රසායනික පොහොර තහනම් කිරීමෙන් පසුව පසුගියදා මෙරටට පොහොර ගෙන ඒමේදී ඒ හාරහා විශාල මුදලක් වංචා කර ඇත්තේ ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමතිවරයා දැයි රටට හෙ...
රසායනික පොහොර තහනම් කිරීමෙන් පසුව පසුගියදා මෙරටට පොහොර ගෙන ඒමේදී ඒ හාරහා විශාල මුදලක් වංචා කර ඇත්තේ ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමතිවරයා දැයි රටට හෙළිකළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී විජේරත්න පවසයි.
මේ පිළිබඳව අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරිය පවසන්නේ කෘෂිකර්ම ඇමතිවරයා වන මහින්දානන්ද අලුත්ගමගේ විසින් ඊයේ (18) ප්‍රශ්නගත පොහොර ගෙන ඒමේදී වංචාවක් සිදුව ඇති බව පිළිගෙන ඇති බවයි.
ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරිය….
” එතුමා පොහොර ගේන එකට සම්බන්ධ නැහැ පොහොර ලේකම් කාර්යාලය තමයි මේකට සම්බන්ධ කිව්වා. ඒ දෙන තොරතුරු තමයි කියන්නේ කිව්වා. එතකොට හොරා කව්ද? ශෂීන්ද්‍ර රාජපක්ෂද? මේක එළියට එන්න ඕන. මේ පොහොර හොරා කෑවේ කව්ද? ඒකෙන් කොමිස් ගත්තේ කව්ද කියන එක මේ සභාවට එළි කරන්න කියලා ගරු ඇමතිතුමාට කියනවා. මහින්දානන්ද ඇමතිවරයා ස්වාමියා වෙනුවෙන් කැපවුණාට කමක් නැහැ. ස්වාමියාගේ අයියාගේ පුතා වෙනුවෙන් හොරා හංගන්න ඕන නැහැ. අද මහින්දානන්ද ඇමතිවරයාට සිරිසඟබෝ වෙන්න වෙලා. තමන් නොකරපු වරදකට අනුන් රකින්න ගිහිල්ලා බෙල්ල දෙන්න සිද්ධ වෙලා.” යනුවෙන් පැවසීය.
COMMENTS