දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මංගල UN මහ පුටුවකට පැනගන්න කුරුමාණමක.. බෞද්ධයන්ට, කතෝලිකයන්ට බැණ වදින්නේ එනිසායි..- දිවැසිවරු හෙලි කරති
Homeප්‍රවෘත්ති

මංගල UN මහ පුටුවකට පැනගන්න කුරුමාණමක.. බෞද්ධයන්ට, කතෝලිකයන්ට බැණ වදින්නේ එනිසායි..- දිවැසිවරු හෙලි කරති

PropellerAds

‘දිවැසිවරැ’ කතෝලික ගිහි සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ‘දිවැසිවරු’ කතෝලික ගිහි සංවිධනයකි. විශේෂයෙන් කතෝලි...

එක පවුලේ පිරිසක් සමග හොර්ටන්තැන්නේ බස් රථයක් පෙරලේ.. වාහන ඇතුල් වීම නතර කෙරේ!
මහා මුදල් වංචාවකට ආණ්ඩුවේ ගම්පහ ප්‍රබල පොහොට්ටු මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයකු CIDයෙන් අල්ලයි! හොරෙන් ඕස්ට්‍රේලියාවට මිනිස්සු පටවලා!
‘ලස්සන ලෝකයේ... යනවා ආදරේ සොයා..’ හදුන්නෙත්ති සාදයක නර්තනයේ (VIDEO)
‘දිවැසිවරැ’ කතෝලික ගිහි සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

‘දිවැසිවරු’ කතෝලික ගිහි සංවිධනයකි. විශේෂයෙන් කතෝලික සභාවේ මතවාදී හා ප‍්‍රායෝගික කියාකාරකම් අරබයා කතෝලික සභා නායකයින්ව දැඩි ලෙස විවේචනය කළ සංවිධානයකි. නමුත් අප අතර අභ්‍යන්තර මතවාද, සංවාද හා
විවේචන තිබුනද ‘පාස්කු ඉරුදින’ බෝම්බ ප‍්‍රහාරයෙදී කතෝලික සභා නායකත්වය නියෝජනය කළ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික ජනතාව හා සමස්ථ ලාංකේය ජනතාව මෙහෙය වූ ආකාරය, ක‍්‍රියා කළ ආකාරය හා ප‍්‍රකාශ නිකුත් කළ ආකාරය සම්බන්ධව කතෝලික සභාව තුලම සිටින කතෝලික සභා නායකත්වය විවේචනය කරන බොහෝ කොටස් වලද පැසසුමට ලක් වූ බව අවිවාදිතය. අපිද එ් සම්බන්ධව චකිතයකින් තොරව උන් වහන්සේට එම ප‍්‍රශංසාව හිමි කර දෙන්නට කැමැත්තෙමු. කතෝලික සභාව සම්බන්ධයෙන් ඇති අභ්‍යන්තර මතවාදී සංවාදයි පසෙක තබා අපි මේ අවස්ථාවේදී කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින්නට කැමැත්තෙමු.

විශේෂයෙන් පසුගිය දිනක මංගල සමරවීර අමාත්‍යවරයා අති උතුම් කාදිනල් හිමිපාණන් සම්බන්ධ කර කරන ලද ප‍්‍රකාශය කතෝලික ගිහි සංවිධානයක් ලෙස ‘දිවැසිවරු’ අපි ද තරයේ හෙලා දකිමු. පූජ්‍ය රතන හිමියන්ගේ උපවාසයට අනිවාර්යයෙන්ම කතෝලික සභා නියෝජිතයින් සහභාගී විය යුතුවේ. මන්ද එම අන්තවාදී බෝම්බ ප‍්‍රහාරයට ගො`දුරු වූ ප‍්‍රධානම පාර්ශ්චවය වන්නේ කතෝලික ප‍්‍රජාවයි. මෙම බෝම්බ ප‍්‍රහාරයට මුල්වූ ත‍්‍රස්තවාදීන්ට පහසුකම් සපයමින්, සහාය දෙමින්, මූල්‍ය පහසුකම් හා වෙනත් දේශපාලන රැුකවරණය ලබා දෙමින් අන්තවාදීන්ව අත් අඩංගුවට ගැනීමට හා පරීක්ෂණ කටයුතු වලට බලපෑම් කරමින් තවදුරටත් අන්තවාදය වපුරමින්, අන්තවාදයට උඩගෙඩි දෙන ප‍්‍රකාශ සිදුකරමින් ‘වහාබ් වාදය’ තව තවත් පෝෂණය කරමින් සිටි ආණ්ඩුකාර හිස්බුල්ලා, ආණ්ඩුකාර අසාත් සාලේ, ඇමති රිෂාඞ් බදිවුදීන් වැන්නන්ට එරෙහිව කටයුතු කිරීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා, රාජිත සේනාරත්න වැනි ඇමතිවරු කල් මරමින් සිටින අවස්ථාවක පූජ්‍ය රතන ස්වාමින් වහන්සේ කළ ක‍්‍රියාව සමස්ථ කතෝලික ප‍්‍රජාවම අගය කරන්නක් බව කිව යුතුය. ඇතැම් විට එහි වෙනත් දේශපාලන න්‍යායක් හෝ යටි අරමුණක් තිබිය හැක. නමුත් එය එ් මොහොතේ කවුරුන් හෝ විසින් කළ යුතුව තිබූ, කළ යුතුම දෙයකි. පූජ්‍ය රතන හිමි එය කළ අතර කතෝලික සභාව නියෝජනය කරමින් කාදිනල් හිමි ඇතුළු රදගුරු මඩුළු සාමාජිකයින් එයට සහභාගී විය. අපිද එම සහභාගීත්වය අනුමත කරන්නෙමු.

සහරාන්ලා බෝම්බය ගැසූ පසු කට නොඇරිය මංගල ඇමතිගේ කට ඇරුණේ ඉන් පසුය. මංගල සමරවීරගේ ඉතිහාසය ගෙන බැලූවහොත් එය හුදු රටට, ජාතියට හෝ ආගමට ආදරය පිණිස නොව සිය පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමටය. මංගලට සිංහලද, මුස්ලිම්ද, දෙමළද, බර්ගර්ද කියා අදාල නොවේ. බෞද්ධ ද, ඉස්ලාම් ද, හින්දුද, ක‍්‍රිස්තියානි ද කියා අදාල නොවේ. ඔහුට අදාල දේ වන්නේ මුදල් හෝ තනතුරු පමණකි. එ් වෙනුවෙන් ඕනෑම දෙයක් හිරිකිතයකින් තොරව කිරීමට ඔහුට හැකියාව තිබේ. ඔහු ගෙවන්නේ කාම සුඛල්ලියානු ජීවිතයකි. සංස්කෘති, සදාචාර, නීති රීති ඔහුට අදාල නොවේ.

මංගලගේ ඉදිරි ගමන අපට පැහැදිලිය. මංගලගේ දේශපාලන ගමන දැන් ඉවරෙටම ඉවරය. එය ඔහු හොදින් දනී. නමුත් ඔහු මේ ප‍්‍රකාශ සියල්ල කරනුයේ ඔහුගේ දෙවැනි ගමන වෙනුවෙනි. එනම් දේශපාලනයට සමු දී ‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ’ (UN) මුල් පුටුවකට කෙල හලන්නට, එහි නිලධාරීන්්ව උත්තේජනය කිරීමට රට තුළ උන්මන්තක ප‍්‍රකාශ කරමින් සිටී. මංගල මේ වැඩ කරන්නේ ‘එක්සත් ජාතීන්ගේ’ න්‍යාය පත‍්‍රයටය. ඞීල් කාරයින්ට ගේම් කාරයින්ට ‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ’ මුල් පුටු ලබා දීමේ ක‍්‍රමවේදයක් ඇත්දැයි අපි නොදන්නෙමු. මංගල සමරවීර ඇමතිවරයා යනු දේශපාලනය කරන දේශපාලනඥයෙකු හෝ රටට ආදරය කරන පුරවැසියෙකු නොව, ඞීල් කාරයෙකු හා ගේම් කාරයෙකි. තමන් සමග එකට සිටිය උන් සියල්ලන්ව පවා පාවිච්චි කර ඉවත දැමූ අවස්ථාවාදියෙකි. එනිසා ඔහුගේ ප‍්‍රකාශ සම්බන්ධයෙන් කිසිවෙකු කලබල විය යුතු නොවේ.

තවද මේ මොහොතේ බොම්බ ප‍්‍රහාරයට ලක් වූවනට මේ වන තෙක් නියම ලෙස සාධාරණයක් ඉෂ්ඨ වී නැති අතර
මානසිකවද, කායිකවද, ආර්ථ_කමය ලෙස හා ආධ්‍යාත්මික ලෙසද තවමත් ව්‍යාකූල වී සිටින්නන් රැුසකි. ඔවුන් දිවි පිදුවේ අපේ දිවි රකින්නටය. ඔවුන් දෑස් වසා ගත්තේ අපේ ඇස් අරින්නටය. රට තුළ සැ`ගවී තිබූ කාටවත් නොපෙණුනු, කාගෙවත් අවධානයට යොමු නොවූ ත‍්‍රස්තවාදී සංවිධානයක මහා සැලැසුම් රැුසක් රට හමුවේ හෙලි වූයේ මෙම අහිංසකයින්ගේ දිවි පිදීම මගිනි. එනිසාම ඔවුනට සාධාරණයක් ඉෂ්ඨ විය යුතුමය. ඔවුන්ව විවිධ දේශපාලන න්‍යා්‍යපත‍්‍රවලට ගෙන යමින් මෙය දේශපාලන වාසි ලබා ගන්නා අවස්ථාවක් කර ගැනීමට ප‍්‍රධාන පක්ෂ සියල්ලම මේ වන විට උත්සහා කරමින් සිටී. බොහෝ දෙනෙකු දැන් ආරක්ෂා කර ගැනීමට උත්සහා කරන්නේ, ක`දුළු සලන්නේ, සානුකම්පිතව ඇත්තේ අන්තවාදයට සම්බන්ධව කටයුතු කල ඉස්ලාම් අන්තවාදී නායකයින් ප‍්‍රමුඛ කොටස් කෙරෙහිය. රජය ඇතුළු දේශපාලකයින් පීඩාවට පත් වූ ජනතාවට ආධාර ලබා දෙන මුවාවෙන් එයද දේශපාලන වයාපාරයක් බවට පත් කර ගනිමින් එම ජනතාව තව තවත් පීඩාවට පත් කරමින් සිටී.

රජයෙන් අපි ඉල්ලා සිටින්නේ ත‍්‍රස්ථවාදී ක‍්‍රියා කළවුන්ගෙන් රාජසන්තක කළ මිලියන ගණනක මුදල් හා දේපල වලින් කොටසක් මෙම ත‍්‍රස්ථ ප‍්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ගේ පවුල්වලට ලබා දෙන ලෙසයි. ඔවුන්ට මේ අවස්ථාවේ කළ හැකි අවම සාධාරණත්වයද එයයි.

එසේම අන්තවාදයට උදව් වූ මුස්ලිම් මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරයින්, පූජකයින් හා ව්‍යාපාරිකයින් සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් කරන ලෙසත්, ඔවුන්ගේ වත්කම් හා ආදායම් ලැබීමේ මූලාශ‍්‍ර සම්බන්ධව ගැඹුරින් සොයා බලන ලෙසත් රජයෙන් හා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. අන්තවාදය වපුරවන හා පෝෂණය කරන පරිසරය විනාශ නොකර අවි ආයුධ හා පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමෙන් පමණක් මෙම අන්තවාදය පැරදවිය නොහැක.

එසේම පසුගියදා හිස්බුල්ලා, අසාද් සාලෙ යන ආණ්ඩුකාරවරුන්ට හා ඇමති රිෂාඞ් බදිවුදීන්ට එරෙහිව පූජ්‍ය රතන හිමි කළ උපවාසයෙන් පසු මුස්ලිම් මැති ඇමතිවරුන් සියල්ල ඉල්ලා අස්වීම ඇත්තෙන්ම අප විමතියට පත් කරවන්නක් විය. සාමයට, සහජීවනයට තමන් අත දිගු කරනවා යැයි කියමින් කටයුතු කළ ඇමතිවරුන්ද අන්තවාදීන් තිදෙනෙක් වෙනුවෙන් එක පෙලට පෙනී සිටිමින් ඉල්ලා අස්වීමෙන් අප සැමට පැහැදිලිව දිස් වූයේ සහජීවනයට මුවා වී සිටි මුස්ලිම් මැති ඇමතිවරුන් සියල්ලන්ද අන්තවාදීන්ට සහාය දෙන බවත් ඔවුන්ට පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය අනුමත කරන්නන් හා අන්තවාදයේ සහායට හිත යටින් කටයුතු කළ බවත්ය. එය දැකීම ඇත්තෙන්ම විමතිය හා කළකිරීම දනවන කරුණකි. අපට පෙනී යන්නේ මෙයද එක්තරා දිගු නාටකයක රගපෑමේ ජවනිකාවක් පමණක් බවයි.

එසේම මුස්ලිම් මැත් ඇමතිවරුන්ගේ එම එකමුතුව කතෝලික ජනතාවටද අපූරු පාඩමක් කියා දෙයි. තමන් ‘කතෝලික මැති ඇමතිවරුන්’ යැයි කියා ගනිමින් කතෝලික ජනතාවගේ ඡුන්ද ඩැහැ ගනිමින් සිටියද, පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් කිිසිදු මැදිහත්වීමක් නොකර තම පක්ෂ රැුක ගත් ආණ්ඩු විපක්ෂ සියලූ කතෝලික යැයි කියා ගන්නා කතෝලික මැති ඇමතිවරුන් ගැන කතෝලික ජනතාවට දෙවරක් හිතන්නට අවස්ථාව දැන් ලැබී තිබේ.

එසේම අන්තවාදී මුස්ලිම් ආණ්ඩුකාරවරු දෙදෙනකු ඉවත් වූ පසු බරපතල ප‍්‍රශ්ණ රැුසක් තිබෙන මොහොතකදීත් බස්නාහිර පලාත වැනි පලාතක් නැවතත් මුස්ලිම් ජාතිකයෙකුට ලබා දීම ප‍්‍රශ්ණ සහගතය. කතෝලිකයින් හෝ කාදිනල් හිමියන් කිසි දිනකත් කතෝලිකයෙකු කිසිදු තනතුරකට පත් කිරීමට බලපෑම් කොට නැති බව අප සැම දන්නා කරුණකි. නමුත් කතෝලික බහුතරය වෙසෙන බස්නාහිර පලාත් ආණ්ඩුකාර තනතුර දිගින් දිගටම මුස්ලිම් ජාතිකයින්ට ලබා නොදී සිංහල කතෝලිකයෙකුට ලබා දුන්නේ නම් මෙම ගැටුම යම් දුරකට සමනය කිරීමට තිබුනි. තවද බස්නාහිර පලාත තුළ ජනපතිවරයාගේ අගමැතිවරයාගේ ජයග‍්‍රහණයට විශාල වශයෙන් ඡුන්දය ලැබුණේද කතෝලික බහුතරය වෙසෙන ප‍්‍රදේශ වලිනි.

එසේම මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණ නම් ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ හා විපක්ෂය ප‍්‍රමුඛ ප‍්‍රධාන පක්ෂ සියල්ලත් මෙම මොහොතේ ජනතාව හා රට ගැන සිතනවාට වඩා සිය බලය හා පක්ෂ රැක ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. අපට පෙනෙන්නේ ිඑකම හොරු රැළක් මාරු වෙවී රට විනාශ කරන මෙම නාඩගම නිමා කිරීමට නම් පාට පක්ෂ, ජාති, ආගම් භේදයකින් තොරව අප රටට හා ජනතාවට ආදරය කරන මෙම පක්ෂ දේශපාලන යාන්ත‍්‍රණයෙන් තොර වූ නව නායකයෙකු බිහිකරගත යුතුව ඇති බවයි.

එසේම කතෝලික සභාව අභ්‍යන්තරයේ ිමතවාදීව අප අතර සංවාද විසංවාද තිබුණද මෙම අවස්ථාවේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් ‘දිවැසිවරු’ අප ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු.

පළමුවැන්න පූජ්‍ය රතන ස්වාමින් වහන්සේගේ සටනට සහාය වූ ලෙසම කතෝලික සභාවේ පියවරැුන් පිරිසක් එක්ව ‘පාස්කු ඉරුදින ප‍්‍රහාරයට’ වගකිව යුත්තන් වෙනුවෙන් පවරණ ලද මූලික මිනිස් අයිතිවාසිකම් නඩුව විභාගයට ගන්නා ජූලි 12 වැනිදා ිදීනයේදී මියගිය හා තුවාල ලැබූ ජනතාවට යුක්තිය ඉෂ්ඨ කර දීම වෙනුවෙන් හා නැවත නොසැලකිලිමත්කම නිසා රට තුළ මෙවැනි ඛේදවාචක ඇති නොවන්නට ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට රදගුරැු මඩුල්ලේ සාමාජිකයින් පියවරැුන් හා කතෝලික ජනතාව සමග කාදිනල් හිමිපාණන්දි පැමිණ එම නඩුවටද සංකේතාත්මක සහායක් ලබාදෙන ලෙසයි.

දෙවැනි ඉල්ලීම වන්නේ කතෝලික බහුතරය වෙසෙන හලාවත,වෙන්නප්පුව, මීගමුව, කටාන, ජා ඇල, වත්තල, කොළඹ වැනි ප‍්‍රදේශ වලින් ‘කතෝලික නියෝජිතයින්’ යැයි තමන්වම හදුන්වාදෙමින් මේ පත් වී සිටින ¥ෂිත, ජනතාද්‍රෝහී, කිසිදු කිතුනු වටිනාකමක් ගෑවීලාවත් නැති ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන සියලූ ‘කතෝලික මැති ඇමතිවරුන්’ පරාජය කර සැබෑවටම ජනතාවට ආදරය කරන, රටට ආදරය කරන, කතෝලික ගුණාංග හැසිරීමෙන්ම ප‍්‍රකට කළ හැකි දහම්පාසැල් ගුරුවරුන්, තරුණ සමිති ක‍්‍රියාකාරීන්, ළමා ධර්ම¥ත සජීවකයින් වැනි යහපත්, උගත් හා විනයවත් කොටස් බලය ලබා දී ඉදිරියට ගැනීමට යම් විධිමත් ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසයි. ආගමික මුහුණුවරින් පක්ෂ බිහිකරන පටු ක‍්‍රමවේදයන් නොව ප‍්‍රධාන පක්ෂ තුලට ¥ෂිතයින් වෙනුවට ගුණවත් තරුණ තරුණියන් හදුන්වා දෙන ක‍්‍රමවේදයකට කතෝලික රදගුරු මඩුල්ල ප‍්‍රමුඛ කතෝලික සබාව මේ සදහා යම් මැදිහත් වීමක් කිරීම රටටද ජනතාවටද උචිතය.

ස්තුතියි
ජේසු පිහිටයි

දොන් ඇන්ටන් දේශජ විසිදාගම
සම කැදවුම්කරැ
‘දිවැසිවරැ’ කතෝලික ගිහි සංවිධානය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මංගල UN මහ පුටුවකට පැනගන්න කුරුමාණමක.. බෞද්ධයන්ට, කතෝලිකයන්ට බැණ වදින්නේ එනිසායි..- දිවැසිවරු හෙලි කරති
මංගල UN මහ පුටුවකට පැනගන්න කුරුමාණමක.. බෞද්ධයන්ට, කතෝලිකයන්ට බැණ වදින්නේ එනිසායි..- දිවැසිවරු හෙලි කරති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFRWC_AiZ-0NbIcXJTpeEM-GRzLuj4koMqe0SGRLCA2ze-kFNsUs_H3i4It-WYLrKNC8zNiHMhFrUbtyie0_DwVq1S7fABFjXUzdSQSTV0gnCqxdNUYfdDsQFqp4gQ9TRduq6KDVBGmRUb/s320/mangala-cradinal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFRWC_AiZ-0NbIcXJTpeEM-GRzLuj4koMqe0SGRLCA2ze-kFNsUs_H3i4It-WYLrKNC8zNiHMhFrUbtyie0_DwVq1S7fABFjXUzdSQSTV0gnCqxdNUYfdDsQFqp4gQ9TRduq6KDVBGmRUb/s72-c/mangala-cradinal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/un.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/un.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy