදෙනු ලැබූ අතර එහිදී අකිල දිනේශ් සහ රමිල රවිශාන් පෙරේරා නම් පාසල් සිසුන් දෙදෙනෙකු සහ නිලන්ත පුෂ්පකුමාර නම් තරුණයෙකු ඝාතනයට ලක්විය. තවත් 40කට අධික පිරිසක් පහරදීමෙන් තුවාල ලැබූ අතර සිදුවීම වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ටද හමුදාව විසින් තර්ජනය කර තිබිණි.
එවකට පැවති රාජපක්ෂ භීෂක රජයේ හිතවතෙකු වූ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාට අදාල කර්මාන්ත ශාලාව හිමිව තිබුණු බැවින් මෙතරම් භීෂණයක් වැපිරීමට එම රජය උත්සුක වී තිබුණු බව ප්‍රකට කරුණකි. තම ව්‍යාපාරික හිතවතා වෙනුවෙන් සාමාන්‍ය නීතිය ඉක්මවා වැලිවේරියට හමුදාව යැවූ ගෝටාබය රාජපක්ෂ ඇතුළු දේශපාලන බලධාරීන් තවමත් නිදැල්ලේ යහතින් වෙසෙද්දී ප්‍රහාරක හමුදා කණ්ඩායම භාරව සිටි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන සහ ඔහුට අමතරව මාණ්ඩලික සැරයන් ඩී.ඒ. සිරිසේන, සැරයන් ලලිත් ග්‍රේ සහ කෝප්‍රල් ජේ.එම්. තිලකරත්න යන සෙබළුන් දැනට මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටිති.
COMMENTS