ශ්රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන තරඟාවලියේ අද සහභාගී වූ තරගයෙන් පරාජයට පත් විය. ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ශ‍්‍රී ලංකාව පරාජයට පත් වූයේ...
ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ශ‍්‍රී ලංකාව පරාජයට පත් වූයේ ලකුණු 87 කිනි.
තරගේ මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව කඩුලු 7කට ලකුණු 334ක් නියමිත පන්දුවාර 50 අවසානයේ ලබාගත්තේය.
නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනාම පන්දු වාර 45.5කදී දැවී ගොස් ලබා ගන්නා ලද්දේ ලකුණු 247ක් පමණි.
මේ තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව කරළියට පැමිණීමට නම් ඉදිරි තරග 4 තුනක්වත් ජය ගැනීමේ අසීරු තත්ත්වයකට පත්ව තිබේ.
මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකාව තරග 05කට සහභාගී වී ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. තරග දෙකක් පරාජය පත් වූ අතර තරග දෙකක් අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දමනු ලැබීය.
ශ‍්‍රී ලංකා පිලේ කලමනාණාකරු මීට පෙර කියා සිටියේ කොළ පැහැ තණතිරු ලබා දීම නිසා දැඩි අසාධාරණයක් වූ බවයි.
නමුත් අද තරගයට යොදා ගත්තේ දුඹුරු පැහැ තණතීරුවකි.
COMMENTS