පා සල් සිසුන්ගේ රක්ෂණ කොන්ත්රාත්තුව (සුරක්ෂා රක්ෂණය) භාර දුන් සමාගම (Allianz) විදේශ රක්ෂණ සමාගමක් බවට තමා දැන නොසිටි බව අධ්‍යාපන අමාත්‍යංශය...
පාසල් සිසුන්ගේ රක්ෂණ කොන්ත්රාත්තුව (සුරක්ෂා රක්ෂණය) භාර දුන් සමාගම (Allianz) විදේශ රක්ෂණ සමාගමක් බවට තමා දැන නොසිටි බව අධ්‍යාපන අමාත්‍යංශයේ පෝෂණ අධ්‍යක්ෂ රේණුකා පීරිස් මහත්මිය යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ දූෂණ අක්රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් කියා සිටියාය.
අවුරුදු 5 - 18 පාසල් ළමුන් ලක්ෂ 45 ක් රක්ෂණය කිරීම සඳහා පැවති ටෙන්ඩර් කමිටුවේ ඇය සභාපතිනිය ලෙස කටයුතු කර ඇති අතර එහිදී දේශීය රක්ෂණ සමාගම් සඳහා වැඩිපුර ලකුණු 10 ක් ලබා දෙන ලෙසට ද උපදෙස් ලැබී තිබූ බව පැවසේ.
මෙහිදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලකුණු 64 ක් හිමිවී ඇති අතර විදේශ සමාගමක් වන අලියාන්ස් (Allianz) සමාගමට ලකුණු 94 ක් ලබා දී තිබේ.
එහෙත් අලියාන්ස් (Allianz) සමාගම විදේශ සමාගමක් බව තමන් දැන නොසිටි බව ඇය පවසා ඇත. ඒ අනුව දේශීය රක්ෂණ සමාගම්වලට වැඩිපුර ලබාදෙන්නැයි කියූ ලකුණු 10 ද අලියාන්ස් (Allianz) සමාගමට හිමිව ඇති බව පැවසේ.
එහිදී කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු කොමසාරිස්වරුන් පවසා අත්තේ වසරකට ළමයින්ට සිදුවන අනතුරු සඳහා රුපියල් මිලියන 500 ක් පමණ ගෙවීමට සිදුවිය හැකි නමුත්, ඉතිරි මිලියන 2,300ක මුදල සම්බන්ධයෙන් ගැටලු ඇති බවත්ය.
Allianz ටෙන්ඩරය දුන්නේ චක්‍රලේඛ උල්ලංඝනය කරලා
කෙසේවුවද, මේ රක්ෂණ කොන්ත්‍රාත්තුව විදෙස් සමාගමකට දී ඇත්තේ රාජ්‍ය මුදල් පිළිබඳ අංක 04/2015 දරන චක්‍රලේඛය උල්ලංඝනය කරමින් බව පැවසේ.
එම රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව රජයේ ආයතනවල රක්ෂණ කටයුතු සඳහා මිල ගණන් කැඳවිය යුත්තේ රජය සතු රක්ෂණ ආයතන වෙතින් පමණක් බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය එය නොතකමින් සුරක්ෂා සිසු රක්ෂණ සඳහා පෞද්ගලික ආයතනවලින්ද මිල ගණන් කැඳවා ඇති බවද වාර්තා වේ.
රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව කටයුතු කිරීමේදී රාජ්‍ය නිලධාරීන් අල්ලස් හෝ වෙනත් අපචාරවල යෙදීම නතර වන බවත්, මෙම රක්ෂණ පුද්ගලික ආයතනයකට ලබාදීම තුළ එම විනිවිදභාවය අහෝසිවීම ද විශේෂ සිද්ධියකි.
මෙම තීරණය තුළින් රාජ්‍ය බදු මුදල් විදේශයකට යෑම අනිවාර්ය බවත් රුපියල ඉතා අඩු අගයක පවතින මෙම අවස්ථාවේ එය ඉතා හානිදායක තත්ත්වයක් බව ආර්ථික විශේෂඥ මතය වේ.

COMMENTS