දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු දා ප්‍රහාරයට අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවරයා ත්‍රස්තයින්ගේ තොරතුරු රැසක් වමාරයි - (photos)
Homeප්‍රවෘත්ති

පාස්කු දා ප්‍රහාරයට අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවරයා ත්‍රස්තයින්ගේ තොරතුරු රැසක් වමාරයි - (photos)

PropellerAds

ප සුගිය අප්‍රේල් 21 වන පාස්කුදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයේ තොරතුරු රුසක්, ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  පෞද්ගලික සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

රන්ජන්ගේ සිරකුටිය ළඟ තිබුණේ ලක්ෂ 5ක් ගෙවලා ගත්ත දුරකථනයක් !
රිමාන්ඩ් කලොත් අසාද් සාලි රෝහල්ගත වෙන්න සියල්ල සූදානම් කරයි
“මගේ ආදරයේ උල්පත සිඳී ගියා.." - ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චිගේ ආදරණිය මව අභාවප්‍රාප්ත වෙයි
සුගිය අප්‍රේල් 21 වන පාස්කුදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයේ තොරතුරු රුසක්, ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  පෞද්ගලික සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන අක්‍රම් අහක්කම් නමැත්තා පොලීසියට හෙළිකර තිබෙනවා. දෙහිවල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු පසුගිය 27දා අත්අඩංගුවට ගැණුනා.


අක්‍රම් අහක්කම් අත්ඩංගුවට ගෙන ඇත්තේ, මරාගෙන මැරෙන ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයින් සමග සබඳතා පවත්වමින් රාජ්‍ය විරෝධී ක්‍රියාවල නිරත වීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා යටතේයි.

අක්‍රම්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු හෙළි කරන ලද තොරතුරු අනුව 2014 වර්ෂයේ සිට අයි.එස්. හා මෙරට සම්බන්ධතා පවත්වන පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට ඔහු කටයුතු කර තිබෙනවා.

ඒ අනුව 2015 වර්ෂයේදී කලුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ ඉස්ලාම් ආගම උගන්වනු ලබන ස්ථානයකට ඔහු ඇතුළත් වී ඇති අතර ඔහු පවසන්නේ එහිදී ඔහුට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින අහමඩ්, ආදිල් අමීස්, උමෙයිර්, ඉන්ෂාෆ්, සෂ්න මොහොමඩ් යන පුද්ගලයින් හමුවූ බවයි.

මෙම ස්ථානයට පැමිණි ඉමාඩ් නමැති පුද්ගලයා අයි.එස්. සමග එක්වීමට තුර්කිය බලා ගොස් ඇති අතර 2015 වර්ෂයේ මැද භාගයේදී නැවත මෙරටට පැමිණ තිබෙනවා.

අනතුරුව ඔහු දේශන මාලාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඊට දෙහිවල බෝම්බකරු වූ ජමිල් සහ ෂැන්ග්‍රිලා හෝටලයේ එක් බෝම්බකරුවෙකු වන ඉල්හාම් ඊබ්‍රහීම් සහභාගි වී ඇති අතර මෙම දේශන එකිනෙකාගේ නිවෙස්වල පවත්වා ගෙන ගිය බව අක්‍රම් හෙළි කර තිබෙනවා.

පසුව මෙලෙස කොළඹ ආශ්‍රිතව එකතු වූ පිරිස සමාජ මධ්‍ය ඔස්සේ හඳුනා ගත් කල්මුණේ පදිංචි හුස්නි මුබාරක්ගේ විවාහ මංගල්‍යට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔවුන් මොහොමඩ් සහරාන් හමුව ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ඔහු පවත්වාගෙන ගිය ජාතික තවුහිත් ජමාත් කාර්යාලයේදීයි.

ඒ අනුව සහරාන් හා ඔහුගේ සොහොයුරා වූ සෙයිනි ඇතුළු පිරිසකුත් සමග කොළඹ ඒකරාශී වූ පිරිස අන්තවාදී කණ්ඩායමක් පිහිටුවා එහි නායකත්වය උමෙයිර් ලෙසින් හඳුන්වන පුද්ගලයෙකුට ලබා දී තිබෙනවා.

2016 වර්ෂයේ අවසාන කාලයේ මල්වාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක දේශන ශාලාවක් වෙන් කර ගත් මෙම පිරිස එහිදී දිවුරුම් දීමක් සිදු කර තිබෙනවා.

එම වර්ෂයේදී ඉල්හාම් ඊබ්‍රහීම්ගේ තඹ කර්මාන්ත ශාලාව ගංවතුරට හසු වීමෙන් වන්දි ලෙස ලැබුණු කෝටි 5ක මුදලක් ඔහු සහරාන්ට ලබා දී ඇති බවත් මෙම සැකකරු පවසනවා.

පසුව මහනුවර, අරුප්පොළ ප්‍රදේශයේ නිවසකට එක්රැස් වූ පිරිස පන්සල්වල බුදු පිළිම කැඩිය යුතු බවටත් එවන් අවස්ථාවේදී යුදමය තත්ත්වයක් ඇති වුවහොත් මාරාගෙන මැරීමටත් සූදානම් විය යුතු බවටත් එහිදී සාකච්ඡා කළ බව ද අක්‍රම් පවසා තිබෙනවා.

පසුව පුහුණු වැඩමුළු කිහිපයක් පැවැත්වූ බව ප්‍රකාශ කරන සැකකරු පවසන්නේ, ඒවා අවසානයේ සහරාන් විසින් මරාගෙන මැරෙන කණ්ඩායමට සම්බන්ධ වීමට කැමති පිරිස පිළිබඳව විමසා ඇති බවයි.

එහිදී දෙහිවල බෝම්බකරුවූ ජමීල් සහ කොච්චිකඩේ බෝම්බකරු වූ මුආත් ඉදිරිපත් වූ බවත් සහරාන් සමග පැමිණි 5 දෙනෙකු ද ඒ සමග ඉදිරිපත් වූ බවත් අක්‍රම් පවසනවා.

2019 වර්ෂයේ පෙබරවාරි මාසයේදී තමා සේවය කරන පෞද්ගලික ආයතනයට පැමිණි දෙහිවල සහ කොච්චිකඩේ බෝම්බකරුවන් තමන් හමුවූ බව ද අක්‍රම් අහක්කම් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිදරව් කර තිබෙනවා.

මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මෙම සැකකරු සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රහාරය හෙළා දකිමින් විවිධ ප්‍රකාශ සිදු කර ඇති අතර ඔහු අබු කලීඩ් යන නාමයෙන් විවිධ සමාජ මාධ්‍ය ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති අයුරු ද දැක ගත හැකියි.

පහතින් දැක්වෙන්නේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මෙම සැකකරු සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රහාරය හෙළා දකිමින් විවිධ ප්‍රකාශ හුවමාරු කරගෙන ඇති ආකාරයයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු දා ප්‍රහාරයට අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවරයා ත්‍රස්තයින්ගේ තොරතුරු රැසක් වමාරයි - (photos)
පාස්කු දා ප්‍රහාරයට අත්අඩංගුවට ගත් මෘදුකාංග ඉංජිනේරුවරයා ත්‍රස්තයින්ගේ තොරතුරු රැසක් වමාරයි - (photos)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirNNrMkbWw29arKstYK4xFdppXmrIzqDOfcelYZ7P5zi4l2D57Abhu34jmXZgkOcHDJHaOTkAQ-cB3UB7DtZ0rligFLg0Rj9IF7OneFhN3Rr1jQZw-0xYyNvcxObriJnDAY23KIe8DUavu/s320/472756318dd70ca6a69e1492937fceaa26a37301.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirNNrMkbWw29arKstYK4xFdppXmrIzqDOfcelYZ7P5zi4l2D57Abhu34jmXZgkOcHDJHaOTkAQ-cB3UB7DtZ0rligFLg0Rj9IF7OneFhN3Rr1jQZw-0xYyNvcxObriJnDAY23KIe8DUavu/s72-c/472756318dd70ca6a69e1492937fceaa26a37301.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/photos_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/photos_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy