ශ්‍රී ලංකාව බෞද්ධ රටක්ද? නැද්ද? වශයෙන් ඇතැමුන් විවිධ ප්‍රකාශ කරන අතර එවැනි ප්‍රකාශ සිදුකරන්නේ රටේ ඉතිහාසය ගැන නොදන්නා අය බව සභානායක රාජ්‍ය...
ශ්‍රී ලංකාව බෞද්ධ රටක්ද? නැද්ද? වශයෙන් ඇතැමුන් විවිධ ප්‍රකාශ කරන අතර එවැනි ප්‍රකාශ සිදුකරන්නේ රටේ ඉතිහාසය ගැන නොදන්නා අය බව සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ මහනුවර බෝගම්බර බෝධිමළු විහාරයේ ගිලන් භික්ෂු නේවාසිකාරාම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමිනි.
වසර 400ක් යුරෝපීය ජාතිකයන් පාලනය කරද්දීත් රටේ බෞද්ධාගම ආරක්ෂා වූයේ නම් බෞද්ධ ආණ්ඩුවක්,බෞද්ධ රජයක් තිබියදී බෞද්ධාගම විනාශ විය නොහැකි බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.
කුමන පක්ෂ බලයේ සිටියත් බෞද්ධාගම ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බව කිරිඇල්ල මහතා පවසයි.
මෙවැනි පසුබිමක් තිබියදී ශ්‍රී ලංකාවේ බෞද්ධාගම ගැන ප්‍රශ්න නගන්නේ බෞද්ධාගම හෝ රටේ ඉතිහාසය නොදන්නා පිරිස් බව හෙතෙම අවධාරණය කරයි.

COMMENTS