රුපියල් ලක්ෂයක තැන්පතුවකට මාසිකව රුපියල් හැටදහසක් ගෙවන බවට පවසමින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ට වංචාකල පුද්ගලයන් දෙදෙනෙකු...
රුපියල් ලක්ෂයක තැන්පතුවකට මාසිකව රුපියල් හැටදහසක් ගෙවන බවට පවසමින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ට වංචාකල පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ.
ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක මුවාවෙන් කරගෙන ගිය අදාල ව්‍යාපාරයට ඇතැම් හමුදා සෙබළුන් රුපියල් ලක්ෂ 50 වැනි මුදල් ද තැන්පත් කර ඇතැයි වාර්තා වේ.
තම ඒකකවල සෙබළුන්ගෙන් හා වෙනත් අයගෙන් පොලියට ගත් මුදල් මෙන්ම පවුලේ අයගේ වත්කම් උකස්කර ගත් මුදල් ද මෙම හමුදා සෙබළුන් මෙසේ තැන්පත් කර ඇති බව පැවසේ.
මේ තත්ත්වය හේතුවෙන් තම කඳවුරට මෙන්ම ගමට යාමට ද නොහැකිව සිටින හමුදා සෙබළුන් ද ඇතැයි වාර්තා වේ.
මේ මුදල් ගෙවා ගැනීමට නොහැකිව අසරණ වූ ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සාමාජිකයන් මත්ද්‍රව්‍ය හා කේරල ගංජා ප්‍රවාහනයට මෙන්ම අපරාධවලට ද යොමුවීමේ ප්‍රවණතාවක් මේ නිසා ඇතිව ඇති බවද පැවසේ.
පොලොන්නරුව කේන්ද්‍ර කරගත් එක්තරා මූල්‍ය ආයතනයක් දැනට මේ අයුරින් රුපියල් කෝටි ගණනක් වංචා කර ඇති බව අරුණ පුවත්පත හෙළිකර ඇති අතර මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී අදාළ චෝදනාව එල්ල වී ඇත්තේ සහන් අකලංක නැමැත්තෙකු විසින් පවත්වාගෙන යනු ලබන (Athens International Education Center) නැමැති ස්ථානයකට බව හෙළිකර ගැනීමට හැකි විය.
අදාළ ආයතනය පොලිසිය හා ස්වර්ණවාහිනය සමඟ එක්ව ප්‍රජා සත්කාර කටයුතුද සිදුකර ඇති බව පැවසේ.
එසේම එම ආයතනය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම වත්මන් අමාත්‍ය රොෂාන් රණසිංහ යන අය සමඟ ද කිට්ටුවෙන් කටයුතු කරන බව හැඟෙවෙන ප්‍රචාරණ කටයුතු ද සිදුකර ඇති බව වාර්තා වේ.
මේවන විට සහන් නිවසින් අතුරුදහන්ව සිටින බව පැවසෙන අතර, ඔහුගේ ලංකා බැංකු ගිනුමක තිබූ විශාල මුදලක් අත්හිටුවා ඇති බවද පැවසේ.
කෙසේවුවද, ඔහුගේ තවත් ගිනුමක ඔහුට භාවිත කළ හැකි ප්‍රමාණයක මුදල් ඇති බවද වාර්තා වේ.
මේ අතර, කුරුණෑගල කේන්ද්‍රකරගනිමින් පවත්වාගෙන ගිය චිත්‍රපට නිෂ්පාදකයකු ට අයත් ආයතනයකින් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සාමාජිකයන් 9,440 කට මුදල් වංචා කර ඇතැයි අනාවරණය විය.
එම ව්‍යාපාරිකයාගේ බැංකු ගිනුම් හා වත්කම් රැසක් මහ බැංකුව මගින් තහනම් කර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවද මේ අතර වාර්තා වේ.
කුරුණෑගල කේන්ද්‍ර කරගත් තැන්පතු ඡාවාරමට ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ මෙන්ම රාජ්‍ය ආයතන වල පිරිස් ලබන සෙනසුරාදා විරෝධතාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇතැයි මේ අතර වාර්තා වේ.
එම විරෝධතාව මගින් රුපියල් කෝටි 2000 ක් වංචාකර සැඟව සිටින ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තම මුදල් ලබාදෙන ලෙසට ආරක්ෂක අංශ හා රජයට බලපෑම් කිරීමට ඔවුන් මේ විරෝධතාව සිංවිධානය කර තිබේ.
මෙම ජාවාරම් කාරයෝ දේශපාලඥයන්, පොලීසියේ ඉහළ නිළධාරීන් මෙන්ම ධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ද ඉතා සමීපව කටයුතු කර ඇතැයි වාර්තා වේ.
අදාළ ව්‍යාපර දෙකම කළු සල්ලි සුදු කිරීමට භාවිතා කළ එකක් බවට ද සැක මතුව තිබේ.

COMMENTS