ප සුගිය මැයි මස 13 වන දින මිනුවන්ගොඩදී සිදුවුණු ජාතිවාදී ගැටුම් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ල...
පසුගිය මැයි මස 13 වන දින මිනුවන්ගොඩදී සිදුවුණු ජාතිවාදී ගැටුම් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් (13) බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී .දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියට අදාළව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණ පිළිබඳ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවයි.
එම විමර්ශන වාර්තා පරීක්ෂා කිරීමේදී මධුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමට සාක්ෂි මතු වී නොමැති බව රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි.
ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වුවද මෙම සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර මධු මාධව අරවින්ද මහතා තමා මෙම කලහකාරි සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවද සඳහන් කළේය.
මෙම වාතාවරණය මත තමන්ව සාධාරණ පදනමක් නොමැතිව දේශපාලන හේතු මත ද්වේශ සහගත ලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එසේ අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පොලිසිය වෙත නිකුත් කරන ලෙසත් මධුමාධව අරවින්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම නඩුවේදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සමග නීතිඥ භූපති කහතුඩුව සහ තුෂාර දිසානායක යන නීතිඥ මහතුන් පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ ඉඳුනිල් පුංචිහේවා මහත්මිය පෙනී සිටියාය.
– අරවින්ද අතුකෝරල

COMMENTS