දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අති දැවැන්ත ඩයලොග් සමාගම නෝර්වේ අතට.. ලක්වැසියන්ගේ සුවිශාලම දත්ත ගබඩාව නෝර්වේ ඔත්තු සේවය අතට
Homeප්‍රවෘත්ති

අති දැවැන්ත ඩයලොග් සමාගම නෝර්වේ අතට.. ලක්වැසියන්ගේ සුවිශාලම දත්ත ගබඩාව නෝර්වේ ඔත්තු සේවය අතට

PropellerAds

ජා තික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි ...

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී නෑ !
NTJ ත‍්‍රස්ත පුහුණු කදවුරක් සිප්පිකුලමෙන් සොයාගනී
විදුලි බිලටත් මිල සුත්‍රයක් ගේන්න ආණ්ඩුව සුදානම් !
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

නෝර්වේජියානුවන් විසින් ශ‍්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්‍ෂේත‍්‍රයේ බරපතළ අත්පත්කර ගැනීමක් සඳහා දියත්කොට ඇති සූක්‍ෂ්ම මෙහෙයුම සාර්ථක වුවහොත් ඒ මගින් ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සහ මහජන ආරක්‍ෂාව අනතුරේ වැටීම පිළිබඳව

මැලේසියාවේ ඒසියාටා (Axiata) සමාගමට 88%ක කොටස් හිමි, ශ‍්‍රී ලංකාවේ ඩයලොග් (Dialog) සමාගම ශ‍්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ බරපතළ බලපෑම් සහගත තත්වයකට පත්ව ඇත. එම සමාගමට 2G කුළුණු 3200ක් සහ 3G කුඵණු 3200ක් මගින් රටේ භූමියෙන් 89%ක් සහ රටේ ජනගහනයෙන් 98% දක්වා ආවරණය කළ හැකි විදුලි සංදේශ ජාලයක් අයත් වේ. මේ වන විට එම ආයතනය සතු ගනුදෙනුකරුවන්ගේ පදනම මිලියන 13ක් ඉක්මවා යන අතර රජයට බදු ගෙවීමෙන් පසුව 2018 දී මිලියන 10,000ක ලාභයක් උපයා ඇත.

ශ‍්‍රී ලංකාවේ ඩයලොග් සමාගමේ මව් සමාගම මැලේසියානු සමාගමක් වුව ද ඔවුන් විසින් ඩයලොග් සන්නාමය ප‍්‍රශස්ත ලෙස දේශීයකරණය කිරීමට සමත් වී ඇත. අනෙක් පැත්තෙන් ගත්විට එම සමාගම ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට හෝ මහජන ආරක්‍ෂාවට අදාළව රජයේ පාලනයට යටත්ව කටයුතු කොට ඇත. එම නිසා ඉතා වැදගත් දත්ත පද්ධතියක් සහ එය භාවිතා කළ හැකි තාක්‍ෂණික හැකියාව එම සමාගම සතු වුව ද ඒවා යොදාගනිමින් අයුතු ක‍්‍රියා සිදු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී නැත. නෝර්වේජියානුවන් විසින් ශ්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන මෙම වටිනා ආයතනය අත්පත් කර ගැනීමට කුරුමානම් අල්ලන්නේ එම සමාගම සතු වාණිජ වටිනාකමට වඩා දේශපාලන සහ යුදමය උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලටට ගනිමින් බව පැහැදිලිව තේරුම් ගත හැක.

නෝර්වේජියානුවන්ගේ සැලසුම් අනුව නෝර්වේජියානු රජයට 54%ක කොටස් හිමි ටෙල්නෝ (Telno) සමාගම විසින් මැලේසියාවේ ඒසියාටා (Axiata) සමාගමේ කොටස්වලින් 57%ක් අත්පත් කර ගනු ඇත. එවිට ශ්‍රී ලංකාවේ ඩයලොග් සමාගම සම්පූර්ණයෙන්ම කළමනාකරණය කිරීමේ බලය නොර්වේජියානුවන් අතට පත් වේ. නොර්වේජියානුවන් විසින් ඒසියාටා සමාගමේ පාලන කොටස් ප‍්‍රමාණයක් අත්පත් කරගන්නේ මැලේසියාවේ ව්‍යාපාරික උවමනාවකට වඩා ශ්‍රී ලංකාවට පය තබා ගැනීමේ උවමනාව නිසා බව ක්‍ෂේත‍්‍රයේ විද්වතුන්ගේ මතය වී ඇත.

නොර්වේජියානු ඔත්තු සේවා යුද්ධය පැවති කාලයේ දී ශ්‍රී ලංකාවේදී ඉටු කළ භූමිකාව කුමක්දැයි ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවට අමතක වී තිබිය හැකි වුවත් රටේ ජනතාවට නම් අමතක වී ඇතැයි සිතිය නොහැක. නෝර්වේජියානු ඔත්තු සේවාව වන එන්.අයි.එස්.(NIS) සහ ඒ තුළ ක‍්‍රියාත්මක වන A14 නම් වූ විශේෂ එ්කකය විවිධ ක‍්‍රමවේද හරහා ඔවුන් විසින් තෝරාගත් රටවල තොරතුරු රැුස් කරන බව ලෝකයාට රහසක් නොවේ. එ් සඳහා එම ඔත්තු සේවා විසින් නෝර්වේජියානු රාජ්‍ය සමාගම් යොදා ගන්නා බව ද රහසක් නොවේ. එ් අනුව නොර්වේජියානුවන් විසින් ශ්‍රී ලංකාවේ ඩයලොග් සමාගම අත්පත් කර ගැනීම සඳහා මැලේසියානු සමාගම යොදාගනිමින් සූක්ෂ්ම සැලසුමක් දියත් කරන්නේ වාණිජ උවමනාවන්ට වඩා දේශපාලන සහ යුදමය උවමනාවන් සඳහා බවට ඉතා ප‍්‍රබල තර්ක ඉදිරිපත් කළ හැක.

ශ‍්‍රී ලංකාවේ ඩයලොග් සමාගමට ජංගම දුරකථන සේවා සැපයීම සහ ඒ ආශ‍්‍රිත බාහිර සන්නිවේදන දොරටු පාලනය කිරීමේ ප‍්‍රධාන ව්‍යාපාරයට අමතරව තවත් ප‍්‍රධාන ඒකාබද්ධ වූ ව්‍යාපාර 8ක් අයත් වේ. ඒවා ද උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් සේවාවන්් බව පැහැදිලි වේ. ඒවා මගින් ස්ථිර දුරකථන සහ අන්තර්ජාල සේවා, ඩිජිටල් රූපවාහිනී සේවා, මාධ්‍ය ආශ‍්‍රිත සේවා, ඊ – අධ්‍යාපන සේවා, ඊ – ව්‍යාපාරික සේවා, ඊ – සෞඛ්‍යමය සේවා, ව්‍යාපාරික ක‍්‍රියාදාමයන් බටහිර කරණය කිරීමට අදාළ සේවා ආදී සේවා රැුසකට අදාළව දත්ත පද්ධතිවල හා දේපළවල අයිතිය නෝර්වේජියානුවන් සතු වේ.

දැනටමත් රටේ එක් මාධ්‍ය ආයතනයක් දෙමළ ඩයස්පෝරාව විසින් මෙහෙයවන ලයිකා මොබයිල් ආයතනය විසින් අත්පත් කොට ඇත. ඊට අමතරව ගිවිසුම් ත‍්‍රිත්වයක් මගින් සිදු කරන ඇමරිකානු මැදිහත්වීම සහ නෝර්වේජියානු මැදිහත්වීම සන්දර්භයක තබා විමසිය යුතුය. ඇමෙරිකාව විසින් යුදමය මෙහෙයුම් හෙවත් බලය පෙන්වීමේ දී තම සහායකයින් ලෙස බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය, ජපානය වැනි රටවල් යොදාගන්නා බවට සහ මෘදු බලය යොදාගැනීමේදී ඒ සඳහා නෝර්වේ රාජ්‍යය යොදා ගන්නා බවට ශ‍්‍රී ලංකාවට පැහැදිලි අත්දැකීම් ඇත.

මෙම දත්ත පද්ධති නෝර්වේජියානුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව වට්ස්ඇප් , වයිබර් වැනි සේවා හරහා හුවමාරු වන තොරතුරු ද ඔවුන් අතට පත් වේ. ඊට අමතරව ඕනෑම පුද්ගලයකු නිශ්චිත මොහොතක කුමන ස්ථානයක සිටින්නේදැයි සොයා බැලීමේ හැකියාව ද ලැබේ. මාධ්‍ය හැකියාව සහ මිලියන 13ක මිනිසුන්ට ළගාවීමේ හැකියාව අනුව සමස්ත සමාජය මත ප‍්‍රබල බලපෑමක් ඇති කිරීමේ හැකියාව නෝර්වේජියානුවන් අතට පත් වේ. ඉතා සරලව ගතහොත් රටේ සෑම පුරවැසියකුම මහා නෝර්වේජියානු කැමරාවක් සහ මයික‍්‍රෆෝනයක් යට ජීවත් වන තත්ත්වයක් ඇති වේ.

එහිදී මැලේසියානු සමාගම යටතේ එවැන්නක් සිදු නොවන්නේ ද යන ප‍්‍රශ්නය පැන නගී. නමුත් ඉහත සඳහන් කළ ආකාරයට නෝර්වේජියානුවන්ගේ උවමනාවන් සහ මැලේසියානු සමාගමේ උවමනාවන් අතර බරපතළ වෙනසක් පවතී. මේ වෙනස මගින් ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ මහජන ආරක්ෂාවට බරපතළ අනතුරක් එල්ල වන බවට විවාදයක් නැත. විශේෂයෙන්ම අදාළ අත්පත් කර ගැනීමෙන් පසුව ස්වේච්ඡුාවෙන් විශ‍්‍රාමගැන්වීම් හෝ වන්දි ගෙවා බලපෑම් කොට විශ‍්‍රාම ගැන්වීම් ආදී ක‍්‍රමවේද හරහා දැනට සේවය කරන ශ‍්‍රී ලාංකික ඉහළ නිලධාරීන් වෙනස් කළ විට එම තත්වය ඇති වේ. එම පුරප්පාඩු ශ‍්‍රී ලංකාවට හතුරුකම් කරන නෝර්වේ රාජ්‍යයේ සිටින දෙමළ ඩයස්පෝරාව ඇතුළු සෝල්හයිම් වැනි නෝර්වේජියානුවන්ගෙන් පිරවීමෙන් පසු ඇති විය හැකි තත්වය වටහා ගැනීමට මහා විශාල මොළයක් අවශ්‍ය නොවේ.

විදේශ රටක සිදු කෙරෙන ව්‍යාපාරයක් අත්පත් කර ගැනීම පාලනය කිරීමට ශ‍්‍රී ලංකාවේ රජයට නීතිමය බලයක් නොමැති බව සැබෑවකි. එහෙත් විදුලි සංදේශ නියාමන නීති භාවිතා කරමින් එම අත්පත් කර ගැනීම පිළිබඳ පූර්ව විරෝධයක් පළ කිරීමේ හැකියාව ඇත. විශේෂයෙන්ම ආයතනයක අයිතිය වෙනස් වීම මගින් ජාතික ආරක්ෂාවට හා මහජන ආරක්ෂාවට බලපෑමක් සිදුවේ නම් බලපත‍්‍ර ලබාදීමේ බලය යොදා ගනිමින් ඊට විරෝධය පළ කිරීමේ හැකියාව ඇත. එවිට ශ‍්‍රී ලංකා රජයේ විරෝධය මැලේසියානු සමාගමට ද දැනෙනු ඇත. ඒ අනුව ඔවුන්ගේ් ව්‍යාපාරික තීන්දුවලට ඒ මගින් බලපෑමක් සිදු වේ. ඒ නිසා මෙම කරුණු සැලකිල්ලට ගෙන නෝර්වේජියානු සැලසුම ව්‍යර්ථ කිරීමට කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. පමාවන සෑම දිනයක් පාසාම අදාළ ක‍්‍රියාවලිය ආපසු හැරවීමේ හැකියාව දුර්වල වේ. කෙසේ වෙතත් ඒ සඳහා වන දෙවන විකල්පය ජනතාව විසින් තමාගේම ආරක්ෂාව සඳහා නෝර්වේජියානු සන්නාමය ප‍්‍රතික්ෂේප කිරීම ය.

විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අති දැවැන්ත ඩයලොග් සමාගම නෝර්වේ අතට.. ලක්වැසියන්ගේ සුවිශාලම දත්ත ගබඩාව නෝර්වේ ඔත්තු සේවය අතට
අති දැවැන්ත ඩයලොග් සමාගම නෝර්වේ අතට.. ලක්වැසියන්ගේ සුවිශාලම දත්ත ගබඩාව නෝර්වේ ඔත්තු සේවය අතට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKa73VAfbAMeBjI9spm1K6EcVNIef0B0eb_KRbin_ZsYpGeX8McC-db-FCxVMrViRWEz9zd8hp7BwCpcGtgYM2Q1OwHF7XYtIi14PmXmCPK04Vau-6NPVLc0mo9B-P0S1Dwcic5Qs7nMun/s320/Dialog.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKa73VAfbAMeBjI9spm1K6EcVNIef0B0eb_KRbin_ZsYpGeX8McC-db-FCxVMrViRWEz9zd8hp7BwCpcGtgYM2Q1OwHF7XYtIi14PmXmCPK04Vau-6NPVLc0mo9B-P0S1Dwcic5Qs7nMun/s72-c/Dialog.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy