හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) උදෑසන මහනුවර දි සියලූම මහනායක, අනුනායක ස්වාමීන් වහන්සේලා, මවුලවීතුමන්ලා හා හින්දු පූජකතුමන්ලා ස...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) උදෑසන මහනුවර දි සියලූම මහනායක, අනුනායක ස්වාමීන් වහන්සේලා, මවුලවීතුමන්ලා හා හින්දු පූජකතුමන්ලා සමඟ මහනුවර ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක නිරත විය.
රට තුළ ජාතීන් අතර අසමඟියක් ඇතිව තිබෙන මොහොතක රජය විසින් සිදු කළ යුතු කාර්යයක් තමා විසින් මැදිහත් වි ඉටු කළ මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මුස්ලිම් ජනතාවගෙන් තමා වෙත ලැබුණ ඉල්ලීමක් නිසා මෙවැනි සාකච්ඡාවකට පැමිණි බවත් තමා මැදිහත්කරුවෙකු ලෙස මෙහිදී කටයුතු කළ අතර එය ප්‍රතිඵලදායක බව ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
සිංහල ජනතාව ඉවසන ආකාරයට මුස්ලිම් ජනතාවගේ ද ඉවසීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී කථා කළ බව ද මෙහිදි සඳහන් කළේය.
කෙසේ වෙතත් ඇතිවු තත්වයට රජය වගකිව යුතු බවත් පොලීසියට එහිදී තීරණ ගැනීමේ හැකියාවක් නොතිබුණ බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, සාමයෙන් හා ඉවසීමෙන් යුතුව සියලු ජාතීන්ට කටයුතු කරන ලෙස ද කියා සිටියේය.
COMMENTS