ග ම්පහ - මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක, මධුමා...
ගම්පහ - මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක, මධුමාධව අරවින්ද ඇතුළු පිරිසක් ගමන් කළ බවට සැක කෙරෙන මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ මෙම ජීප් රථය කිරිල්ලවල - වෑබඩ ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී සොයාගෙන ඇති බවයි.
එම රථය අදාළ නිවසේ හිමිකරුගේ බවට මේ වන විට අනාවරණ වී ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.
මිනුවන්ගොඩ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මධුමාධව අරවින්දට 4 වන දිනටත් මිනුවන්ගොඩ පොලීසියට පැමිණෙන ලෙස ඊයේ දැනුම් දී තිබූ නමුත් ඔහු පැමිණ තිබුණේ නැහැ.
පසුගිය බ්‍රහස්පතින්දා මධුමාධව අරවින්ද පොලීසියට පැමිණි අතර එහිදී තමන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලීසිය කටයුතු නොකළ බවයි ඔහු සදහන් කළේ.
අනතුරුව පසුගිය ඉරිදා සහ සඳුදා දිනයේදී පොලීසියට පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණත් එම අවස්ථා දෙකේදී ද ඔහු නොපැමිණි අතර, ඉන් අනතුරුවයි ඊයේ පෙරවරු 10ට පොලීසියට පැමිණෙන ලෙස යළි සිහි කැදවීමක් කර තිබුණේ.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ පසුගිය 13 වන දා රාත්‍රියේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද එම ප්‍රදේශයේ රැදී සිට ඇති බවට කරුණු අනාවරණ වී තිබෙනවා.
ඒ, ඔහුගේ ජංගම දුරකථන වාර්තා සහ ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදීයි.
එමෙන්ම, ඔහු සමඟ එදින ප්‍රදේශයට පැමිණි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ද මේ වන විට අතුරුදන්ව සිටින බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු කියා සිටියේ.
එම ව්‍යාපාරිකයින් කඩවත සහ රාගම පොලිස් බල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
මේ අතර, පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් වාරණ නියෝගයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව එම පක්ෂය පවසනවා.
එහි ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක කියා සිටියේ අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකරන බවයි.

COMMENTS