දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හම්බන්තොට වරාය නිසා වරාය අධිකාරිය හොම්බෙන් යයි

හම්බන්තොට වරායේ පළමු අදියර සඳහා ලබාගත් ණය වෙනුවෙන් වන වාරික මුදල වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20566ක් සහ දෙවන අදියර සඳහා ලබාගෙන ඇති ණය ...

හම්බන්තොට වරාය නිසා වරාය අධිකාරිය හොම්බෙන් යයි

හම්බන්තොට වරායේ පළමු අදියර සඳහා ලබාගත් ණය වෙනුවෙන් වන වාරික මුදල වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20566ක් සහ දෙවන අදියර සඳහා ලබාගෙන ඇති ණය වාරිකය සඳහා පොලිය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 06ක මුදල ගෙවීමට කටයුතු කරන ලෙස මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් වරාය අධිකාරිය වෙත කළ දැනුම්දීමකට අනුව අමාත්‍යවරයා මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත.

කෙසේ නමුත් වාර්තා වන ආකාරයට මේ අයුරින් වරාය අධිකාරිය ණය වාරික සහ පොලී මුදල් ගෙවීමට ඉදිරිපත්ව ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2017 ජුනි 23 දින අනුමත කර ඇති සංශෝධිත අය වැය හරහා ද මෙවැනි කටයුත්තකට මුදල් වෙන්කර නොමැති පසුබිමකය.තවද හම්බන්තොට වරාය සංවර්ධන ව්යාලපෘතියේ සහ නැව් සහ තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සඳහා මේ වන විට චීනයේ එක්සීම් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් 1,236,821,243ක් සහ ලංකා බැංකුවෙන් ඇමරිකානු ඩොලර් 20,879,037ක ණයක් ගෙන ඇත. එම ඉදිකිරීම් සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 238ක මුදලක් හිඟ වී ඇති අතර එය සපයා ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආදායම් මුදලින් බව ද වාර්තා වෙයි.

එසේම මේ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1532ක් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඇති අතර ඒ කොටස් ආයෝජන වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 238ක් සහ ප්‍රාග්ධන ණය වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1294ක් වශයෙන්ය.වැඩිදුරටත් වාර්තා වන ආකාරයට 2017 ජුනි 30 වන විට හම්බන්තොට වරාය වෙනුවෙන් ලබාගත් මුළු ණය ප්‍රමාණයෙන් මේ වන විට වරාය අධිකාරිය රුපියල් මිලියන 14546ක මුදලක් ගෙවා ඇති අතර පොලිය වශයෙන් රුපියල් මිලියන 16617ක මුදලක් ගෙවා ඇත. කෙසේ වුවත් හම්බන්තොට වරාය වෙනුවෙන් ලංකා බැංකුව වෙතින් ලබාගත් ණය මුදල හැර අනෙක් සියලු ණය මෙරට මහා භාණ්ඩාගාරය විසින් ලබාගෙන ඇති ණය බවත් වරාය අධිකාරිය වෙනත් කිසිදු අතිරේක ණය ගිවිසුමකට එළැඹ නොමැති පසුබිමක මේ අයුරින් ණය ගෙවීමේ කටයුත්තට මැදිහත්වීමට සිදුව ඇති බවත් දැනගන්නට ඇත.

තව ද වරාය අධිකාරියේ මුල්‍ය වාර්තාවලට අනුව 2009 සිට 2016 වසර දක්වා වන කාලය තුළ හම්බන්තොට වරායේ පාඩුව රුපියල් මිලියන 46,697ක් ලෙස වර්ධනය වී ඇත. එසේම ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියලේ අගයේ වූ උච්චාවචනය වීම හේතුවෙන් ලබාගත් මුළු ණයප්‍රමාණයට සාපේක්ෂව රුපියල් මිලියන 28,582ක විනිමය පාඩුවක්ද මෙරටට සිදුව ඇත. කෙසේ වුවත් මේ ආකාරයෙන් අධික ණය වාරිකයක් සහ පොලී මුදලක් ගෙවමින් අධික මෙහෙයුම් පාඩුවක් වාර්තා වන හම්බන්තොට වරාය නඩත්තු කිරීම ශ්‍රී ලංකා වරාය අධිකාරියට දුෂ්කර කටයුත්තක් බව සඳහන් කරන වරාය ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ හම්බන්තොට වරායට අදාළව චීනය සමඟ අත්සන් කිරීමට යෝජිත අනුග්‍රාහක ගිවිසුම කඩිනම් කිරීමට අවශ්‍ය බවය. පසුගිය සමයේ හම්බන්තොට වරාය ගිවිසුම කඩිනම් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ගත් උත්සාහය මේ වන විට ඇල්මැරුණු තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වාදෙන එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ යෝජිත ගිවිසුම කඩිනම් කර නොගතහොත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙන්ම මෙරට මහා භාණ්ඩාගාරය ද බලවත් දුෂ්කරතා රැසකට මුහුණපෑමේ අනතුරක් ඇති බවය.

-කාශ්‍යප කොතලාවල

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හම්බන්තොට වරාය නිසා වරාය අධිකාරිය හොම්බෙන් යයි
හම්බන්තොට වරාය නිසා වරාය අධිකාරිය හොම්බෙන් යයි
http://ift.tt/2gUk3l2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_861.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_861.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy