දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නොවැම්බර් 23 න් පස්සෙ කතානායකට බහුතරේ පෙන්නන්න ඕන නෑ - එස්.බී
Homeප්‍රවෘත්ති

නොවැම්බර් 23 න් පස්සෙ කතානායකට බහුතරේ පෙන්නන්න ඕන නෑ - එස්.බී

PropellerAds

නො වැම්බර් මස විසිහතර වනවිට මෙරට නව ආණ්ඩුවක් හා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන...

මහනුවර ඇසල පෙරහර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි
"ඉන්දියාවේ මත්ද්‍රව්‍ය වඩමරච්චියෙන් මෙරටට" - ධීවර සංගමයෙන් හෙළිදරව්වක්
යාපනය හෝටලයක නැවතී සිටි ජනපතිගේ සේවකයෙකු හදිසියේම මිය ගිහින්
නොවැම්බර් මස විසිහතර වනවිට මෙරට නව ආණ්ඩුවක් හා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.
නියත වශයෙන්ම නොවැම්බර් මස විසිතුන වනවිට ජනාධිපතිවරණය පැවැත්විය යුුතු බවත් එහිදී වත්මන් ආණ්ඩුව වෙනුවට නව ආණ්ඩුවක් පත් වන බවත් එවිට කථානායකවරයාට බහුතරය පෙන්වන්නැයි කියමින් අභියෝග කළ නොහැකි වනු ඇතැයි මන්ත්‍රීවරයා කිවේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත රුපියල් මිලියන සියයක වියදමින් තෙල්දෙණිය නව නගරය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යළි ආරම්භ කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා  ජනාධිපතිවරයා වශයෙන් පත්ව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  අග්‍රාමාත්‍යධුරයෙහි පත් කරගන්නා විට එවකට කථානායක චමල් රාජපක්ෂ මහතා කිසි අවස්ථාවක එකසිය දහතුනක බහුතරය පෙන්වන්නයි කීවේ නැහැ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදා ගැනීම සඳහා කථානායක චමල් රාජපක්ෂ මහතා ඉඩ දුන්නා. එදා අපට මන්ත්‍රීධූර 143ක් තිබුණු අතර එක්සත් ජාතික පක්ෂයට තිබුණේ මන්ත්‍රීධූර පනස් දෙකක් පමණයි.

ලෝකයේ ජනාධිපතිවරයෙක් විසින් තමන්ගේ බලය අඩු කරගත් එකම රට ශ්‍රී ලංකාව වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහත් බලාපොරොත්තු තබා ගනිමින් ප්‍රකාශ කළා. ඒ සඳහා සකස් කරන ලද දහනම වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය පිළිකාවක් බවට පත්ව ඇති නිසා එය ඉවත් කළ යුතු බව අද අපි ප්‍රකාශ කරනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සංශෝධනය අධිකරණය හමුවට ගියේ වෙනස්වීම් වලට ලක්වෙලයි. අධිකරණයට ඉදිරිපත් කරපු කෙටුම්පත තවදුරටත් සංශෝධනය වෙලයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ. යලි පාර්ලිමේන්තුවේ දීත් උප්පරවැට්ටි දහසක් පමණ යොදා රට විනාශ කරන, කිසිම මිනිසෙකුට රටේ තීරණයක් ගන්න බැරි, තැනකට රට පත් කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තමයි දහනව වන සංශෝධනය.

ඒ කෙසේ නමුත් ඉදිරියේදී රටට හිතැති දේශප්‍රේමී ආණ්ඩුවක් බිහි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේය.

නුවර නදීක දයා බණ්ඩාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නොවැම්බර් 23 න් පස්සෙ කතානායකට බහුතරේ පෙන්නන්න ඕන නෑ - එස්.බී
නොවැම්බර් 23 න් පස්සෙ කතානායකට බහුතරේ පෙන්නන්න ඕන නෑ - එස්.බී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjM5LM5iYPzElm2NS9dprL7-f4h0G-TLYPd6rjdfRAqoKQpDDfYMQDe8Pi_BRSFVqVZ_MoLTgHGz80zE64Ea1mxUZv62I7ejdeGNirQaWaVkR33yXb9t1Z1w2hWc7RMjeiACparcxgDk7e/s320/5bd586f8bbae5_sbdissanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjM5LM5iYPzElm2NS9dprL7-f4h0G-TLYPd6rjdfRAqoKQpDDfYMQDe8Pi_BRSFVqVZ_MoLTgHGz80zE64Ea1mxUZv62I7ejdeGNirQaWaVkR33yXb9t1Z1w2hWc7RMjeiACparcxgDk7e/s72-c/5bd586f8bbae5_sbdissanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy