දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෂොපින් බෑග් එකක් අරගෙන ආ බදියුදීන් ලෝකයේ බිලියනපතියෙක් වූ හැටි මෙන්න
Homeප්‍රවෘත්ති

ෂොපින් බෑග් එකක් අරගෙන ආ බදියුදීන් ලෝකයේ බිලියනපතියෙක් වූ හැටි මෙන්න

PropellerAds

කු ණු කානුවේ සිටි ‘‘ජනවර්ජන’’ නගරාධිපති වූයේ මනුතාපයේය. ඒ නවකතාවක සිදුවෙන හැටිය. එහෙත් සත්‍යයට වඩා කල්පිතය විශ්වාස කළ හැකි බවට උදාහරණයක් දේ...

මෝටර් රථයක් අධිවේගියේ මරණය අතින් ගෙන ධාවනයේ…
පොල්තෙල් වලට විෂ එකතුවීම වැළැක්වීමට හැම ගමකටම රජයෙන් සෙක්කුවක් ලබාදෙන්න - GMOA සභාපති
ජනපති ගම සමග පිළිසඳරේ දී කිව්වේ බොරු… දෑරංගල පාසලට අළුත් ගොඩනැගිල්ලක් නොලැබේ…
කුණු කානුවේ සිටි ‘‘ජනවර්ජන’’ නගරාධිපති වූයේ මනුතාපයේය. ඒ නවකතාවක සිදුවෙන හැටිය. එහෙත් සත්‍යයට වඩා කල්පිතය විශ්වාස කළ හැකි බවට උදාහරණයක් දේශපාලන ලෝකයෙන් හමුවී තිබේ. මේ කතාව, පොල්අතුපැලේ සිට ඇමැතිවරයකු දක්වා පැමිණි එවැනි ධෛර්ය සම්පන්න තරුණයකු ගැනය. නිකම්ම ඇමැතිවරයක් නොව කෝටිපතියෙක් වූ තරුණ ඇමැතිවරයෙක් ගැනය.

පසුගිය සඳුදා වන තෙක්ම කර්මාන්ත වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ සහ සමුපකාර සංවර්ධන ඇමැති ධුරයෙහි කටයුතු කළ රිෂාඩ් බදියුදීන් මෙහි කථානායකයා වෙයි. 1972 නොවැම්බර් මස 7 වැනිදා මන්නාරම තාරාපුම්හි උපත ලබන රිෂාඩ් හය දෙනකුගෙන් යුත් පවුලේ බර කරට ගත් වැඩිමහල් සහෝදරයා විය.

තමන්ට කියා පාපැදියක් හෝ නොතිබූ මේ කාලේ රිෂාඩ්ගේ පියා තම දරුපවුල නඩත්තු කිරීම උදෙසා අපමණ වෙහෙසක් ගත්තේය. මන්නාරමේ පෙට්ටි කඩයක් අටවාගෙන පොල්ගෙඩි තුන හතරක් විකුණා උපයාගත් මුදලින් ජීවිකව ගෙන ගියද දරුවන්ට සිප් සතර ඉගැන්වීම ද ඔහු අමතක කළේ නැත. මන්නාරම අල් මීනා මහා විද්‍යාලයට රිෂාඩ් අත්පොත් තැබූ විද්‍යාලය වෙයි. ඉන්පසු කොළඹ සහිරා විද්‍යාලයෙන්ද උසස් අධ්‍යාපනය ලබා මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව (NDT) හැදෑරීමට ද රිෂාඩ් අවස්ථාව උදාකරගත්තේය.

රිෂාඩ් පමණක් නොව ඔහුගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන්ද මොරටුව විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රීය දැනුම ලබා ගැනීමට තරම් දක්ෂයෙක් වූයේය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාර හමුවේ උපන් ගම්බිම් හැර දමා පුත්තලමේ අනාථ කඳවුරු කරා පැමිණීම බොහෝ මන්නාරම් වැසියන්ට අත්විඳීමට සිදුවූ තත්ත්වයකි. රිෂාඩ් ඇතුළු පවුලේ අයටත් මේ පොදු ඉරණමට මුහුණ පෑමට සිදුවූහ. ඒ අනුව පුත්තලමේ තිල්ලඩියේ පොල් අතු පැලක ඔවුන් ජීවිකාව අරඹන්නේ අනූව දසකයේ මුල් භාගයේ දීය. මේ කාලයේ ජීවිතය ගෙන යාම සඳහා පුත්තලමේ ත්‍රිරෝද රථ රැකියාවට යොමුවන රිෂාඩ්ගේ සොහොයුරු රියාච් කුලියට ලබාගත් ත්‍රිරෝද රියක් පදවා දෛනික ආදායමක් ලබන්නට පුරුදුව සිටියේය.

‘‘රිෂාඩ් පුත්තලමට ආවේ ෂොෆින් බෑගයක රෙදි දමාගෙන’’ යැයි වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක මායාදුන්නේ පවසන්නේ මේ කාලවකවානුව ගැන විය යුතුය. චින්තක පවසන පරිදි රිෂාඩ් සහ චින්තක එකම පාපැදියේ ගමන් ගිය සගයෝ වෙති.

‘‘1995 මම සමෘද්ධි නියාමක. මට මතකයි රිෂාඩ්ට මේට් වර්ගයේ කෑලි හැළෙන මෝටර් සයිකලයක් තිබුණා. ඒ බයිසිකලෙන් අපි ගමන් බිමන් ගියා. ප්‍රේමරත්න සුමතිපාල මහත්තය එක්ක රිෂාඩ් 1999 පළාත් සභා මැතිවරණයටත් වැඩ කළා’’ චින්තක මායාදුන්න මේ බව සඳහන් කරන්නේ තම මිතුරාගේ අතීත දේශපාලන සම්බන්ධකම්ද සිහිගන්වමිනි.

ප්‍රේමරත්න සුමතිපාල 98-99 වර්ෂවල පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය ඇමැතිවරයායි. ඔහු වරෙක උතුරු පුනරුත්ථාපන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසද කටයුතු කළේය. එවකට ශ්‍රීලනිපයේ වවුනියාව ආසනයේ සංවිධායක වූයේද ඔහුය.

96-97 වර්ෂවලදී රිෂාඩ්, සුමතිපාල ඇමැතිවරයා හමුවට ගියත් ඔහු දේශපාලන කටයුතු හා සම්බන්ධ කර ගැනීමට ඇමැතිවරයා වැඩි කැමැත්තක් නොදක්වයි. පසුව සුමතිපාල ඇමැතිවරයා ළඟ රිෂාඩ්ට ඉඩ විවර වන්නේ ඒ.එච්.එම්. ෆවුසිගේ ඉල්ලීමකට අනුවය. සුමතිපාල ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙසද පත්වන රිෂාඩ් 2000 වර්ෂයේ ‘‘පුටුව’’ ඡන්ද ලකුණු යටතේ මහමැතිවරණයට තරග කිරීමටද අවස්ථාව උදා කර ගනී. එහෙත් ඡන්ද ලබාගන්නේ දහසකට අඩු ප්‍රමාණයකි. එම මැතිවරණ පරාජයෙන් පසු හය මසක් පමණ යනතෙක් මෙම තරුණයා දැක ගැනීමට නොහැකි වූ බව ප්‍රේමරත්න සුමතිපාල පවසයි.

මේ තරුණයා යළි කලඑළි බසින්නේ 2001 මහ මැතිවරණයත් සමගය. ඒ මුස්ලිම් කොංග්‍රසය යටතේ අලියා ලකුණෙන් වන්නි දිස්ත්‍රික්කයට තරග වදිමිනි. එවර ඡන්ද 9,276 ක් ලබා ගෙන හා හා පුරා කියා 12 වැනි පාර්ලිමේන්තුවට පියනැගීමට රිෂාඩ්ට වාසනාව ලැබෙයි.

2001 වර්ෂයෙන් එළැඹි දසක දෙකෙහි රිෂාඩ් නොසිතූ ලෙස පොහොසතකු වූ බව වයඹ පළාත් සභාවේ හිටපු සභා නායක චින්තක අවධාරණය කරයි.
පර්චස් දොළහක් කෝටි දොළහකට මිලදී ගනිමින් කොළඹ බෞද්ධාලෝක මාවතේ ‘‘වයිට්හවුස්’’ මොඩලයේ නිවසක් ඉදිකිරීමටද රිෂාඩ් කටයුතු කර ඇති බව චින්තක කියා සිටියි.

දේශපාලන වශයෙන් ස්ථාවරවත්ම දේශපාලන බලපෑමෙන් ම මහා පරිමාණයෙන් මුදල් හම්බ කිරීමට රිෂාඩ් කටයුතු කර ඇති බව ඔහුට නැඟෙන ප්‍රධාන චෝදනාවකි.

2004 වර්ෂයේ මුස්ලිම් කොංග්‍රසය යටතේ එක්සත් ජාතික පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින ඔහු පසුව එක්සත් ජනතා නිදහස් සංවිධානයට එක්වී නැවත පදිංචි කිරීම් හා අපාදා කළමනාකරණ අමාත්‍ය ධුරයද ලබාගනී. මෙසේ පැති මාරු කරන්නේ බලයේ රැඳී සිටිමින් හරි හම්බ කරගැනීමට බව ඔහුගේම මිතුරු දේශපාලනඥයන්ගේද අදහස වී තිබේ.

හිටපු ඇමැති එස්.බී. දිසානායක පවසන්නේ රිෂාඩ් කරපු හොරකම්, දූෂණ මංකොල්ලකෑම් සහ මිනීමැරුම් චෝදනාවන් පිළිබඳ තොරතුරු ඔහු සතුව පවතින බවයි.

රිෂාඩ්ට මෙලෙස චෝදනා එල්ල වන්නේ අද ඊයේක සිට නොවේ. 2011-2012 වර්ෂවල ‘‘උතුරු වසන්තය’’ යටතේ කල්ලාරු වනාන්තරයේ නැවත පදිංචිකිරීම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය. එවකට ඔහු කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැතිවරයාය.

ඔහුට එම ඇමැති ධුරය හිමිවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැතිවරණයට තරග කළ 2010 වර්ෂයේ දීය. එහිදී ඡන්ද 27,461ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ රිෂාඩ් එවර එක්සත් ජනතා නිදහස් සන්ධානය හා සන්ධානගත වන්නේ, තමාම බිහි කළ සමස්ත ලංකා මහජන කොංග්‍රසය මගිනි. එම පක්ෂය ඔහු ආරම්භ කරන්නේ 2005 වර්ෂයේදීය.

එම පාලන සමයේදී විල්පත්තුවේ වන සංහාරයක් පිළිබඳවද පරිසරවේදීන්ගෙන් හා සමාජ ක්‍රියාකාරීන්ගෙන් රිෂාඩ්ට චෝදනා එල්ල වෙයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ්ට එරෙහිව නඩු පවරණ ලෙස 2018 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනිදා අභියාචනාධිකරණ නියෝගයක් ද නිකුත් විය.

එපමණක් නොව මන්නාරමේ අක්කර 3550ක දූපතක් හා පුත්තලමේ අක්කර 3000ක පමණ ඉඩම්ද මෙම පුද්ගලයාට හිමිකම් කීමට හැකිවන ලෙස මිලට ගෙන ඇතැයි චෝදනා හැඟෙයි. කොළඹ නිවාස 5ක් මන්නාරමේ සහ පුත්තලමේ ද නිවාස පවතින බව කියයි. වෙනත් අයට අයත් පෞද්ගලික ඉඩම් ගණනාවක ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන් නඩු පැවරුණු අවස්ථා ගැනද සඳහන් වෙයි එහෙත් මෙම බොහෝ ඉඩකඩම්, ගෙවල් දොරවල් ලබාගෙන ඇත්තේ ඥාති හිතවතුන්ගේ නම්වලටය. එය සෘජුව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් යැයි නීතිවේදීහු පෙන්වා දෙති.

තවත් ප්‍රබලතම චෝදනාවක් වන්නේ අවතැන්වූවන් වෙනුවෙන් විදේශයන්ගෙන් ගෙන්වා ගත් මුදල් අවභාවිතයයි. එම මුදල් රිෂාඩ් ඇතුළු කණ්ඩායමේ සුඛවිහරණයට යොදාගත් අවස්ථා ඇතැයි ජන විරෝධය එල්ල වී තිබේ.

මක්කල් රාසික් නමැති ග්‍රාම නිලධාරිවරයා ක්‍රියාකාරී අධ්‍යක්ෂධුරය දැරූ CTR නමැති රාජ්‍ය නොවන සංවිධානය ගැනද මෙලෙස සැක පහල වී ඇත. මුස්ලිම් පිරිසක් පමණක් නියෝජනය කළ එම සංවිධානයේ මුදල් ගනුදෙනු පිළිබඳව ගැටලු මතුවී තිබේ. එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරය දැරූ මක්කල් රාසික් පසුගිය සමයේ ඝාතනයට ලක් වීම අබිරහසක් බවට පත්ව ඇත.

පුවක් ප්‍රති අපනයනයේ වෙළෙඳ අධිකාරිය පවතින්නේද මෙම චෝදනාවලට ලක්වූවන් අතර බව ජනතාව කියති. මෙවැනි චෝදනා ගණනාවක් අතර රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයාට එල්ලවන නවතම චෝදනාව වූයේ පාස්කු බෝම්බකරුවන්ට සහයෝගය ලබාදීමේ චෝදනාවයි.

පාර්ලිමේන්තු විශ්වාස භංගයක් ගොනුවන්නේද එම කාරණය මුල් කර ගෙනය. එම චෝදනා සුළු පටු නොවේ. 2005 පිහිටු වූ ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික එස්.කේ.පී. අලහුඩීන් ත්‍රස්ත තොරතුරු වසන් කිරීමේ චෝදනාවට ලක්ව ඇත. එම පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන අබ්දුල් හසන් ත්‍රස්ත සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එවැනි කාරණා ගණනාවක් අතර රිෂාඩ්ට එල්ලවන චෝදනා වන්නේ ත්‍රස්ත සැකකරුවන් මුදා ගැනීම සඳහා හමුදාපතිවරයාට දුරකථනයෙන් කතා කිරීම, ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට පත්වූවන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව මුදාහැරීමට ඉඩ සැලසීම වැනි කාරණා කීපයකි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු ත්‍රස්තයාගේ තඹ කම්හලට රිෂාඩ්ගේ අමාත්‍යාංශයෙන් හිස් පතරොම් කොපු යැවූ චෝදනාවද වෙයි.

මෙම කාරණා සම්බන්ධයෙන් රිෂාඩ්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන්ටද ඇඟිල්ල දිගු වී ඇත. මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග ව්‍යාපාරවල යෙදුණු බව රිෂාඩ්ගේ සොහොයුරන්ට චෝදනා නැගෙයි. රිෂාඩ්ගේ සහෝදරයන් පිළිබඳව කියැවෙන තවත් අවස්ථාවක් වන්නේ රිෂාඩ්ගේ අමාත්‍යාංශයට අයත්ව තිබූ සතොස ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධවය. 2014-2015 වර්ෂයන්හි ලක් සතොස ආයතනය සඳහා සහල් මෙට්‍රික් ටොන් 57,000ක් ආනයනයේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන්ද මේ වනවිට පරීක්ෂණ පැවැත්වේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසය පසුගියදා මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඩ්ගෙන් පැය 6ක් ප්‍රශ්න කරන්නට යෙදුණේය. එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ රිෂාඩ් පැවසුවේ තමා වැරදි කර නැති බැවින් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්නොවන බවයි. එහෙත් පසුගිය සඳුදා ඔහු සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය. ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වුවත් ඔහු ඇමැති වරප්‍රසාද ලබමින් සිටින බවට සිංහල රාවය සංවිධානය චෝදනා කර සිටියේය.

රිෂාඩ්ගේ අනුදැනුම පිට සතොස වාහන බෝම්බ පුපුරවාගත් සහරාන්ලා භාවිත කළ බව විමල් වීරවංශ සඳහන් කරයි. බෝම්බ ප්‍රහාරයන් එල්ල කිරීමට පෙර දිනයේදී සතොස වාහන එම ත්‍රස්තවාදීන් භාවිත කර ඇතැයි විමල් පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේය.

මෙලෙස නැගෙන චෝදනා පැමිණිලි ස්වරූපයන් ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට රජය මගින් අවස්ථාවක් උදා කර දී ඇත. ඒ රිෂාඩ්, අසාද් සාලි සහ හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි ඇත්නම් ඉදිරිපත් කිරීමට පොලිස් ඒකකයක් පිහිටුවීමෙනි.

නීතිය මගින් කෙරෙන එවැනි පරීක්ෂණයන්ට තමන් සහයෝගය දක්වන බව රිෂාඩ් පවසයි. තමන් අත වැරදි නැති බැවින් එවැනි පරීක්ෂණයන්ට බියවීමට හේතුවක් නැති බව ඔහුගේ අදහස වී තිබේ.

රිෂාඩ් කියන පරිදි ඔහුට නැගෙන චෝදනා අසත්‍යය. විල්පත්තුව විනාශ කළා නම් නඩු නොදමන්නේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කර සිටියි. අවතැන් දෙමළ ජනතාව ලක්ෂ තුනක් නැවත පදිංචිකිරීමට කටයුතු කළ තමා සිංහල බෞද්ධයන් දකින්නේ රත්තරන් මිනිසුන් ලෙස බව සඳහන් කර සිටියි.

හැම වර්ෂයකදීම තමන්ගේ වත්කම් බැරකම් ජනාධිපතිට සහ පාර්ලිමේන්තුවට හෙළි කිරීමට කටයුතු කරන බව රිෂාඩ් පෙන්වා දෙයි. එම වත්කම් බැරකම් අතරට තම බිරිඳගේ, බිරිඳගේ ඥාතීන්ගේ සහෝදරයන්ගේ රියැදුරුවරුන්ගේ සහ අනෙකුත් ඥාති ගණයාගේ නමින් ලබාගත් යම් දේපොළක් වේ නම් ඒවාද ඇතුළත් කිරීම යුක්ති සහගත නොවන්නේද?

තුෂාර උඩවත්ත
– aruna.lk


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෂොපින් බෑග් එකක් අරගෙන ආ බදියුදීන් ලෝකයේ බිලියනපතියෙක් වූ හැටි මෙන්න
ෂොපින් බෑග් එකක් අරගෙන ආ බදියුදීන් ලෝකයේ බිලියනපතියෙක් වූ හැටි මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsXbYW6MaCxujZwkoaSXzZngBJWM3zRI_dxbnDt91NCKOQ0znGrcI31oLRG8yPoJ0sNEK2zGTqYEmi-kis2C5-7vs0HYqCHwbVxBHwiLq0SfCIO3OVfULh7z4h6XW1ySgpsO7c5is_zy35/s320/risha-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsXbYW6MaCxujZwkoaSXzZngBJWM3zRI_dxbnDt91NCKOQ0znGrcI31oLRG8yPoJ0sNEK2zGTqYEmi-kis2C5-7vs0HYqCHwbVxBHwiLq0SfCIO3OVfULh7z4h6XW1ySgpsO7c5is_zy35/s72-c/risha-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_999.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_999.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy