දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෝක වෙළදපොලේ බොරතෙල් ඩොලර් 09ක් අඩු වෙලා.. ලංකාවේ පෙට්රල් අඩු වන්නේ රැපියල් 02කින්.. ඩීසල් මිල අඩු නොවීම පුදුමයක් !
Homeප්‍රවෘත්ති

ලෝක වෙළදපොලේ බොරතෙල් ඩොලර් 09ක් අඩු වෙලා.. ලංකාවේ පෙට්රල් අඩු වන්නේ රැපියල් 02කින්.. ඩීසල් මිල අඩු නොවීම පුදුමයක් !

PropellerAds

පා රිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාද්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් ...

රන්ජන්ගේ හඬපට නිසා නායකත්ව සටන අතහැර සජිත් පිල ගවු ගාණක් පසුබසී…වාසිය රනිල්ටයි
රන්ජන්ගේ හඬ පට සාගරයෙන් තව එකක් එලියට.. දිල්රුක්‍ෂි දෙවන වරටත් රෙද්ද කඩාගනී
තවත් හොඳ හොඳ හඬපට මා සතුයි.. ඒවා හෙලි කලාම ගැලවෙන රෙදි ගැලවෙන ප‍්‍රමාණය තවත් වැඩිවෙයි - රංජන්
පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාද්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 9 කින් අඩු වෙද්දී අපේ රටේ පෙට්රල් මිල අඩු වන්නේ රැපියල් 2 කින් වීම හා ඩීසල් මිල අඩු නොවීම පුදුම සහගතයි!

මෙවර ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 92 ඔක්ටේන් පෙට්රල් මිල රැපියල් 2 කින්ද 95 ඔක්ටේන් වර්ගයේ පෙට්රල් මිල රුපියල් 5 කින්ද අඩු කිරීමට රජය කටයුතු කරන ලදී. එසේ මිළ ගණන් අඩු කිරීමට හේතුව ලෙස රජය දක්වන්නේ ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 9 කින් අඩු විමයි.

2019 මැයි 10 වන දා සිට ජුනි 10 වන දින දක්වා ලෝක බොරතෙල් බැරලයක මිල ගෙන බලන විට ලෝක බොරතෙල් බැරලයක මිල ඩොලර් 9 කට වඩා අඩු වී ඇත. එහෙත් අප රටේ ක්‍රියාත්මක වන අරුම පුදුම මිල සූත්‍රයට අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 3 කින් වැඩි කරන ලදී.

පොදු පවාහන සේවා සපයන රථ සදහා යොදනු ලබන්නේ ලංකා ඔටෝ ඩීසල් වුවද ලංකා ඔටෝ ඩීසල් මිල අඩු නොකිරීම සමස්ත පාරිභෝගිකයින්ට අවාසිදායකය. මන්ද යත් භාණ්ඩ මිල තීරණය කරනු ලබන ප්‍රධානම සාධකයක් බවට ලංකා ඔටෝ ඩීසල් පත්ව ඇති නිසාය.

මෑත කාලයේදී බොරතෙල් බැරලයක මිල වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ 2013 වසරේදීය. 2013 වසරේ දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 107 ක් විය. ඒ අවස්ථාවේදී අප රටේ 92 පෙට්රල් ලීටරයක් අලෙවි වූයේ රුපියල්162 කටය. ලංකා  ඩීසල් ලීටරයක මිල රුපියල් 121 කි.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් හැටියට අපට කීමට ඇත්තේ ලංකාවේ අලෙවි කරනු ලබන ඉන්ධන වල ප්‍රමිතිය පිළිබදව අපට කිසිසේත්ම සතුටු විය නොහැකි බවය. මෙරට අලෙවි වන 92 ඔක්ටේන් පෙට්රල් වල ඇති ඔක්ටේන් ප්‍රතිශතය 90.5 ක් වන බව අප විසින් පිළිගත හැකි වාර්තා ඉදිරිපත් කර තිබියදි ලංකා ඛණිජතෙල් සංස්ථාවේ මන්ද බුද්ධික නිළධාරීන් මාධ්‍ය නිවේදන නිකුත් කරන්නේ අදාල වාර්තාව සදහා නියදි ලබා ගෙන ඇත්තේ අප වන  නිසා එම වාර්තා පිළිගත නොහැකි බවය. එම වාර්තාව සදහා නියදි ලබා ගනු ලැබුවේ විදේශ රටවල් වලින් පවා පුහුණුව ලද පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළිධාරී විසිනි.

කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථාවේ නිමවුම් පිළිබදව කිසියම් චෝදනාවක් එල්ල වේ නම් ඛණිජ තෙල් සංස්ථාවේ නිළධාරීන් කල යුත්තේ එම පාර්ශව කැදවා ඒ පිළිබදව නිසි ලෙස සොයා බලා මාධ්‍ය නිවේදන නිකුත් කිරීමය. එසේ කිරීම පසෙකලා කිසිම කරුණක් පිළිබදව සොයා නොබලා මාධ්‍ය වාර්තා නිකුත් කරන තත්වයට ලංකා ඛණිජ තෙල් සංස්ථාව පත්ව ඇත්තේ විෂයභාර ඇමතිවරයාගේ ඡන්ද ව්‍යාපාරවල පෝසටර් ගැසූ පුද්ගලයින් ඛණිජ තෙල් සංස්ථාවේ වගකිවයුතු තනතුරැ සදහා බදව ගත් නිසා බව නොකියාම බැරිය.එම නිළධාරීන් අපගේ දුරකතන ඇමතුමට පවා ප්‍රතිචාර නොදක්වයි. එම නිළධාරීන්ට මතක් කල යුතු දෙයක් ඇත. එනම් ඔවුන් ජීවත්වන්නේ මෙරට මහජනතාව ගෙවනු ලබන වැටුපෙන් බවය.

අප අවසාන වශයෙන් රජයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රමිතියෙන් යුත් ඉන්ධන පාරිභෝගිකයාට ලබා දෙන ලෙස හා විනිවිද භාවයකින් යුක්තව ඉන්ධන මිල සංශෝධන කරන ලෙසයි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝක වෙළදපොලේ බොරතෙල් ඩොලර් 09ක් අඩු වෙලා.. ලංකාවේ පෙට්රල් අඩු වන්නේ රැපියල් 02කින්.. ඩීසල් මිල අඩු නොවීම පුදුමයක් !
ලෝක වෙළදපොලේ බොරතෙල් ඩොලර් 09ක් අඩු වෙලා.. ලංකාවේ පෙට්රල් අඩු වන්නේ රැපියල් 02කින්.. ඩීසල් මිල අඩු නොවීම පුදුමයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWxrltoHjZYetcN2MrBIWvdwC3txpFz3pRnLMAhZKtnhNEY6g0nv3j97bdEQt_bj66Khu2gGvPTYamZ_TNz41MJUsX59lFcJBMJNWeRPUZbsTa_IVq5D2WSQBqJVou9PNVfEYruOGSlBqZ/s320/oil.fuel_.hike_.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWxrltoHjZYetcN2MrBIWvdwC3txpFz3pRnLMAhZKtnhNEY6g0nv3j97bdEQt_bj66Khu2gGvPTYamZ_TNz41MJUsX59lFcJBMJNWeRPUZbsTa_IVq5D2WSQBqJVou9PNVfEYruOGSlBqZ/s72-c/oil.fuel_.hike_.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/09-02.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/09-02.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy