එ ක එක නායකයන් පස්සෙන් ගිහින් වැඩක් නෑ ප වුල නොව රට ගැන හිතන නායකයකු අවශ්‍යයි. නොයෙක් නායකයෝ පස්සේ ගිහින් ඇති වැඩක් නැහැ. අපේ තුළින් බිහිව...
එක එක නායකයන් පස්සෙන් ගිහින් වැඩක් නෑ
පවුල නොව රට ගැන හිතන නායකයකු අවශ්‍යයි. නොයෙක් නායකයෝ පස්සේ ගිහින් ඇති වැඩක් නැහැ. අපේ තුළින් බිහිවෙන නායකයෙක් සිංහාසනයට ගේන්න ඕනෑ’’ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියෝ පැවසූහ. කොස්ගොඩ දූවෙමෝදර සිරිනිකේතනාරාම විහාරස්ථානයේදී පෙරේදා (16 වැනිදා) පැවති පිංකමකදී අනුශාසනාවක් පවත්වමින් උන්වහන්සේ එසේ කීහ.
විහාරාධිපති ගාලූ දිසාවේ ප‍්‍රධාන සංඝනායක අහුන්ගල්ලේ සීවක හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම පිංකමේදී තවදුරටත් කතා කළ රතන හිමියෝ මෙසේ ද කීහ.
අපට හොඳ ශිෂ්‍ය පිරිසක් නැහැ. මහණ වෙන්නෙත් නැහැ. මහණ කරන්නෙත් නැහැ. උපාසකම්මලාටත් මහණ වෙන්න පුළුවන්. ගිහි බණ ධර්ම දේශකයෝ දස දහසක්වත් අවශ්‍යයි. අපේ රටේ ගම්මාන දාහතර දහසක් තිබෙනවා. සිංහල බෞද්ධයෝ ඉන්න ගම්මාන දස දහසක් තිබෙනවා. මිනිසුන්ට ගුරුහරුකම් දෙමින් මඟපෙන්වන්න පුළුවන් එවැනි පිරිසක් සකස් කර ගැනීමයි අවශ්‍ය. පන්සල්වල ආගමික වැඩසටහන් කළ යුතුයි. නැත්නම් පන්සල් පාළු වෙලා යනවා. ධර්මය ගැන කියන විට අර්ථයක් ගැන කියවෙනවා. අර්ථය යනු ආර්ථිකයයි. ආර්ථික ජීවිතය නැත්නම් අධ්‍යාත්මික ජීවිතයක් නැහැ.
ලංකාවේ මහ පොළොවේ වැවෙන හැම ගසකින්ම අස්වැන්න දෙගුණයක් ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම නැහැ. කුරුඳුවලින් ඖෂධ, සෙන්ට් වර්ග හදන්න පුළුවන්. තව නොයෙක් දේවල් හදන්න පුළුවන්. මේ කුරුඳු තිබෙන්නේ ලංකාවේ විතරයි. මෙය අපට ආවේනික ශාකයක්. ලෙලි, කෝටු, තෙල්, දත් කුරු හදන්න පුළුවන්. අක්කර කාලකින් හතර පස් දෙනකුට ජීවත් වෙන්න පුළුවන්. ගෙවත්තක පොල් ගස් දහයක් වවන්න පුළුවන්. ලංකාවේ ඕනෑම ගහකින් වැඩි අස්වැන්න ලබාගත හැකි ක‍්‍රමය මා ළඟ තිබෙනවා. ආර්ථිකයට ලොකු ආලෝකයක් බුදු දහම.
අපේ රටේ හැමදාම හිරු එළිය වැටෙනවා. ගස් කොළන් වැඩෙනවා. හිරු එළිය නිසයි සර්පයන්, කුඹින් ඉන්නේ. තව අවුරුදු දහයක් යන විට ලෝකයේ තෙල් නැති වෙනවා. තාප බල ශක්තියෙන් තමයි වාහන ධාවනය වන්නේ. මැදපෙරදිග තෙල් නැතුව අපට ඉන්න පුළුවන්. රටට හොඳ නායකයෙක් ලැබුණොත් රට දියුණු වෙනවා. ඉඳලා හිටලා බිහිවෙන නායකයෝ නොවෙයි රටේ නායකයාට සැලසුමක් හදන්න පුළුවන් විය යුතුයි. නායකයා ළඟ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණය තිබිය යුතුයි.
සමහරුන්ගේ උත්පත්තියෙන් මානය වැඩියි. උඩඟුකම වැඩියි. අපේ අම්මලා දොස්තරලා හදනවා. සල්ලි දොස්තරලා විතරයි හදන්නේ. දැන්නම් සමුපකාරය දූෂණය වෙලා. විනාශ වෙලා. හැත්තෑ ගණන්වලදී සමුපකාරය හොඳට තිබුණා. අද බයිසිකල්වලින් ඇවිත් කණ්ඩායම් හදලා ණය දෙනවා. ගිනි පොළිය අය කරන්නේ. එවැනි අයට ගමටවත් එන්න දෙන්න එපා. බෝම්බ ප‍්‍රශ්නය නිසා සංචාරක කර්මාන්තය යකාට ගිහින්. හෝටල් කාමර පාළු වෙනවා. අපට මේ රට හදන්න පුළුවන්.
බලපිටිය ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර සංජය මදුසංක මුතුමුණි මහතා ද කතා කළේය.
බලපිටිය - අනුර යසමිත්

COMMENTS