නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේ දී පොලීසිය හා අධිකරණය ක්‍රියාත්මක කරන ක්‍රියාමාර්ග සදහා බාධා නොවිය යුතු යැයි විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන...
නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේ දී පොලීසිය හා අධිකරණය ක්‍රියාත්මක කරන ක්‍රියාමාර්ග සදහා බාධා නොවිය යුතු යැයි විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව කීවේය.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කුමන ජාතියක් කුමන භාෂාවක් භාවිත කළ ද ඔවුන්ට සිය වෘත්තීය ගරුත්වය හා නිදහස ලැබිය යුතු යැයි කී උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේය.
නඩුවක ක්‍රියාත්මක වීම කෙරෙහි කිසිවෙකුත් ඇගිලි නොගැසිය යුතුයි. නීතියට බාධා කිරීම් සිදුවන්නේ නම් එය අනුමත කළ නොහැකියි. මේ අයුරින් විනිසුරුවන් ඝාතනය කිරීමට උත්සහ කරන්නේ නම් එය සමාජයේ පිළිගත නොහැකි පහත් ක්‍රියාවක් ලෙසයි අප සලකන්නේ. මෙවැනි කටයුතු සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි.
නිතිය හා සාමය සුරක්ෂිත කිරීමට පොලීසියට අවස්ථාව ලබා දිය යුතුයි. නඩු වාර්තා ගිනි තබමින් නීතිය වල් වැදීමට කටයුතු කළ යුගයන් අතීතයේ තිබුණා. එවැනි තත්ත්වයන් කිසිසේත්ම බිහි නොවිය යුතුයි.
උතුරේ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කරන ලෙස පවිටු දේශපාලඥයකු කළ උත්සහයකදී උතුරේ විනිසුරුවරියක ලබා දුන් නඩු තීනිදුවට මල්වතු මහා විහාරයේ ප්‍රසංශාව පුද කරනවා. සිංහල බෞද්ධයන්ගේ අයිතීන් වෙනුවෙන් බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා විය යුතු යැයි ලබා දුන් නඩු තීන්දුව ඓතිහාසිකයි. එතුමිය වෙනුවෙන් අප ස්තූතිය, ප්‍රසංශාව හා පුණ්‍යානුමෝදනා සිදුකරනවා යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් වැඩිදුරටත් පැවසීය.
උතුරේ බෞද්ධ විහාරස්ථාන ඉවත් කිරීමට ඇතැම් පවිටු දේශපාලඥයන් ක්‍රියාකරද්දී යාපනය මහේස්ත්‍රාත්වරිය විසින් නිවරැදි තීන්දුවක් ලබාදීම ප්‍රසංශනීයයි යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පැවසූහ.
ඇතැම් දේශාපාලඥයන් තම සිතැගි අනුව ක්‍රියා කරන බවත් ඒ ක්‍රියාවන් අනුව ඔවුන් බුදුදහමට හිමි ස්ථානය අහිමි කිරිමට ක්‍රියාකරන බව අද මල්වතු මහා විහාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව කීහ.
ඒ අනුව බුදු දහමට හිමි ස්ථානය ලබා දීමට කටයුතු කර නීතිය තමන් ගරු කරන බවත් එය බෞද්ධයන්ගේ පමණක් නොව සියලු ජාතීන් ආගමිකයන්ගේ ප්‍රසංශවට පත්වන බව ද උන්වහන්සේ කීය.
එමෙන්ම විද්‍යා සිසුවිය දූෂණය කර මරා දැමූ නඩුවට සම්බන්ධ විනිසුරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් මෙවැනි ක්‍රියා ඉදිරියේදී සිදු නොවීමට කටයුතු කළ යුතු යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
නුවර නදීක දයා බණ්ඩාර
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=eLta_lcZMrY[/youtube]
COMMENTS