ඉ දිරියේදී ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්වීමට ඉඩ ඇති බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් සිදුකොට ...
ඉදිරියේදී ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්වීමට ඉඩ ඇති බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් සිදුකොට ඇති බව එන්.ඩී.ටී.වී. පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. එම වාර්තාවේ දක්වා ඇති ආකාරයට ඉන්දීය බුද්ධි අංශ මඟින් ලිපි කිහිපයක් යොමු කරමින් සිදුවිය හැකි ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉන්දීය පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇත.
එන්.ඩී.ටී.වී. පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර එල්ල කළ හැකි අවදානම් ප්‍රදේශ කිහිපයක් පිළිබඳව ද ඉන්දීය බුද්ධි අංශ මඟින් එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ. එරට ප්‍රදේශ කිහිපයකින් පසුගිය වසර කිහිපය තුළදී අයි.එස්. ත්‍රස්ත පුහුණුව ලබා ඇති බවද කේරළ ප්‍රාන්තයෙන් පමණත් පුද්ගලයන් සියයකට ආසන්න පිරිසක් අයි.එස්. පුහුණුව ලබා ඇතැයිද ඉන්දීය බුද්ධි අංශ ඉදිරිපත් කළ වාර්තාව මඟින් පෙන්වා දී තිබෙන බවද එන්.ඩී.ටී.වී. පුවත් වෙබ් අඩවිය පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ඉන්දියාව තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා කේරළ වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ සිට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇතැයිද වාර්තා වේ.
අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට පසුගියදා සම්පූර්ණයෙන්ම සිරියාවේ බලය ගිලිහී යෑම හේතුවෙන් එම සංවිධානයේ ත්‍රස්තවාදීන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය වෙත යොමු වී ඇති බවද ඒ හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉදිරියේදී එම සංවිධානයේ දැඩි තර්ජනයකට ලක්විය හැකි බවද සිය වාර්තා මඟින් පෙන්වා දී ඇතැයි පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

COMMENTS