දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලනය සහ රාජ්‍ය සේවය
Homeප්‍රවෘත්ති

දේශපාලනය සහ රාජ්‍ය සේවය

PropellerAds

  මේ වසර මුලදී නිකුත් කෙරුණු, ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ඇස්මේන්තුවලට අනුව, 2006-2016 කාලය තුළ ලංකාවේ රාජ්‍ය සහ රාජ්‍ය ව්‍...

"සාර්ථක අයවැය හමුවේ විපක්ෂය නිහඬව විසිර ගියා" - මංගල
ඩයස්පෝරාවේ සැලැස්මක් ගැන මහින්දගෙන් හෙළිදරව්වක්
"පොලිසිය කියන හැම දේම ඇත්ත නෙවෙයි" - ලාල්කාන්ත
දේශපාලනය සහ රාජ්‍ය සේවය

 

මේ වසර මුලදී නිකුත් කෙරුණු, ජන සංගණන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ඇස්මේන්තුවලට අනුව, 2006-2016 කාලය තුළ ලංකාවේ රාජ්‍ය සහ රාජ්‍ය ව්‍යවසායික අංශයේ, එනම් මධ්‍යම ආණ්ඩුවේ, පළාත් සභාවල, සංස්ථා තුළ සහ රාජ්‍ය ව්‍යවසායන් තුළ ශ්‍රම බලකාය සියයට 30 කින් ඉහළ ගොස් තිබේ. එනම්, මිලියන 1.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඒ, රටේ ත්‍රිවිධ හමුදා ශ්‍රම බලකායෙන් පිටස්තරව ය. මෙයින් පෙන්නුම් කරන්නේ, රාජ්‍ය අංශය අනවශ්‍ය තරමට ප්‍රසාරණය වී ඇති බව පමණක් නොව, කරන ලද පත්වීම් බොහෝ කොට ප්‍රයෝජනවත් නොවන ආකාරයෙන් සිදු කොට ඇති බවයි.

මේ වාර්තාව දක්වන පරිදි, ඉහත කී සංඛ්‍යා ලේඛනවලට හමුදා අංශවල සේවා නියුක්තිය ඇතුළත්ව නැතත්, ආරක්ෂක අමාත්‍යාංශ සේවකයන් ඇතුළත් වන්නේය. 2015 මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කෙරුණු සංඛ්‍යා ලේඛනවලට අනුව, හමුදාවේ විවිධ අංශවලට අයත් සේවක සංඛ්‍යාව 270,000 ක් වන අතර පොලිස් සේවාව 84,000 කින් සමන්විත වෙයි. මේ සංඛ්‍යාවන් මේ දක්වා බරපතල ආකාරයේ වෙනසකට බඳුන්ව නැතැයි පිළිගත්තොත්, වර්තමාන සමස්ත රාජ්‍ය සේවය 1,474,000 කින් සමන්විත වෙයි. මේ ප්‍රමාණය 2015 මුදල් අමාත්‍යාංශ වාර්තාව අනුව 1,316,863 ක් ද, 2015 මහ බැංකු වාර්තාව අනුව 1,365,820 ක් ද වී තිබීමෙන් පෙනී යන්නේ, මේ ප්‍රශ්නය වර්තමාන රජය යටතේ ද වෙනස් වී නැති බවයි.

මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙන පරිදි, 2005-2015 කාලය අතරතුර ඊනියා ‘සංවර්ධන නිලධාරීන්’ 88,000 ක් රාජ්‍ය සේවයට බඳවාගෙන තිබේ. එහෙත් මේ කාලය තුළ වෛද්‍ය නිලධාරීන් බඳවාගෙන ඇත්තේ 11,000 ක් පමණි. හෙදියන් 33,000 ක් පමණි. වින්නඹුවන් 3579 ක් පමණි.

රාජ්‍ය සේවය තුළ දක්නට ඇති ප්‍රධාන ගැටළුව වන්නේ මේ බඳවා ගැනීම් දේශපාලනික හේතු පෙරදැරිව සිදුවීමයි. මෙය විශාල මූල්‍ය බරක් රාජ්‍යය වෙත පැටවීමකි. වැඩියත්ම, සෑම වසරකම 30,000 ක සේවක පිරිසක් විශ්‍රාම යන හෙයින් එකී බර තවත් උග්‍ර වන්නේය. මුදල් අමාත්‍යාංශ දත්ත පෙන්නුම් කරන පරිදි, 2006 දී 430,153 ක් වූ රටේ විශ්‍රාමික සංඛ්‍යාව, 2015 වන විට 564,472 ක් දක්වා වැඩි වී තිබුණි. ඒ ප්‍රමාණය, වැඩ කරන සේවක පිරිස මත පැටවෙන අමතර බරකි.

මේ රාජ්‍ය සේවකයන්ගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නයක් ද තිබේ. ඔවුන්ගෙන් සියයට 17.8 ක් හෙවත් 196,128 ක් අපොස සාමාන්‍ය පෙළ සමත්ව නැත. බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම ඉතා උනන්දුවෙන් සේවකයන්ව රාජ්‍ය සේවයට බඳවා ගත්තත්, එවැනි බඳවා ගැනීම්වල ඇති අවශ්‍යතාවක් ගැන හෝ ඔවුන්ගේ ඵලදායීතාවක් ගැන හෝ සොයා බැලෙන විද්‍යාත්මක අධ්‍යයනයන් කරන්නේ නැත.

තමන් රැකියා සම්පාදනය කළ බවත්, රාජ්‍ය සේවය විශාලනය කළ බවත් ආඩම්බරයෙන් කීමට සෑම රජයක්ම පාහේ කැමැත්තක් දක්වයි. එහෙත් එය, ආර්ථිකයේ ගැටළුකාරී මූල්‍ය ව්‍යුහයකට තුඩුදෙන බව සැළකිල්ලට ගැනෙන්නේ නැත. මේ වන විට මෙකී රාජ්‍ය අංශය ආර්ථිකයට දැරිය නොහැකි මට්ටමකට පත්වෙමින් තිබේ. බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම පාහේ පෞද්ගලික අංශයේ රැකියා උත්පාදනය ඇති කෙරෙන ආකාරයේ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කැමැත්තක් හෝ හැකියාවක් නොදක්වන තත්වය තුළ, ඉතා පහසු මාර්ගය වශයෙන් ඔවුන් සළකනු ලබන්නේ රාජ්‍ය අංශය රැකියාවන්ගෙන් පිරවීමයි.

කෙසේ වෙතත්, රැකියා සම්පාදන ඒජන්සියක් වශයෙන් රාජ්‍ය අංශය භාවිත කරනු ලැබීම නිසා ඇතිව තිබෙන වර්තමාන මූල්‍යමය නොපෑහීම හේතුවෙන් මේ සම්ප්‍රදායික දැක්ම සම්බන්ධයෙන් යළි සිතා බැලිය යුතු මොහොතකට අප පැමිණ තිබේ. රාජ්‍ය අංශයේ කිසි ප්‍රති-ව්‍යුහගත කිරීමක්, ඊට සමාන්තර පෞද්ගලික අංශයේ කඩිනම් ව්‍යාප්තියක් සඳහා වන ප්‍රතිසංස්කරණ මාලාවකින් තොරව සාර්ථක කර ගත නොහේ. සීමිත ජනගහනයක් ඇති රටක් වශයෙන්, රාජ්‍ය අංශය සේවා නියුක්තික භාවයෙන් නිදහස් කිරීම, පෞද්ගලික අංශය සඳහා වන මනා රැකියා සම්පාදනයකට මග හෙලි කිරීමක් වන්නේය. ඒ අතරේම, එවැනි එළැඹුමක් මාර්ගයෙන්, රාජ්‍ය වියදම් පාලනය කර ගැනීමට සේම, රටේ මූල්‍ය ස්ථායි භාවය ශක්තිමත් කර ගැනීමටත් ඉවහල් කර ගත හැකි වන්නේය.

2017 සැප්තැම්බර් 12 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Politics & Public Service

නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

“වස විස නැති ජාතිය” සහ ඊට අයත් ග්ලයිෆොසේට් කළුකඩය - මහාචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලනය සහ රාජ්‍ය සේවය
දේශපාලනය සහ රාජ්‍ය සේවය
http://ift.tt/2h3EAQZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_320.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_320.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy