පා ලකයන් බෞද්ධ ප්‍රතිපත්ති වලට පටහැනි ව හැසිරෙන නිසා රට වේගයෙන් පරිහානියට යමින් තිබෙන බවත් ,එයින් අප රට ගොඩ ගැනීමට නම් ප්‍රතිපත්ති ගරුක සත්...
පාලකයන් බෞද්ධ ප්‍රතිපත්ති වලට පටහැනි ව හැසිරෙන නිසා රට වේගයෙන් පරිහානියට යමින් තිබෙන බවත් ,එයින් අප රට ගොඩ ගැනීමට නම් ප්‍රතිපත්ති ගරුක සත්‍යවාදී නායකයන්ගෙන් යුත් රාජ්‍ය පාලනයක් ඉක්මනින් බිහි කර ගත යුතුව ඇති බවත් , විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය.
යමෙකුගේ කතාව සත්‍යවාදී නැත්නම් ක්‍රියාවන් හා සිතුවිලි වැරදි නම් ඔහු තිරිසනකුට සමාන වන බව බණ පොතේ සඳහන් වන්නේ යැයි කී ඒ මහතා වත්මන් ඇතැම් නායකයන් එවැනි තත්වයකට පත් ව ඇති බව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් පෙනී යන්නේ යැයි ද සඳහන් කළේය .
හෙට්ටිගේ මහතා එසේ කිවේ පොසොන් පොහොය නිමිති කරගෙන හක්මන -පොත් දෙනිය අසෝකාරාම විහාරස්ථානයේ පැවති ධර්ම සාකච්චාවේදී ” වියැකී යන මිනිස් කමට ජීවය දෙන දහම් මඟ ” මැයෙන් ආරාධිත දේශනය කරමිනි .
එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .
ආගම දහමින් තමයි අපේ ජීවිත සරු සාර වන්නේ . රටේ පදනම සිංහල බෞද්ධ සංස්කෘතියයි .ඒ ගැනත් අනවශ්‍ය විවාදයක් හදල සමාජය භේද භින්න කරන්න සමහරුන් උත්සාහ කරනවා .අද අපට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ බියකරු අසහනකාරී රටක .ඒ තත්වය ඇති කළේ පාලකයන් .ඔවුන් කටයුතු කරන්නේ ලජ්ජා භය ගැන හිතන්නෙ නැතුවයි . ඒ වගේම ඔවුන්ට බෞද්ධ ප්‍රතිපත්තිය ගැන තැකීමක් නෑ .
නායකයන් බොරු කියමින් ප්‍රතිපත්ති කඩමින් ක්‍රියා කරන නිසා රටේ පාලනය වගේම සමාජයම අවුල් වියවුල් වෙලා .ආර්ථික ප්‍රශ්න උග්‍ර වී ජනතාව අසරණ වෙලා .මේ නිසා මිනිස්කම ද වේගයෙන් වියැකී යන්න පටන් අරන් .තව දුරටත් මෙහෙම ගියොත් දරුවන්ගේ අනාගතය අදුරු වෙනවා .
රටට ජාතියට ආදරය ඇති මිනිස්සුන්ට වගකීම් බාර දෙන්න ජනතාව පෙළ ගැසෙන්න ඕනෑ .ගමින් ගමට සදාචාර සංවර්ධන ක්‍රියාන්විතයක් ඉක්මනින් ආරම්භ කළ යුතු වෙනවා .සියලු දෙනාට හොඳින් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් සකස් කර දීම පාලකයන්ගේ වගකීමක් .ඒ ගැන ඒ අයට නම් කිසිදු හැගීමක් නෑ .බොහෝ දෙනා තුළින් මිනිස්කම දුරු වී තිරිසන් ගති මතු වෙන්න පටන් අරන් .දැන් ගිහි පැවිදි සියලු දෙනා රට වෙනුවෙන් එක් අරමුණකින් යුතුව පෙරට ආ යුතු කාලය ඇවිත් තියෙන්නෙ .
පරාර්ථයට නැඹුරු සිත් ඇති මිනිස් සමාජයක් නිර්මාණය කර ගැනීමට මග පෙන්වන්නේ බුදු දහමයි .මෙලොව පරලොව දෙකම සැපවත් කර ගත යුතු ආකාරය බුදු දහම මනා ලෙස පෙන්වා දී තිබෙනවා .මෙලොව සතුටින් ඉන්න නම් සුදුසු රටක් තියෙන්න ඕනෑ .අද අපට එවැනි රටක් නෑ .ගිහි පැවිදි දෙපාර්ශ්වයම තම අඩුපාඩු නිවරැදි කර ගෙන අපේ රට තුළ දැහැමි රාජ්‍යයක් ස්ථාපිත කර ගැනීමට පෙළ ගැසිය යුතුයි .
මෙම අවස්ථාවට ඌරුබොක්ක තුසිත පිරිවෙන් විහාරාධිපති ඌරුබොක්කේ සුගතසාර හිමි ,පොත්දෙනිය අශෝකාරාමාධිපති කෝන්ගහ දෙනියේ සුමනසාර හිමි යන ස්වාමින්වහන්සේලා ද එක්ව සිටියහ .

COMMENTS