දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සුළු සේවකයකු ලෙස සැඟව සිටි NTJ ප්‍රධානියකු අල්ලයි !
Homeප්‍රවෘත්ති

සුළු සේවකයකු ලෙස සැඟව සිටි NTJ ප්‍රධානියකු අල්ලයි !

PropellerAds

ශ්‍රි ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ උකුවෙල ශාඛාවේ සභාපති, මාතලේ රෝහලේ කනිෂ්ඪ සේවකයෙකු ලෙස සේවය කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

ආශුගේ සහකාරිය බොරු කියනවා විය හැකියි... අපි සැකයෙන් බලමු - මහින්ද පතිරණ
කෙහෙළිය හදිසියේ ඉන්දියාවට ගියේ ඇයි? චෙන්නායිවල ඉන්න තරු පහේ කාමරේට විතරක් ලක්ෂ හතරහමාරක් ගෙවලා! පෙරටුගාමී පුබුදු ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් කරයි (VIDEO)
ආශු මාරසිංහගේ බලු කේස් එක දුරදිග යයි! ආශුත් එක්ක එක ගෙදර සිටි බිරිය මාධ්‍ය හමුවට ඇවිත් සියල්ල හෙළිකරයි! බල්ලාත් එක්ක ලිංගිකව හැසිරෙන විදිහ වීඩියෝ කරපු හැටිත් කියයි! (සංවේදී වීඩියෝ සහිතයි)
ශ්‍රි ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ උකුවෙල ශාඛාවේ සභාපති, මාතලේ රෝහලේ කනිෂ්ඪ සේවකයෙකු ලෙස සේවය කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ලග තිබී සීඩී තැටි 48ක්, ජංගම දුරකථනයක් හා ක්‍රිස්ත්‍රියානි ආගම පිලිබද සගරා කිහිපයක්ද සොයාගෙන ඇති අතර එහි තිබුණු සීඩී තැටිවල අල් කුරාන් නමින් සදහන්වී තිබූ බවද වාර්තා වේ.


මෙම භාණ්ඩ ඹහුගේ නිල කාමරයේ තිබියදී සොයාගෙන ඇති අතර අදාළ සැකකරු මාතලේ උකුවෙල වරකාමුර ප්‍රදේශයේ අයෙකු බවයි පොලිසිය පවසන්නේ. සැකකරු පිලිබද මාතලේ මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.

මේ අතර, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පසුගිය 15 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයා අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඔහු සන්තකයේ තිබී ගිණිඅවියක්ද අත්අඩංගුවට ගෙන ඇත. එම ගිනිඅවිය ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක් හඳුනා නොගත් වර්ගයක පිස්තෝලයකි.

එහි උණ්ඩ තොගයක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම්.ඉසෙඩ්.එම්. රිස්වාන් නැමති මොහු පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයාද වේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී වත්තල – මාබෝල නගර සභාවට මාබෝල කොට්ඨාසයෙන් ඉදිරිපත්වූ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා වන්නේද මෙම රිස්වාන් නැමත්තාය.

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවෙසක සහ ඒ අසල පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක හිමිකරුවකු බවත් ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් නිවාස දෙකේම ඉහළ මහල්වල පිහිනුම් තටාක තිබෙන බවත් පොලිසිය කියයි.

මොහු සතුව මොහුගේ ඡායාරූපයට නම් දෙකකින් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තිබී හමුවී ඇති අතර එම විදෙස් ගමන් බලපත්‍ර දෙක වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිසිය සිය බාරයට ගෙන ඇත. මෙම විදෙස් ගමන් බලපත්‍ර දෙක උපයෝගී කරගනිමින් සැකකරු ඩුබායි ඇතුළු විදෙස් රටවල් ගණනාවකට ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මොහු කාලයක සිට දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි. මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ සිටි කාලයේ සැකකරු එම රටට ගිය අවස්ථාවල ඔවුන්ගේ නිවාසවල නවාතැන්ගෙන සිටි ඇති බවද මේ වනවිට පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.

2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වනවිට නැව් භාණ්ඩ ප්‍රවාහන ආයතනයක (කාගෝ) හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සුළු සේවකයකු ලෙස සැඟව සිටි NTJ ප්‍රධානියකු අල්ලයි !
සුළු සේවකයකු ලෙස සැඟව සිටි NTJ ප්‍රධානියකු අල්ලයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjb-lNUk-p5M-XmXegSA54Sb5JIWFxqB6H21n8207Hg0JsEW99P3IzmgfQJzTnm6rZvsQlLBTHAr3U1zs3zz6v8WuXG1I777227Hja_1WQeZ6F7Q-OVcMS77Vdajmy6C8avDP1YSl0lD1_w/s320/de5f837abcbd31354d614a6e7f41abef_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjb-lNUk-p5M-XmXegSA54Sb5JIWFxqB6H21n8207Hg0JsEW99P3IzmgfQJzTnm6rZvsQlLBTHAr3U1zs3zz6v8WuXG1I777227Hja_1WQeZ6F7Q-OVcMS77Vdajmy6C8avDP1YSl0lD1_w/s72-c/de5f837abcbd31354d614a6e7f41abef_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/ntj_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/ntj_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy