දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටු සභාපති අසූචි බාල්දියක් හිසේ හලාගනී.. වෙන්නපු පොල මුස්ලිම් වෙලදුන්ට තහනම් කරන්නැයි පොලීසියට දන්වයි !
Homeප්‍රවෘත්ති

පොහොට්ටු සභාපති අසූචි බාල්දියක් හිසේ හලාගනී.. වෙන්නපු පොල මුස්ලිම් වෙලදුන්ට තහනම් කරන්නැයි පොලීසියට දන්වයි !

PropellerAds

දංකොටුව සතිපොළෙන් මුස්ලිම් වෙළෙන්දන් තාවකාලිකව ඉවත් කරන ලෙසට දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීම සමාජ මාධ්‍ය ජාලවල ප්‍රබල...

ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් සහ ආඥා පනත් 05ක් සංශෝධනය සඳහා අනුමැතිය
සහන් අකලංකගේ තැන්පතු ජාවාරම කළු සල්ලි සුදුකළ වැඩක්!
පෝට් සිටියේ චීනය බලය පතුරති.. ලැබෙන ඩොලර් චීනයට යවයි
දංකොටුව සතිපොළෙන් මුස්ලිම් වෙළෙන්දන් තාවකාලිකව ඉවත් කරන ලෙසට දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීම සමාජ මාධ්‍ය ජාලවල ප්‍රබල සංවාදයකට තුඩු දී තිබේ. ඒ සම්බන්ධයෙන් මේ මස 28 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මාරවිල අධිකරණය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට නියෝග කරනු ඇති බව දංකොටුව පොලිසිය පවසයි.


දංකොටුව සතිපොළෙහි වෙළෙඳාමේ නිරත මුස්ලිම් ප්‍රජාව ඉන් ඉවත් කරන ලෙස ඉල්ලා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී සුසන්ත පෙරේරා දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ ජුනි 24 වෙනිදාය.

කේ.වී සුසන්ත පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයෙකි.

මේ සමග දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පතා තිබුණ අතර එහිදී ඒ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට තීරණය වූ බව ද පොලිසිය පවසයි.

කරුණු විමසීම සඳහා අධිකරණය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අධිකරණයට කැඳවනු ලැබ ඇත්තේ ඒ අනුවය.

පාස්කු ප්‍රහාරයෙන් පසු දංකොටුව සතිපොළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබු බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී සුසන්ත පෙරේරා පවසයි.

එබැවින් මුස්ලිම් ප්‍රජාව වෙළෙඳාම් සඳහා එහි පැමිණීම ගැන ප්‍රදේශයේ ආගමික නායකයන්ගේ, ජනතාවගේ සහවෙළෙඳුන්ගේ දැඩි විරෝධයක් තිබූ බව මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව දංකොටුව සතිපොළට නොපැමිණි අතර ඔවුන් නැවත ගෙන්වා ගනු ලැබුවේ පොලිසිය මැදිහත්වීමෙනි.

පාස්කු දින ප්‍රහාරයත් සමග දංකොටුව සතිපොළේ වෙළෙඳාම් කිරීම සදහා මුස්ලිම් වෙළද ප්‍රජාවට ගැටලු ඇති බවට පොලිස් සහන මැදිරියට ලැබුණු පැමිණිලි මත ඔවුනට දංකොටුව සතිපොළේ වෙලදාම් කිරීමට අවශ්‍ය ආරක්ෂාව සැලසු බව දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය .

එමගින් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ බව පැවසූ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, ජනතාවගෙන් ලැබුණු ලිඛිත ඉල්ලීම මත දංකොටුව සතිපොළෙහි වෙළෙඳාම් සිදුකරන මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව තාවකාලිකව එම කටයුතුවලින් ඉවත් කරන ලෙසට පොලිසියට ලිඛිතව දැනුම් දීමක් කළ බව පිළිගත්තේය.

“මම මේ තීරණය ගත්තේ තාවකාලිකව. ලබන 10 වෙනිදා සියලු ආගමික නායකයන් හා ජනතාව හා දේශපාලකයන් ගෙන්වා මේ පිළිබඳව සාකච්ඡාවක් තියනවා. ඒ වගේම මේ පිළිබඳව ලබන මහා සභාවේ කතා කරනවා. ඒ අවස්ථාවේදී මේ පිළිබඳව ස්ථිර තීරණයක් ගන්න පුළුවන්. ලොකු ගැටුමක් නවත්වා ගැනීමක් තමයි මම කළේ. මට ලැබුණු පෙත්සම් මාධ්‍යට ලබා දිය හැකියි,” ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙකු වන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශිරෝන් ප්‍රනාන්දු පවසන්නේ තමන් සභාපතිවරයාගේ ක්‍රියාව හෙළා දකින බවය.

“අවුරුදු ගානක් දංකොටුව සතිපොළේ මේ වෙළෙඳුන් වෙළෙඳාම් කළා. මේ අය සියඹලා, ගොරකා වගේ සුළු දේවල් තමයි විකුණුවේ. මේ වෙළෙඳුන් පිළිබඳව ප්‍රදේශයේ ජනතාවට ගැටලුවක් නැහැ. කීප දෙනෙක් තමයි මේ පිටුපස ඉන්නේ. සභාපතිවරයාත් ඒ කීප දෙනාට අහුවෙලා,” ඔහු පැවසීය.

ලබන මහා සභාවේදී මේ පිළිබඳව විරෝධය පළ කරන අතර, සභාපතිවරයාගේ ක්‍රියා කළාපය හෙළා දකින බවද වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශිරෝන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව කළ විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකාරක අජිත් ගිහාන් ප්‍රකාශ කළේ පක්ෂයක් ලෙස සභාපතිවරයාගේ මේ ක්‍රියාව දැඩිව හෙලා දකින බවය.

“පාස්කු දින ප්‍රහාරය මුල් කරගනිමින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අත්තනෝමතිකව මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවට සිදුකරන බලපෑම සම්බන්ධව අපි අපේ මුලික විරෝධය ප්‍රකාශ කරනවා. අපේ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනා මේ පිළිබඳව මා දැනුවත් කර ඔවුන්ගේ විරෝධය මේ පිළිබඳව පළ කර තිබෙනවා. මෙවැනි තත්ත්වයන් ජාතික සමගියට බලපාන අතර මෙවැනි තත්වයන් වර්ධනය වීමට ඉඩ නොහැරීම අපේ වගකීමක්. ඒ වගේම පොලිසිය මේ පිළිබඳව ඉක්මන් පියවරක් ගැනීම පිළිබඳව සතුටු වන අතර මේ පිළිබඳව ප්‍රදේශයේ ආගමික නායකයන්ගේද අවධානය යොමු විය යුතුයි.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ජගත් පියංකර ප්‍රකාශ කළේ එකී පියවර සභාවේ මතය නොවන බවය.

එය, පසුගිය සඳුදා දිනයේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ වෙළෙඳුන් කීප දෙනෙකු දංකොටුව සතිපොළේ වෙළෙඳාම් කිරීමත් සමග ඇතිවූ ගැටලුවක් නිරාකරණය කිරීම සදහා සභාපතිවරයා විසින් ගත් තාවකාලික පියවරක් බව ද ඔහු පැවසීය.

“මේ වෙළෙන්දෝ අසරණයි. අපි කියන්නේ නැහැ මේ අයට පොළට එන්න දෙන්න එපා කියලා. නමුත් බහුතර වෙළෙඳ ප්‍රජාව ඉල්ලනවා මේ වෙළෙඳුන්ට එන්න දෙන්න එපා කියල.”

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සතුය.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන පියංකර ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එකී පියවර පොදුජන පෙරමුණේ තීරණයක් නොවන බවය.

සභාපතිවරයාගේ තීරණය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව තමාගේ පුද්ගලික මතය බව ප්‍රකශ කළ පියංකර ජයරත්න හිටපු ඇමතිවරයා මේ පිළිබඳව පක්ෂය දැනුවත් කරන බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් පක්ෂය හා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග සාකච්ඡා කර පොලිසිය වෙත ඉදිරිපත් කළ ලිපිය ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

– BBC


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටු සභාපති අසූචි බාල්දියක් හිසේ හලාගනී.. වෙන්නපු පොල මුස්ලිම් වෙලදුන්ට තහනම් කරන්නැයි පොලීසියට දන්වයි !
පොහොට්ටු සභාපති අසූචි බාල්දියක් හිසේ හලාගනී.. වෙන්නපු පොල මුස්ලිම් වෙලදුන්ට තහනම් කරන්නැයි පොලීසියට දන්වයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDQgIr6O1nzpQdofNBq8-5qC0iNz2MB9bhLfPsWL03q573r-PMSEiRXtFf775R0ICFeSuCeQGAwd5rCm1FqvjNbUvGKTPUjfQM9DJzQWAV32a55UtKywLJktmgtz_Xmp64z0T3dhLTKa0L/s320/7787879.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDQgIr6O1nzpQdofNBq8-5qC0iNz2MB9bhLfPsWL03q573r-PMSEiRXtFf775R0ICFeSuCeQGAwd5rCm1FqvjNbUvGKTPUjfQM9DJzQWAV32a55UtKywLJktmgtz_Xmp64z0T3dhLTKa0L/s72-c/7787879.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_163.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_163.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy