ම ත්ද‍්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් එල්ලුම්ගහ නියම කර සිරගෙදර සිටින රදවා සිටින සිරකරුවන් දහතුන් දෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්...
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් එල්ලුම්ගහ නියම කර සිරගෙදර සිටින රදවා සිටින සිරකරුවන් දහතුන් දෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වී ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනාධිපතිවරයා විසින් ගෙන ඇති මෙම තීරණය වහාම නැවැත්විය යුතු බවයි.
ජුනි මස 21 වැනිදා සිට ජූලි 01දා දක්වා ප්‍රකාශයට පත් කර ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුලදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් ඇතැයි දැනගන්නට ලැබුණු බවද එම සංවිධානය කියයි.
මෙවර මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් 1976 වසරෙන් පසුව ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන මුල්ම අවස්ථාව බවද සංවිධානය පෙන්වා දෙයි.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ වලින් ශ්‍රී ලංකාව මුදාගත නොහැකි බවද ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපය බාර අධ්‍යක්ෂවරයා ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්ය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයි මීට පෙරද ක්‍ෂමා සංවිධානය විසින් ජනාධිපතිවරයාගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කර තිබිණි.

COMMENTS