ලංවිම ඒකාබද්ද ඉංජිනේරු සේවා පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ඉවසුවා ඇති. පඩි නත්තම්වැඩ නෑ. ලංවිම තාක්ෂණික සේව...
ඉවසුවා ඇති. පඩි නත්තම්වැඩ නෑ. ලංවිම තාක්ෂණික සේවකයෝ පාරට බසිති
ලංකා විදුලිබල මණ්ඩලයේ 50% ක් පමණ වූ තාක්ෂණික සේවකයන්ගේ අප්‍රේල් සහ මැයි මස වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට
2019 මැයි මස 28 වැනිදා මධ්‍යහන 12 ට උද්ගෝෂණයක් අද (2019 මැයි මස 28 වැනිදා) පැවැත්විණි. එම උද්ගොෂණයට ලක්විජය තාප බලාගාරයේ සේවය කරන තාක්ෂණික සේවකයින් 200 ක් පමණ සහභාගී වී ඇති බව ඒකාබද්ධ ඉංජිනේරු සේවා පෙරමුණ වශයෙන් අප ප්‍රකාශ කරමු.
“අප්‍රේල් උත්සව සමයේ හා වෙසක් උත්සව සමයේ අපි ඉතා අපහසුවෙන් අපගේ දරු පවුල් වල අවශ්‍යතා හරි හැටි සිදුනොකර මහජනතාවට තවමත් සජීවී විදුලිබල පද්ධතියක් පවත්වාගෙන යනවා. පසුගිය මාසයේ රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් බැට කෑ අප රට ගැන සිතා අපි මෙපමණ කල් ඉවසුවා. නමුත් දැන් අපට අපගේ දරු පවුල් නඩත්තු කිරීම මේ වන විට අති විශාල ගැටළුවක් වී ඇති බව කියන්න අවශ්‍යයි. වැටුප් කප්පාදුවෙන් පසු ලබා දුන්නු 85% ක මුදල් අත්තිකාරකම නැවත අය කරගන්නා පදනමෙන් තමයි පාලානාධිකාරිය විසින් අපට ගෙවා ඇත්තේ. එය අපට හිතෙන විදිහට සහනාධාරයක් වගේ. මේ විදිහට බැලුවොත් අප දැන් ලංවීමේ සේවකයෝද යැයි කියා සැකයක් මතුවෙනවා.එසේම විවිධ විවිධ වෘත්තීය සමිති විසින් මේ අවස්ථාවේදී වැඩි පඩි ඉල්ලමින් බොර දියේ මාළු බාන අතර අප ඉල්ලන්නේ කප්පාදුකළ වැටුප ලබා දී වැඩ කිරීමට නිසි මානසිකත්වයක් ඇති කරන්න කියායි.
මේ සම්බන්ධව පැහැදිළි පිළිතුරක් බලධාරීන්ගෙන් නොළදහොත් නුදුරු දිනයකදීම දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට අප තීරණය කර ඇත.
ලංවිම ඒකාබද්ධ ඉංජිනේරු පෙරමුණ
මීට විශ්වාසී
R.P.T.S රාජපක්ෂ
(මාධ්‍ය සම්බන්ධිකාරක)
ලංවිම ඒකාබද්ධ ඉංජිනේරු සේවා පෙරමුණ

COMMENTS