යාපනයේ පෞද්ගලික හෝටලයක නැවතී සිටි ජනපති නිල මෙහෙවරේ සාමාජිකයෙකු පෙරේදා (25) රාත්‍රියේ හදීසියේම මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය...
යාපනයේ පෞද්ගලික හෝටලයක නැවතී සිටි ජනපති නිල මෙහෙවරේ සාමාජිකයෙකු පෙරේදා (25) රාත්‍රියේ හදීසියේම මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
පෞද්ගලික හෝටලයේ දෙවන තට්ටුවේ 11 වන කාමරයේ මිය ගොස් සිටියදී ඊයේ (26) උදෑසන මළ සිරුර හමුවී ඇති අතර එම පුද්ගලයා ඊයේ රාත්‍රියේ රාජකාරි කටයුතු නිම වී නින්දට ගොස් ඇති අතර ඊයේ උදෑසන කාමරය පරික්ෂා කිරීමේදී එම පුද්ගලයාගෙන් ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් ඒ පිළිබඳව යාපනය පොලීසිය දැනුම් දීමෙන් පුසව පොලීසි පැමිණ පරික්ෂා කිරීමේදී එම පුද්ගලයා මිය ගොස් ඇති බවට අනාවරනය වී ඇත.
59 හැවිරිදි කෝරලේ ආරච්චිගේ ජයන්ත ධර්මසිරි නැමති ඕපාත ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර එම පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යාපනය මහ රෝහලේ තැන්පත් කොට ඇත.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS