එල්. ටී. ටී. ඊ. සංවිධානයට හිතවත් පිරිස් මැලේසියාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතාවක් දැක්වීමත්, මැලේසියාවේ ශ්‍රී ලංක...
එල්. ටී. ටී. ඊ. සංවිධානයට හිතවත් පිරිස් මැලේසියාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතාවක් දැක්වීමත්, මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට පහරදීමත් සිදුවුණා නම් එවැනි දෙයක් මෙරටදී ද සිදුවීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ අද පුවත්පත වෙනුවෙන් මන්ත්‍රිවරයා රචනා කරන 'කුරහන් සුවඳ' තීරු ලිපියෙහිය.
මැලේසියාවේ ඇතිවූ සිද්ධිය පිළිබඳව ශ්‍රි ලංකා රජයේ වැඩි අවධානයක් යොමුවිය යුතු බව ද ඒ මහතා එහි සඳහන් කොට තිබිණි.
ඒ සම්බන්ධයෙන් ඔහු තම තීරු ලිපියෙහි අදහස් දක්වා තිබුණේ, "මෙය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් බලවත් ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් ලෙසයි මම දකින්නේ. මැලේසියාවේදී මහින්ද රාජපක්ෂට ප්‍රහාරයක් එල්ල වූණා, විරෝධයක් තිබුණා කියා සිතා යටි මනසින් සතුටු නොවිය යුතු බවයි මගෙ අදහස. මේ සිදුවීමෙන් පසුව අපි තවදුරටත් ජාතික ආරක්ෂාව පිළිබඳ සැලකිය යුතු වෙනවා. ඉන්දියානු සම්භවයක් ඇති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට මැලේසියාවේ මෙවැනි දෙයක් කරන්න පුළුවන් නම් ලංකාවේ මේ වගේ දෙයක් වෙන්න බැරිද? ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට තියෙන්නේ කිලෝමීටර් 32යි. ලංකාවේ ජනගහනය වගේ කිහිප ගුණයක් ජතාවක් තමිල්නාඩුවේ සිටිනවා. ඔවුන්ට තමිල්නාඩුවේ සිට ලංකාවට එන්න යන්නේ විනාඩි කිහිපයක් පමණයි. ඉතින් මැලේසියාවේදී ඔවුන්ට ක්‍රියාකාරී වෙන්න පුළුවන්නම් පැහැදිලිව උපකල්පනයක් කරන්න පුළුවන් මේ අයට සෘජුවම ලංකාවට ඇවිත් මෙවැනි දෙයක් කරන්නත් පුළුවන් කියලා. එය වෙන්නත් බැරිකමක් නෑ."ලෙසයි.
COMMENTS