මෙ ගාවොට් 400ක විදුලි බලය ප්‍රමාණයක් තුර්කි සමාගමකින් වසර දෙකක කාලයකට ලබාගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය ඉල්ලා තිබේ...
මෙගාවොට් 400ක විදුලි බලය ප්‍රමාණයක් තුර්කි සමාගමකින් වසර දෙකක කාලයකට ලබාගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය ඉල්ලා තිබේ.
ඇමැති රවි කරුණානායක මහතා විසින් දැනටමත් ඒ සඳහා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර 23 දා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී මෙය සාකච්ඡාවට ගැනීමට නියමිතය.
මෙමගින් යෝජනා කර ඇත්තේ මෙගාවොට් 400ක විදුලිය ඔක්තෝබර් මාසයේ සිට වසර දෙකක කාලයක් මිලදී ගැනීමටයි.
මෙම පාවෙන බලාගාරය මගින් ඉන්ධන විදුලිය සඳහා ඒකකයක් රුපියල් 25 බැගින් ද ගෑස් වලින් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 20 බැගින් ද මිලදී ගැනීමට යෝජිත ය.
ගිවිසුම්ගත කාලයේදී සමාගමෙන් විදුලිය මිලදී නොගත්තත් එම අවස්ථාවේදී ඒකකයට ගෙවන මුදලින් 70% ක් ගෙවීමට බැඳී සිටිය යුතු බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

COMMENTS