කො රෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉරණතිවු ප්‍රදේශයේ දූපතක් තෝරාගෙන තිබේ. අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබි...
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉරණතිවු ප්‍රදේශයේ දූපතක් තෝරාගෙන තිබේ.
සෞඛ්‍යය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව විසින් මෙම ප්‍රදේශය කොරෝනා මෘතදේහ භූමදානය සඳහා තෝරා ගෙන ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
කුඩා භූමි ප‍්‍රදේශයක් සහිත දූපතක් වන ඉරණතිවු ජනතාව බොන්නෙ ළිං ජලය බවත් කොළඹ ජනතාව බොන්නේ නල ජලය බවත් එවන් තත්ත්වයකදී කොරෝනා වෘත දේහ එම දූපතේ භූමදානය කිරීම සාධාරණ දැයි මාධ්‍යවේදියෙකු ඇමතිවරයාගෙන් විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවේ අවධානය යොමු කරවන බවයි.

COMMENTS