මා රාන්තික උපවාසයක යෙදුණු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ දිනයේ රෝහල් ගත කිරීමෙන් පසු තවදුරටත් මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ල...
මාරාන්තික උපවාසයක යෙදුණු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ දිනයේ රෝහල් ගත කිරීමෙන් පසු තවදුරටත් මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. පසුගිය 31 වන සිකුරාදා දිනයේ උපවාසයක් ආරම්භ රතන හිමියන් ඊයේ දින එම උපවාසය අවසන් කරන ලද්දේ බස්නාහිර හා නැගෙනහිර ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් ඉල්ලා අස් වීමෙන් පසුවයි.
දින 4ක කාලයක් ආහාර සහ ජලය පානය වර්ජනය කිරීම නිසා උන්වහන්සේගේ ශරීරයේ විජලන තත්වයෙන් පසුවන බව රෝහල් වෛද්‍යවරු සඳහන් කරති.
ඊයේ පස්වරුවේ උන්වහන්සේ රෝහලට ගෙන ආ අවස්ථාවේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් හිමියන් වෙනුවෙන් කඩිනම් ප‍්‍රතිකාර ලබා දීමට උත්සුක වී තිබිණ.
ඔවුන් ඊයේ දිනයේ සිය පුද්ගලික වෛද්‍ය චැනල් සේවාවන් පවා අත්හැර දමා තිබින.
අද දිනය ඇතුලත රතන හිමියන්ට රෝහලින් පිටවීමට හැකිවනු ඇති බවද රෝඑල් ප‍්‍රකාශකයා පැවසීය.

COMMENTS