දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරට අන්තවාදීන් සමග සම්බන්ධකම් පැවැත්වූ ලාංකිකයෙක් මියන්මාරයේදී අත්අඩංගුවට - (video)
Homeප්‍රවෘත්ති

මෙරට අන්තවාදීන් සමග සම්බන්ධකම් පැවැත්වූ ලාංකිකයෙක් මියන්මාරයේදී අත්අඩංගුවට - (video)

PropellerAds

ඉ කුත් අප්‍රේල් මස 21 වෙනිදා මෙරට සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව කියන 39 හැ...

කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයක පිපීරීමක්
මහ බැංකු වංචාවක් සිදු වූ බව සජිත් පිළිගත් බව මහින්ද කියයි
වසර දෙකකට තුර්කි නැවෙන් 400MW විදුලිය මිලදී ගන්න ගිවිසුමක්.. විදුලිය නොගත්තත් ගෙවන්න වෙයි..
කුත් අප්‍රේල් මස 21 වෙනිදා මෙරට සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව කියන 39 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් නම් අයෙක් බව සදහන්.

2018 වසරේ ජනවාරි මාසයේදී මියන්මාරයට සංචාරක විසා මත පැමිණ ඇති මෙම සැකකරු යලි එරටින් පිටව නොගොස් ඇති අතර ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් නීතිවිරෝධී අයුරින් එරට රැදී සිට ඇති බවයි මියන්මාර පොලිසිය සදහන් කරන්නේ. දැඩි විමසිල්ලෙන් සිටිය යුතු පුද්ගලයින්ගේ ලැයිස්තුවට මෙම ශ්‍රී ලාංකික සැකකරුගේ නමද ඇතුලත් කර ඇති බවයි මියන්මාර විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කර ඇති මියන්මාර පොලිසිය අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් නම් පුද්ගලයා රැදී ඇත්නම් ඒ පිලිබදව දැනුම් දෙන ලෙස එරට සංචාරක කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර තිබෙන සියළුම කිසියම් හෝටලයක හෝ ලැඟුම්හල් වෙත ඉකුත්දා දැනුම් දී තිබෙනවා.

පසුව මෙම සැකකරු මියන්මාරයේ යැන්ගුන් ප්‍රාන්තයේ පිහිටි ආගමන විගමන කාර්යාලයට පැමිණ සිය විසා බලපත්‍රය අළුත් කර ගැනීමට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුව වැඩි දුර විමර්ශනය සදහා එරට පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයට භාරදී ඇති බවත් මෙරට සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් සමග මොහුගේ සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට සැකකරන බවයි මියන්මාර බලධාරීන් සදහන් කරන්නේ.

මියන්මාරය එරට තුල ඉස්ලාමිය අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන අතර ඇතැම් රෝහින්ගයා මුස්ලිම්වරුන් IS සංවිධානයේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන බවටද පසුගියදා තොරතුරු වාර්තා වුවා. මැලේසියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටියදී මිට සති දෙකකට ඉහතදී අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සිව්දෙනා අතර මියන්මාරයේ රෝහින්ගයා මුස්ලිම්වරයෙක්ද ඇතුලත් බව මැලේසියානු ආරක්ෂක අංශ දැනුම් දී සිටියා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරට අන්තවාදීන් සමග සම්බන්ධකම් පැවැත්වූ ලාංකිකයෙක් මියන්මාරයේදී අත්අඩංගුවට - (video)
මෙරට අන්තවාදීන් සමග සම්බන්ධකම් පැවැත්වූ ලාංකිකයෙක් මියන්මාරයේදී අත්අඩංගුවට - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrjTbgcN0yKgckoOlmwEcylC6HGte4CR-jkBsGNhgEyM9-Qx47iNuQTxl7kbrE0bUotNzOsk7PZKipmxA7Kl72fdkSz17Ucruk8AhQVPAWzDxEkaE-gnMzeni0kRPZaEfTXxky_4Z7Ym7a/s320/5d92dac423f9ee1c1cc09d65702b5f77f042ce1f.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrjTbgcN0yKgckoOlmwEcylC6HGte4CR-jkBsGNhgEyM9-Qx47iNuQTxl7kbrE0bUotNzOsk7PZKipmxA7Kl72fdkSz17Ucruk8AhQVPAWzDxEkaE-gnMzeni0kRPZaEfTXxky_4Z7Ym7a/s72-c/5d92dac423f9ee1c1cc09d65702b5f77f042ce1f.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/video_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/video_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy