ISIS තලේබාන් අල්කයිඩා ආදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානය විසින් අඩපණ කරන ලද සෑම රටකම ඇමරිකානු තානාපතිවරිය ලෙස වර්තමානයේ මෙරට සිටින අමෙරිකානු ත...
වත්මන් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනිය සිරියාව ලිබියාව ඇෆ්ගනිස්ථානය යන රටවල ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
අද රට තුළ ඇති වී තිබෙන හදිසි තත්ත්වයට ජාත්‍යන්තර සහාය ලබා දෙන බව පවසමින් රට තුළට ඒමට සැරසෙන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
ශ්‍රී ලංකාව ද තවත් සිරියාවක් ලිබියාවක් බවට පත් කිරීමට ඔවුන්ට වුවමනා වී ඇති බවත් සිදු වූ සියල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුවත් භාවය මත සිදු වූ ඒවා බවත් පැවසූ මන්ත්‍රීවරයා පසුගිය කාලය පුරාම බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදා අඩපන කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවටත් චෝදනා කළේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

COMMENTS