දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මේ රට අද ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට පත්වෙලා" - ඇල්ලේ ගුණවංස හිමි
Homeප්‍රවෘත්ති

"මේ රට අද ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට පත්වෙලා" - ඇල්ලේ ගුණවංස හිමි

PropellerAds

ව ත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට  පත්ව ඇතැයි ඇල්ලේ ගුණවංස හිමියෝ කොළඹ දී ඊයේ (12) පැ...

මහින්ද නුවරට ගොස් සර්ව ආගමික නායකයින් හමු වෙයි
ගම්පහ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය විරෝධතාවයක
මහනුවර ගැටුමෙන් 2ක් මරුට - 11කට තුවාල - 71ක් සැකපිට අත්අඩංගුවට
ත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට  පත්ව ඇතැයි ඇල්ලේ ගුණවංස හිමියෝ කොළඹ දී ඊයේ (12) පැවසූහ. ජනතාව පීඩාවට පත්ව සිටියදී ඔවුන්ගේ ප‍්‍රශ්න ගැටලූ විසඳනවා වෙනුවට දේශපාලඥයන් ඔවුන්ගේ දුක් අදෝනා නගමින් එකිනෙකාට චෝදනා කරමින් රටට විහිලූ සපයමින් සිටින බවත් උන්වහන්සේ සඳහන් කළහ.

රට පුපුරවන පාර්ලිමේන්තු බෝම්බය නිශ්ක‍්‍රීය කරනු, ජනපති, අගමැති, කථානායක සහ ආණ්ඩුවෙන් රට බේරා ගනිමු යන මැයෙන් තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ දී යුතුකම සංවාද කවය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසුහ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංස හිමියෝ මෙසේ ද කීහ.

‘‘මේ ලෝකේ කිසිදු රටක ජනතාවකට  සිදු නොවූ දේවල් සිදුවූ ජනතාවක් ඉන්න රටක් බවට අපේ රට අද පත්ව තිබෙනවා. ඒ නිසා  මේ ආණ්ඩුවෙන් අපේ රටත් ජනතාවත්  බේරගමු කියන ස්ථාවරයේ අද අපි ඉන්නවා.අද අපේ රටේ ආණ්ඩුවක් තිබුණත් කිසිම ගැටලූවකට වගකියන ආණ්ඩුවක් මේ රටේ අද නැහැ. කිසිම ප‍්‍රශ්නයකට පිළිතුරක් දෙන  රජයක් නෙමෙයි මේ පවතින්නේ. අද අපිට අසාගෙන ඉන්න තියෙන්නේ  මේ ආණ්ඩු කරන පුද්ගලයන්ගේ ප‍්‍රශ්න සහ රණ්ඩුයි. අද ජනාධිපතිට අගමැති චෝදනා කරනව. අගමැතිට ජනාධිපති චෝදනා කරනවා. එවැනි නාටකයක් මේ රටේ ජනතාව හැටියට අපිට බලාගෙන ඉන්න වෙලා තියෙනවා. අද මේ පාලකයන්ගේ එකම වගකීම වෙලා තියෙන්නේ තම තමන්ගේ බලය රැක ගැනීමයි.  ඒ වෙනුවෙන් ඔවුන් ජනතාව රවටමින් උදේ,  දිවා නැතිව කැපවෙනවා. අද ජනතාවට තමන්ගේ දුක් ගැනවිල්ලක් කියන්න පුලූවන් දේශපාලඥයෙක් මේ රජය තුළ නැහැ. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය නිසා මේ රට අද තවත් ප‍්‍රපාතයකට වැටිලා තියෙනවා. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට අද වනතෙක් මේ ආණ්ඩුවෙන් කිසිදු විසඳුමක් නැහැ. ජේ. ආර් ජයවර්ධන මහතා ඒ කාලේ ප‍්‍රකාශ කළා වගේම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපුරා ගත යුතුයි කියන පණිවිඩය මේ ආණ්ඩුවත් අපිට ලබා දීලා තියෙනවා."

"නිතරම රටේ අර්බුදයක් නිර්මාණය කරලා මේ රජය ජාත්‍යන්තර  ගිවිසුම්වලට එළැඹෙමින් සිටිනවා. මේ ගැටුම් අස්සේ  වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට භාර දුන්නා. මේ ආණ්ඩුව අද වැඩ කරන්නේ පිට් පොකට් කාරයෝ වගේ. මේ රට අද ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට පත්වෙලා. මේ ආණ්ඩුවේ ක‍්‍රියාකලාපයන්ට රැවටෙන්න අපි සූදානම් නැහැ. මේ ආණ්ඩුවේ කටයුතු දෙස අපි වෙනදටත් වඩා විමසිල්ලෙන් බලා සිටිනවා. දැන් මේ ඉස්ලාම් අන්තවාදීන්ගේ ගැටලූව විසඳීමටත් මේ ආණ්ඩුව ඉදිරිපත් වෙන බවක් පේන්න නැහැ. අනාගත දරු පරපුරට රටක් ඉතුරු කරන්න කියලා අපි මේ පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. රටේ බෝඩිංකාරයේ වගේ කටයුතු කරන්නේ නැතිව රටේ භාරකාරයන් යැයි සිතමින් වගකීම් සහගතව කටයුතු කරන ලෙසට අපි ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29406,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මේ රට අද ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට පත්වෙලා" - ඇල්ලේ ගුණවංස හිමි
"මේ රට අද ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට පත්වෙලා" - ඇල්ලේ ගුණවංස හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioBu82OXe1Ydy_cKXeSwqrRKWDdiDCOBW9onCS4atO0rqsRTW3OqCzTtFUSoBaBVrTp3eeixTdyBRX119mqyMBcEkPukest0q-5xkMcCZZhElAnrSXRvsqnaIDDD7yjdJc9DO3ECadZWoE/s320/c5867539b3114d11bdca3ba37914f63c_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioBu82OXe1Ydy_cKXeSwqrRKWDdiDCOBW9onCS4atO0rqsRTW3OqCzTtFUSoBaBVrTp3eeixTdyBRX119mqyMBcEkPukest0q-5xkMcCZZhElAnrSXRvsqnaIDDD7yjdJc9DO3ECadZWoE/s72-c/c5867539b3114d11bdca3ba37914f63c_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_765.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_765.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy