මී ළඟ ජනාධිපතිවරණයේදී සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍ර...
මීළඟ ජනාධිපතිවරණයේදී සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන බවත්
චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිරුපමා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ ආදී වශයෙන් රාජපක්ෂවරුන් අට දෙනෙකු තිස් දෙනෙකුගෙන් යුතු විය යුතු කැබිනට් මණ්ඩලය නියෝජනය කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
මීළඟ ජනාධිපතිවරණය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්විය යුතු බවද ඔහු පැවසීය.
මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS