රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට විරුද්ධව එල්ල වී ඇති විශ්වාසභංග යෝජනාවේ දී තමන් ඊට පක්ෂව ඡන්දය ලබා දෙන බව නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි. ඒ සඳහ...
ඒ සඳහා වන තේරීම් කමිටුවක් මගින් කුමන පරීක්ෂණය සිදු කළද තම මතයේ වෙනසක් සිදු නොවන බවද ඔහු ජනහමුවක් අමතමින් කියා සිටියේය.
අන්තවාදයට උදව් කළේ යැයි එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තුරු හෝ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි තමන් ඇමති බදියුදීන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.
එසේ ඉල්ලා අස් නොවුනොත් තමන් විශ්වාසභංගයට පක්ශව ඡන්දය දෙන බව ද ඇමති බදියුදීන්ට පැවසූ බවද නිරෝෂන් පෙරේරා මහතා කියා සිටියේය.
COMMENTS