අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වැනි ජන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර ජනාධිපති මන්දිරයේ පැවැති සාදයට කෑම සපයා ඇත්තේ බත්තරමුල්ල වෝටර්ස් එ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වැනි ජන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර ජනාධිපති මන්දිරයේ පැවැති සාදයට කෑම සපයා ඇත්තේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයෙන් බව වාර්තා වේ.
සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ වෝටර්ස් එජ්හි ෆ්‍රයිඩ් රයිස්, කහ බත්, මස් මාළු ආදියෙන් භෝජන සංග්‍රහය රසවත් වී තිබුණු බවයි.
මැති ඇමැතිවරුන්ට එක් ශාලාවකුත්, අනෙක් ශාලාව ප්‍රාදේශීය සභා, නගර සභා සභාපතිවරුන්ටත්, අනෙක් ශාලාව ආරක්ෂක අංශ නිලධාරීන්ටත් වෙන්කර තිබූ අතර රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී ඒ හැම ශාලාවකටම යමින් ජනාධිපතිවරයා ඔවුන් සමග කතාබහ කළ බවද පැවසේ.
පසුව එදින රාත්‍රිය ජනාධිපතිවරයා සහ ජනාධිපති බිරියත්, අගමැතිවරයා හා අගමැති බිරිය එහි නවාතැන් ගත් බවත්, මහින්ද අගමැතිවරයා අනුරාධපුර ජනපති මැදුරේ රැයක් පහන් කළ පළමු අවස්ථාව මෙය බවද පැවසේ.
ඒ අනන්තවාරයක් ඔහු අනුරාධපුරයට ගොස් ඇතත් අනුරාධපුරයේ නවාතැන් ගන්නා බොහෝ අවස්ථාවල අගමැතිවරයා නවාතැන් ගෙන තිබුණේ සිය අතිජාත මිත්‍රයකු වූ ප්‍රකට බස් ව්‍යාපාරික ඩී.එස්. ගුණසේකර මහතාගේ නිවසේවීම නිසාය.
එකල ගුණසේකර නිවෙසේ මහින්ද වෙනුවෙන්ම සකස් කළ වෙනම කොටසක්ද තිබිණු බව පැවසේ.
කෙසේ වෙතත් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය මහින්දගේ උපන්දිනය නිමිති කරගෙන පැවැත්වූ ජනාධිපතිවරයා සිය පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සිකුරාදා දිනයේ දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වා තිබිණි.
ඊටද ආණ්ඩුවේ සියලු මැති ඇමැතිවරුන්ට, දේශපාලන ප්‍රධානීන්ට අමතරව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසකටද ඇරයුම් ලැබී තිබුණු බව පැවසේ.
-srilankamirror
COMMENTS