බ ස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස එ්.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කරනු ලැබ ඇත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම ඊයේ (04 වැනි...
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස එ්.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කරනු ලැබ ඇත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම ඊයේ (04 වැනිදා) සිදුකර තිබේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ අසාද් සාලි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුවට මුසම්මිල් මහතා පත් කිරීමට ජනාධිපතිවරයා මෙසේ පියවර ගෙන ඇත.
මුසම්මිල් මහතා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සහ මැලේසියාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා වශයෙන්ද මීට පෙර කටයුතු කර තිබිණි.
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර එ්.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නේය.

COMMENTS