දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතග මයම ගල කතවට අසගර පරශවයන සර පළතරක!
Homeප්‍රවෘත්ති

ජනපතග මයම ගල කතවට අසගර පරශවයන සර පළතරක!

PropellerAds

උතුරු නැඟෙනහිර හඳුනා ගත් ඇතැම් පුරාවිද්‍යා භූමිවල මායිම් සලකුණු කරන මායිම් ගල් ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග දී ඇත්නම් එය බරපතළ තත්ත්වයක්...

Free Wi-Fi දෙන්න බැරිවුණේ පාස්කු බෝම්බ ප‍්‍රහාරය නිසා - අගමැති
චන්ද‍්‍රිකා පිල වියරු වැටේ.. ශ‍්‍රිලනිප සහාය සජිත්ට දෙන්න කොළඹ සමුළුවක් කැදවයි..
මං ජනාධිපති වුණාම ඇමතිවරු මහ පාරට බැස දුක් විදිමින් කොටං ඇදිය යුතුයි - සජිත්
උතුරු නැඟෙනහිර හඳුනා ගත් ඇතැම් පුරාවිද්‍යා භූමිවල මායිම් සලකුණු කරන මායිම් ගල් ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග දී ඇත්නම් එය බරපතළ තත්ත්වයක් වශයෙන් දකින බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසූවා.

උතුරු සහ නැඟෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම හා සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබඳ ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධාන එකමුතුව විසින් පත්කරන ලද විද්වත් මණ්ඩල වාර්තාව අස්ගිරි මහ නාහිමි වරකාගොඩ ශ්‍රී  ඥානරතන නාහිමි වෙත එම සංවිධාන එකමුතුව විසින් ඊයේ (29) භාරදුන් අවස්ථාවේ උන්වහන්සේ ඉහත අදහස් පළ කළා.                                                                    

“උතුර නැඟෙනහිර පුරාවිද්‍යා ඉඩම් සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුව පිළිබඳව අපි යම් යම් අවස්ථාවල මහා සංඝරත්නය වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට මෙන්ම විරෝධය පළ කිරීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපතිවරයා දමිළ මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීමට අනුව මේ රටේ බෞද්ධ උරුමයන් එහාට මෙහාට කරන්න යනව‍ෙදා් කියන සැකය මහා සංඝරත්නය වශයෙන් අපිට තියෙනවා. පුරාවිද්‍යා ඉඩම්වල මායිම් ගල් ගලවනවද එහෙම නැත්නම් මම ගලවන්නද කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය වශයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප බලාපොරොත්තු වෙනවා” යනුවෙන්ද උන්වහන්සේ පැවසූවා.

මෙහිදී නාහිමිවරුන් හමුවේ අදහස් පළ කළ නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මේ වන විට හඳුනාගෙන ඇති උතුරු හා නැඟෙනහිර පළාත් පුරාවිද්‍යා වටිනාකමින් යුත් බෞද්ධ සිද්ධස්ථාන 1700ක් පමණ විනාශ මුඛයට පත්වෙමින් පවතින බවත් එම ක්‍රියාවලිය සංවිධානාත්මක පුද්ගලයන්ගේ මැදිහත්වීම මත ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බව පැහැදිලිවම දක්නට ලැබෙන බවද  සඳහන් කළා.                                                             

පුරාවිද්‍යා පනතට අනුකූලව උතුරු සහ නැඟෙනහිර පළාත්වල සිදුකෙරෙන පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයන් ප්‍රචණ්ඩ විරෝධතා පවත්වන හා මෙහෙයවන තත්ත්වයක් ඇති බවත් එම බලපෑම්වලට යටත් වීම නිසා හෝ එසේ නොමැති තත්ත්වයකදී පවා නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මැළිකමක් දැක්වීමේ තත්ත්වයන්ද බරපතළ වෙමින් පවතින බවත් සාමය කඩවීම වැළැක්වීමේ මුවාවෙන් අධිකරණය පවා නොමඟ යවමින් සංරක්ෂණ කටයුතු අත්හිටුවීමට යම් යම් පාර්ශ්ව සමත් වීම තුළ ඓතිහාසික ව්‍යුහයන් නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි ආකාරයට විනාශ මුඛයට පත්වීමේ බරපතළ අනතුරක් පැන නැඟී ඇති බවද මෙම අවස්ථාවට සහභාගී වූ සංවිධාන නියෝජිතයෝ නාහිමිවරු හමුවේ පැවැසූවා.                                       


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතග මයම ගල කතවට අසගර පරශවයන සර පළතරක!
ජනපතග මයම ගල කතවට අසගර පරශවයන සර පළතරක!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOj_KSnofyDv-T_wM3aHq4cNPKGeqJsu0C58Un1U1NOo-h8Zv6_CZ7UySRBKq-EjFbSDFtMzTBXcSkpjh-12GhKL019lc2npsARickK9v8TnERtbTMBtzu7819C6AGqAM26Ylzr2uYZ7ZgwyuyORPCTJoHpggqWJJB59H_xD-onbM4STnsoNJZUPyV/s320/Ven-Sri-Dammadassi-Thero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjOj_KSnofyDv-T_wM3aHq4cNPKGeqJsu0C58Un1U1NOo-h8Zv6_CZ7UySRBKq-EjFbSDFtMzTBXcSkpjh-12GhKL019lc2npsARickK9v8TnERtbTMBtzu7819C6AGqAM26Ylzr2uYZ7ZgwyuyORPCTJoHpggqWJJB59H_xD-onbM4STnsoNJZUPyV/s72-c/Ven-Sri-Dammadassi-Thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_33.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_33.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy