දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනුවර ඇසල පෙරහර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි
Homeප්‍රවෘත්ති

මහනුවර ඇසල පෙරහර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි

PropellerAds

 දළදා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර වීදි සංචාරය ආරම්භ කෙරුණේ පෙරේදා (25) රාත්‍රී 7.58ට යෙදුණු සුභ මොහොතිනි. ඇසල පෙරහැර මංගල්ලයේ සධාතුක...

සිංහ පවුලට කොවිඩ් බව සඟවන්න උත්සාහයක් ?
බැසිල් පාර්ලිමේන්තු ඒම ගැන පොහොට්ටුව දෙකට බෙදේ !
පෙරළියක පෙර නිමිති: මහින්ද - රනිල් හදිසියේ හමුවෙයි
මහනුවර ඇසල පෙරහර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි

 දළදා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර වීදි සංචාරය ආරම්භ කෙරුණේ පෙරේදා (25) රාත්‍රී 7.58ට යෙදුණු සුභ මොහොතිනි.

ඇසල පෙරහැර මංගල්ලයේ සධාතුක කරඬුව නැදුන්ගමුවේ රාජා හස්තියා විසින් වැඩම කරවූ අතර දෑල ඇතුන් ලෙස ගමන් කළේ වාසනා සහ ඉන්දිරාජා හස්තියයි.

ආසියාවේ උසම දළ ඇතා යන විරුදාවලිය ලත් නැදුන්ගමුවේ රාජා හස්තියා මෙවර දළදා කරඬුව වැඩමවනු ලැබුවේ 12 වන වරටය.

මහනුවර ඓතිහාසික ඇසල පෙරහර සාර්ථකව අවසන් වූ බවට දැක්වෙන සන්නස් පත්‍රය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඊයේ (26) පස්වරුවේ භාර දෙනු ලැබීය..

මහනුවර - අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ විහාරයෙන් පිටත් වුණු දහවල් පෙරහර සිව් මහා දේවාල පෙරහරත් සමඟ දළදා මාළිගයට ගෙවදීමෙන් අනතුරුව පෙරහර සාර්ථකව නිමා වූ බවට දැක්වෙන සන්නස් පත්‍රය ජනාධිපතිවරයා වෙත භාර දී ඇත.

එහිදී ජනාධිපතිවරයා විසින් ඓතිහාසික ඇසල පෙරහරේ කුසලතා දැක්වූ කලාකරුවන් 50 දෙනෙකුට ත්‍යාග සහ සහතික පත් ලබාදී තිබේ.

එමෙන්ම අද (27) දිනයේ සිට මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ වලි - යකුන් මංගල්‍යය ආරම්භ වීමට නියමිතය.

මේ අතර, ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ (26) පෙරවරුවේ විවෘත කරනු ලැබිය.

මෙම රන් වියන අලුත්වැඩියාව පසුගිය වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 45 ක් වැය කර තිබේ.

වර්ග අඩි 3450 කින් යුත් මෙම රන් වියන ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණේ වසර 16 කට පසුවය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවර ඇසල පෙරහර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි
මහනුවර ඇසල පෙරහර සාර්ථකව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි
http://am.lk/media/k2/items/cache/468f724698b49e201b01303591e6d32d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_856.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_856.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy