ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධව ආන්දෝලනාත්මක තීන්දුවක් ගැනීමට...
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධව ආන්දෝලනාත්මක තීන්දුවක් ගැනීමට නියමිත බව ආණ්ඩුවේ ශ්‍රී ල.නි.ප.ය නියෝජනය කරන ජේයෂ්ඨතම අමාත්‍යවරයෙක් ඊයේ (14දා) පැවැසීය.
පළාත් සභා ඡන්දය එකම දිනයක පැවැත්විය යුතු බව පක්‍ෂයේ මතය වුවත් එය කල් දැමීම සුදුසු දෙයක් නොවන බව ශ්‍රී ල.නි.ප.යේ අදහස වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
පළාත් සභා ඡන්දය කල් දැමීම පිණිස සැකසුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබුණත් එය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න අද (15දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කීය.
පළාත් සභා ඡන්දය කල් දැමීමට උත්සාහ දැරීම පිළිබඳ සුළු පක්‍ෂද දිගින් දිගටම විරෝධය පළ කළ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසුවේ මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවයි. මේ අතර ඉකුත් සතියේ පැවැති ශ්‍රී ල.නි.ප. මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඡන්දය කල් දැමීමට විරෝධය පළ කර තිබිණි.
වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඡන්ද කල් නොදමන ලෙස ජනතාවගෙන් සිදු කෙරෙන ඉල්ලීම්වලට ජනතාවාදී පක්‍ෂයක් ලෙස ශ්‍රී ල.නි.ප.ය ඇහුම්කන් දීමට සූදානම් බවයි.
COMMENTS