දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොරි චැසිවල බස් බොඩි තහනම් - ලංගමට අලුතින් සුපිරි King Long බස් රථ එක් කරයි
Homeප්‍රවෘත්ති

ලොරි චැසිවල බස් බොඩි තහනම් - ලංගමට අලුතින් සුපිරි King Long බස් රථ එක් කරයි

PropellerAds

අ පේ රටේ තවමත් මිනිසුන් ප්‍රවාහන කරන්නේ ලොරි චැසි වල සකස් කල බස්රථ වලන්. ඉදිරියේදී ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයටත් පෞද්ගලික අංශයටත් ලොරි චැසි...

අත්‍යවශ්‍ය සැකකාරියක් අල්ලයි.. දෑස් බැද මහමග දමා ගිහින්
‘අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ’ තිබි පිහි 49ක්, පොරෝ 03ක් අත්අඩංගුවට !
සමලිංගික ක්‍රියාවේ යෙදුනේ යයි 37 දෙනෙකු ෂරියා නීතිය අනුව අමානුෂික වදහිංසා දී කඩුවෙන් බෙල්ල කපා මරා දමයි !
පේ රටේ තවමත් මිනිසුන් ප්‍රවාහන කරන්නේ ලොරි චැසි වල සකස් කල බස්රථ වලන්. ඉදිරියේදී ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයටත් පෞද්ගලික අංශයටත් ලොරි චැසිවල ඉදිකරපු බස් ගෙන්වන්න බැරි වන විදියට නව නීතිරීති සකස් කරනවා යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ, නාරාහේන්පිටදී ප්‍රකාශ කළේය.

ඉදිරියේදී මගී ප්‍රවාහන බස්රථ ආනයනය කරන්නේ නියම පිලිවිතර වලට අනුව බවත් මගී බස්රථ කෙසේ සකස් විය යුතු ද යන්න පිලිවිතර නීතිගත කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවට භාර දුන් බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය අති නවීන සුඛෝපභෝගී බස්‍ රථවලින් සන්නද්ධ කිරීම අද සිදුවියග ඒ අති නවීන සුඛෝපභෝගී  බස්රථ 2000ක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ මුල් අදියර ක්‍රියාත්මක කරමින් චීනයෙන් ගෙන් වූ ‘කින්ග් ලෝන්ග්’ බස්‍ රථ 9ක් ලංගම ඩිපෝ වෙත භාර දෙමිනි. එහි උත්සවය අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය සදහා චීනයෙන් ආනයනය කරන ලද කින්ග් ලෝන්ග් බස්‍ රථ 9 ක් ලංගම ඩිපෝ වෙත භාර දීමෙන් අනතුරුව පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

උත්සවය (27) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අති සුඛෝපභෝගි බස් රථ 2000 ක් එක් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙම බස්රථ ආනයනය කර තිබේ. මෙම එක් බස් රථයක මිල රුපියල් මිලයන 17.1 කි. ලාභ ලබන ශ්‍රී ලංගම ඩිපෝ තම ඩිපෝවේ මුදලින් මෙම බස්රථ මිලදි  ගත්තේය. ඒ අනුව ඩිපෝ මධ්‍යම බස් නැවතුම් කාර්යාලය බස් රථ 02 ක්, මහරගම ඩිපෝව බස්රථ 02 ක්, මොරටුව සුපභෝගි බස් ඩිපෝව බස්රථ 02 ක්, පොළොන්නරුව ඩිපෝව බස්රථ 01 ක්, මාතලේ ඩිපෝව බස්රථ 01 ක් වශයෙන් බස්රථ මිළදී ගැණින. මේ සදහා වැය කළ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 153.9 කි.

මෙහිදී තව දුරටත් කතාකල අර්ජුන රණතුංග මහතා මෙසේද කීය.

මේ වනවිට මහජනතාව පොදු ප්‍රවාහනයෙන් ඉවත් වෙමින් ඉන්නවා. පොදු ප්‍රවාහනයේ තිබෙන අඩුපාඩු එයට ප්‍රධාන හේතුවයි. අපේ රටේ දුම්රිය සේවයත් ගමනා ගමන මණ්ඩලයත් සංවර්ධනය වෙලා නැහැ. අපි තවම පුරුදු වෙලා ඉන්නේ ලොරි චැසිවල ඉදිකරපු බස්රථවල ගමන් යන්නයි. අපි මේ තත්වය වෙනස් කරන්න කටයුතු කළා. ඕනෑම රජයක් බලන්නේ මේ තියන බස් වලට මිනිස්සු පටවලා ඒ බස්ම දුවවන්නයි. අපි මේ ක්‍රමවේදය වෙනස් කරන්න බොහෝ කැප වුණා. මින් ඉදිරියට ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයටත් පෞද්ගලික අංශයටත් මේ වගේ ලොරි චැසිවල ඉදිකරපු බස් ගෙන්න බැරි වෙන විදහට නීති රීති සකස් කරනවා. එකෙන් අපි කරන්නේ තරවටු කිරීමක්වත් කවුරුත් පීඩනයට ලක් කිරීමක් නොවේ.

පෞද්ගලික අංශය හා එකාබද්ධ කාලසටහන් ක්‍රමයට අනුව බස් රථ ධාවනය කරන්න අපට තවත් බස් රථ 4000 ක් වත් අවශ්‍යයි. දැනටමත් අපි බස් 2000 ක් ගෙන්න වැඩ කටයුතු සුදානම් කරල තිබෙනවා. මින් ඉදිරියට අපි බස් ගෙන්න මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගන්න අදහස් කරන්නේ නැහැ. ආයෝජකයන් හරහා බස්රථ ගෙන්නලා ඒවා අපට අයිති වෙන විදියේ වැඩ පිළිවෙලක් අපි දැන් සකස් කරලයි තියෙන්නේ. දැනටමත් ඒ වැඩ පිලිවෙළින් 90 % ක් අවසන් කරලයි තියෙන්නේ. ඒ වගේම අබාධිත පුද්ගලයින්ට පහසුවෙන් බස්රථයට ගොඩ වීමටත් බැසිමටත් අවශ්‍ය පහසුකම් සහිත බස්රථ ගෙන්වීමට අපි කටයුතු කරනවා. මෙතෙක් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ තිබුණු මේ ක්‍රමවේදයෙන් අපි බැහැරවෙන්න අපි උත්සහා කරනවා. ඒ සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කරන්න කටයුතු කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා.

විශේෂයෙන්ම මෙම බස්රථ මිලදි ගෙන තියෙන්නේ අත්පිට මුදලට. ඒ සදහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන නැහැ. ලාභ ලබන ඩිපෝ වලින් උපයාගත් මුදල් වලින්. ඒ වගේම මින් ඉදිරියට ලොරි චැසි වල ගහපු බස් රථ ගෙන්නන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අපි පිලිවිතර 09 ක් හදලා තියනවා. මින් ඉදිරියට මගි ප්‍රවාහන බස්රථ ආනයනය කිරීමේදි මේ පිලිවිතර වලට අනුව බස්රථ සකස් විය යුතුයි. අපි මේ පිලිවිතර නීතිගත කරන්න කියලා මොටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවට භාර දුන්නා. ඒ අනුව මඟී ප්‍රවාහනයට සුදුසු බස්රථ ඉදිරියේදි ලැබෙවි. දැනට පොදු මගී ප්‍රවාහනය 75% සිට 40% දක්වා අඩු වෙලා තියනවා. ඒකට හේතු කිහිපයක්ම තිබෙනවා යැයිද ප්‍රකාශ කලේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංගම සභාපති උපාලි මාරසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

– ජයකාන්ත ලියනගේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොරි චැසිවල බස් බොඩි තහනම් - ලංගමට අලුතින් සුපිරි King Long බස් රථ එක් කරයි
ලොරි චැසිවල බස් බොඩි තහනම් - ලංගමට අලුතින් සුපිරි King Long බස් රථ එක් කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj30NyjP3T6gpmaUl1Ojxew13-3nHi6FBCKcunXper85RLhauMV1lN5sUy_kVfM4TXgwM9jDO9_R-MOYomu8g9vpVJ1bXhcThb4z8j1now1fSfKB9QxPmOxjJiHi_NOySHDrq6nu3PaCkmt/s320/bus.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj30NyjP3T6gpmaUl1Ojxew13-3nHi6FBCKcunXper85RLhauMV1lN5sUy_kVfM4TXgwM9jDO9_R-MOYomu8g9vpVJ1bXhcThb4z8j1now1fSfKB9QxPmOxjJiHi_NOySHDrq6nu3PaCkmt/s72-c/bus.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/king-long.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/king-long.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy