ම ඩකලපුව "කාත්තන්කුඩිය නගරය අරාබිකරණය වීම" නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ පාලන සමයේ සිදුවූ බවට පාස්කු ...
මඩකලපුව "කාත්තන්කුඩිය නගරය අරාබිකරණය වීම" නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ පාලන සමයේ සිදුවූ බවට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි විමසීමේදී කරුණු ඉදිරිපත් විය.
කාත්තන්කුඩිය පල්ලිය සහ ආයතන සම්මේලනයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි, නීතිඥ අබුසාලි උවයිස් මහතාගේ කරුණු හෙළිදරව්වෙන් මේ බව හෙළි විය.
ඔහු සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සක්ෂිකරුගෙන් මෙලෙස ප්‍රශ්න කළේය.
ආචාර්ය ජයම්පති: 'කාත්තන්කුඩිය අරාබිකරණය වෙනවා කියලා ඒ ප්‍රදේශවලට යන අය කියනවා. කවුද ඒක පටන් ගත්තේ?’
සාක්ෂිකරු: හිස්බුල්ලාගේ කාලේ තමයි වුණේ. ඔහුගේ කාලේ තමයි රටඉඳි ගස් වැව්වේ.
ආචාර්ය ජයම්පති: ඒ කියන්නේ පුරෝගාමියා හිස්බුල්ලා ද?
සාක්ෂිකරු: ඔහු පුරෝගාමියා ද කියන්න මම දන්නේ නෑ. නමුත් ඔහුගේ කාලයේ තමයි ඒ වෙනස වුණේ.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ ප්‍රකාශ කළේ, "බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් එකට තමන් ඇතුළු පිරිසක් ගිය" බවත්, එහිදී ''අපි ඉන්නේ සෞදියේ'' යැයි තමන්ට එහිදී දැනුණු බවත්ය.
කාත්තන්කුඩියේ අරාබි බසින් දක්නට ලැබෙන දැන්වීම් පුවරු ගැන ද එහිදී සංවාදයක් ඇති විය. මෙම සංවාදයේදී එම් ඒ සුමන්තිරන් විමසා සිටියේ එම පුවරු නගර සභාව හරහා ඉදිකෙරෙන බැවින් නගර සභාව පාලනය කරන්නේ කවුරුන් ද? යනුවෙනි.
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු පැවසුවේ, නගර සභාව පාලනය කරන්නේ "හිස්බුල්ලාගේ කණ්ඩායම" බවය.
“ෂරියා” විශ්වවිද්‍යාලය: 'කළු සල්ලි සුදු කිරීමේ උත්සහයක් ද?’
එම අවස්ථාවේදී මහාචාර්ය ආශු මාරසිංහ පාසල් කිහිපයක නම් සඳහන් කරමින් පෙන්වා දුන්නේ, ඒවාට හිටපු ආණ්ඩුකාරවර හිස්බුල්ලාගේ, ඔහුගේ පුත්‍රයාගේ සහ මවගේ නම් යොදා ඇති බවය. එමෙන් ම "හිස්බුල්ලා චතුරශ්‍රයක්" පිළිබඳව ද ඔහු සක්ෂිකරුගෙන් විමසීය.
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ, හිස්බුල්ලා චතුරශ්‍රයක් ගැන තමන් නොදන්නා නමුත් ඉරාන ගෘහ නිර්මාණ සැලැස්මට අනුව සාදන ලද ගොඩනැගිලි දැක තිබෙන බවය.
මඩකලපුවේ ඉදිවෙන විශ්වවිද්‍යාල සංකීර්ණයේ බාහිර ස්වරූපය පිළිබඳව බීබීසී සිංහල සේවය පසුගිය දා හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලාගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ "නමගිය සිංහල බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පියෙකු විසින් මෝගල් ගෘහනිර්මාණ ශිල්පයට අනුව එය සැලසුම් කළ," බවය.
"රජයේ මුදල්වලින් හදන විශ්වවිද්‍යාල ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන විදිහට නිර්මාණය කරන්නේ.
පේරාදෙණිය, යාපනය විශ්වවිද්‍යාල ඒ ඒ පළාත්වල පවතින සංස්කෘතියට අනුව නිර්මාණය කර තිබෙනවා. අපි මේක අපේ සල්ලිවලින් හදන්නේ. ඒක අපිට අවශ්‍ය විදිහට හදන්න පුළුවන්.”
"අග්නිදිග විශ්වවිද්‍යාලය බලන්න. එතන මුස්ලිම් ගෘහනිර්මාණ ශිල්පය තිබෙනවා. නමුත් එහි සිංහල ළමයි ඉගෙන ගන්නවා," හිටපු ආණ්ඩුකාරවර හිස්බුල්ලා මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
කෙසේ නමුත් කාත්තන්කුඩිය "අරාබිකරණයට" ලක් වීම සම්බන්ධයෙන් තමන්ට නැගෙන චෝදනා පිළිබඳව ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ සෑම උත්සාහයම අසාර්ථක විය.
"දිළිඳු පවුලක සහරාන්”
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සහරාන් ඉතා දිළිඳු පවුලක අයෙකු බවත්, 2017 වසරේදී සහරාන් ඇතුළු කණ්ඩායම ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ගල්, කඩු, පිහි, මුගුරු භාවිත කර ඇති බවත් නීතිඥ අබුසාලි උවයිස් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසීය.
සාක්ෂිකරු පෙන්වා දුන්නේ, ඉතා කෙටි කලක් තුළ සහරාන්ට මුදල් මෙන් ම බෝම්බ පිළිබඳ දැනුම ලැබුණේ කෙසේ ද යන්න මුස්ලිම් ජනයාට ද ගැටලුවක් වී ඇති බවය.
ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනයාට විශාල වරප්‍රසාද හිමි වී ඇති අතර වෙන ම මුස්ලිම් විවාහ නීතියක් තිබීම, දේපළ සම්බන්ධ නීතියක් තිබීම ආදිය පිළිබඳව ද සඳහන් කළ සාක්ෂිකරු පැවසුවේ, එලෙස වරප්‍රසාද ලත් රටක අන්තවාදය ඇති වීම පිළිගත නොහැකි බවය.
හිස්බුල්ලා අද සාක්ෂිදෙනවා
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (13) යළි රැස්වීමට නියමිතය.
නැගෙනහිර පලාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ වත්මන් ලේකම් ජේ.ජේ. රත්නසිරි අද (13) සාක්ෂි ලබාදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසීය.
මූලාශ්‍රය බීබීසී

COMMENTS