පා ස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා පත් කළ විශේෂ කාරක සභාව මින් ඉදිරියට සාක්ෂි විමසීමේදී සාක්ෂිකරු...
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා පත් කළ විශේෂ කාරක සභාව මින් ඉදිරියට සාක්ෂි විමසීමේදී සාක්ෂිකරුවන්ගේ අන්‍යනතාව හෙලි නොකිරීමට තීරණය කර තිබේ. සාක්ෂි විමසීම රහසිගතව සිදු කිරීමට ඊයේ (19) පස්වරුවේ රැස්වූ එම කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව එම කටයුතු සිදු කිරීමට තිරණය කළ බව එහි සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.
ජාතික ආරක්ෂාවට අදාල සහ ආරක්ෂක බුද්ධි අංශ නිලධාරින්ගෙන් සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව අදාල සාක්ෂි සටහන් කර ගැනීමට තීරණය කළ බව ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.
මීට අමතරව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු ලබන ජුලි මස අවසන්වීමට පෙර අවසන් කිරිම සම්බන්ධයෙන් ද ඊයේ පැවැති සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.
ඉදිරියේදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම සඳහා කැඳවන සාක්ෂිකරුවන්ගේ ලේඛනයක් ද සකස් කර ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් අද දිනයේ මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිත අතර සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ අබ්දුල් රාසික් ද ඒ අතර වන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS